
ලංවිම ලොක්කෙකුගේ සුපිරි නිවාස 35ක සහ කිලෝ වෝල්ට් 63.5ක සූර්ය බලාගාරයක තොරතුරු එළියට
ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු සතුව අධි සුඛෝපභෝගී නිවාස 35ක් සහ කිලෝ වෝල්ට් 63.5 ධාරිතාවෙන් යුත් සූර්ය පැනල පද්ධතියක් පවතින බව වාර්තා වෙයි.
එකී අතිරේක සාමාන්‍යාධිකාරිවරයා බස්නාහිර පළාතේ එක් ප්‍රදේශයක ප්‍රධාන භූමිකාවක් ඉටුකරන අයකු බව ද කියැවේ.
ඔහුට මෙවැනි අධි සුඛෝපභෝගී නිවාස කොම්පඤ්ඤවීදිය, කුරුණෑගල සහ රත්මලාන යන ප්‍රදේශවල පවතින බව ද සඳහන්ය.
එසේම ලංකා විදුලිබල මණ්ඩලය භාවිතා කරන එක්තරා ගොඩනැඟිල්ලක අයිතිය ද ඔහු සතුවන බවත් එය තෙවන පාර්ශ්වයක් ලවා මණ්ඩලය වෙත ලබාදී ඇති බවත් පැවසෙයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ තොරතුරු කළමනාකරණ පද්ධතිය තුළ මෙම තොරතුරු ඇතුළත් අතර එහි එම අතිරේක සාමාන්‍යාධිකාරිවරයාගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංක, ගිණුම් අංක ඇතුළු සියලු තොරතුරු ඇතුළත්ය.
රාජ්‍ය සේවය තුළ ඒ සා විශාල ධනයක් උපයා ගත ඇති ආකාරය ප්‍රශ්නයක් බව විදුලිබල මණ්ඩල සේවකයෝ පවසති.
- රමින්ද මාවතගේ
Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
