News Category
From Date
To Date
Maximum Number of Result

"බොරළුගොඩ සිංහයෝ - රාජපක්ෂලා" සාධුකාර දෙද්දි ජනපති රනිල්, "රටේ ස්වෛරීභාවය ඉන්දියාවට බිල්ලට දීම" යසට කරගෙන යනවා - ජානිපෙ නායක විමල් වීරවංශ

Mar 3, 2024 at 01:40 PM
|

බලයට 'ඉව අල්ලන' සියලු දේශපාලන පක්‍ෂ 'ඉන්දියානු සරණං ගච්ඡාමි' කියන තැන සිටින බවත් ඔවුන් ඉන්දියාවේ හිත 'ඌයියා වෙයි' කියා ඉන්දියාවට එරෙහිව කටක් අරින්නේ නැති බවත් පෙන්වා දුන් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ඒ නිසා අද 'බොරළුගොඩ සිංහයෝ - රාජපක්ෂලා - පොහොට්ටුකාරයෝ' සාධුකාර දෙද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 'රටේ ස්වෛරීභාවය ඉන්දියාවට බිල්ලට දීම' යස අපූරුවට සිදුකර ගෙනයන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඊයේ(02) පාදුක්ක වේරගල දී පැවති "9න් පසුව : ශ්‍රී ලංකාවේ ඉරණම?" යන මැයෙන් පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

'මුළු රටම වළලන ප්‍රතිකර්ම'

"අපි රටක් විදියට නිදහසෙන් පසු මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදයට මුහුණ දී තිබෙනවා. මේ වගේ අර්බුද ආපුවාම හරි ප්‍රතිකර්මය කළොත් යම් රටක් හිටියාටත් වඩා හොඳින් නැගිටිනවා. නිදසුනක් විදිහට 1991 දී ඉන්දියාවත් මෙවැනි අර්බුදයකට මුහුණපා සිටියා. ඒ වෙලාවේ ඔවුන්ගේ විදේශ විනිමය සංචිතයේ පැවතියේ  පිටරටින් භාණ්ඩ ගෙනඒමට සතියකට සෑහෙන ඩොලර් ප්‍රමාණයක් විතරයි. නමුත් එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි, ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම ඒ වනවිට ඉන්දියාවේ කීර්තිමත් ආර්ථික විශේෂඥයෙකු වූ 'මන්මෝහන් සිං'ට පැවරුවා. ඉන්දියාව කෙටි කලක් තුළ ඒ අර්බුදයෙන් ගොඩආවා. ඒ නිවැරදි ගමනේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවට අද ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්වීමට හැකිව තිබෙනවා. නමුත් මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දෙන ප්‍රතිකර්ම අද වළකට වැටී ඇති රට, ඒ වළ පත්ලටම හාරා, මුළු රටම වළලන වර්ගයේ ප්‍රතිකර්ම බව ඉතා පැහැදිලියි.

'අර්බුදයේ ආසන්නතම වගඋත්තරකරුවෝ'

1977 සිටම මේ රට රැගෙන ආවේ, 'ණයට අරන් - සැපට කාලා - ජොලියේ ඉන්න' මාවතකයි. මෙහෙම ආපු ගමනක් අවසානයේ කොතැනක හෝ කඩාවැටෙනවා. 2018 තමයි මේ රටේ වෙළඳ පරතරය වැඩිම අවුරුද්ද. එවකට පැවතුණේ රනිල් - මෛත්‍රී හවුල් ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ 'අරලියගහ මන්දිරයට වෙලා හොරු අල්ලන කමිටුවේ' ජනතා විමුක්ති පෙරමුණත් හිටියා. එදා මේ වෙළඳ පරතරය පියවාගන්න රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුව මොකද කළේ? එක දවසින්, අධික පොලියට ජාත්‍යන්තර පොලී මුදලාලිලාගෙන් ඩොලර් බිලියන 12.5ක ණයක් ගත්තා. ඒ විදිහට අධික පොලියට, සහන කාල නැති, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් ඩොලර් බිලියන 12.5ක ණයක් ගැනීම තමයි මේ ආර්ථික අර්බුදයට ආසන්නතම හේතුව. 1948 සිට 2014 දක්වා ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 14.5ක්. 2018 දී එක දවසින්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් ඩොලර් බිලියන 12.5ක ණයක් ගත්තාම අපේ  විදේශ ණය වාරිකය දෙගුණ වුණා. වාර්ෂික විදේශ ණය වාරිකයේ පොලියෙන් සියයට 73ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ගෙවීමට සිදුව ඇති පොලියයි. මෙතැනින් හටගත් ආර්ථික අර්බුදය තීව්‍ර වීමට පාස්කු ප්‍රහාරය, කොවිඩ් අර්බුදය හා රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අඩුවීමත් බලපෑවා.

රනිල් හාමු හොරකම නතර කරලා ද?

ඔබට මතක ඇති මේ ආර්ථික අර්බුදය උග්‍ර වූ අවස්ථාවේ ඇතැමුන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා හිටියා, 'මුන් හොරා කනවා. උපයන ආදායම නීත්‍යනුකූල විදියට එවන්න එපා!' කියලා. නමුත් දැන් කවුරුත් එහෙම කියන්නේ නැහැ. දැන් 'රනිල් හාමු' ආවාට පස්සේ හොරා කන එක නතර වෙලා ද?

අදානි වැඩ අරඹයි!

'අද රටට වෙන්නේ මොකද?' කියා හිතන්න බැරි තරමට ජනතාව අමාරුවේ වැටිලා ඉන්නේ. ජීවිතය පවත්වා ගැනීම ඉතාමත් දුෂ්කරයි. මේ ආණ්ඩුව ඒ වාසිය තමයි ගනිමින් ඉන්නේ. අද වන විට අදානි කියන ඉන්දියානු ධන කුවේරයාට මන්නාරමින් අක්කර ගණනාවක් ලබා දී තිබෙනවා, සුනිත්‍ය විදුලි බලය නිපදවීමට. අදාළ ගිවිසුම අනුව ඔහු නිපදවන විදුලිය ඒකකයක් වසර 9ක් පුරා, මිල සංශෝධනයකින් තොරව, රුපියල් 50කට ආසන්න මුදලකට ශ්‍රී ලංකා රජය මිලදී ගත යුතුයි. නමුත් අපේ රටේ අය 'සූර්ය පැනල' මගින් නිපදවන විදුලිය ඒකකයක් විදුලි බල මණ්ඩලය මිලදී ගන්නේ රුපියල් 16කට ආසන්න ගණනකට. ඉතින් ඉදිරියේදී විදුලි බිල අඩු වෙයි ද? ඒ විතරක් ද? ජාතික ආරක්ෂාව හා තදින් බැඳුණු, ලාභ ලබන, ටෙලිකොම් සමාගම දෙන්න හදන්නේ ඉන්දියානු සමාගමකට. ඒ වගේම විදුලි බල මණ්ඩලයත් කෑලි කඩලා දෙන්න හදන්නේ ඉන්දියානු සමාගම්වලට. ඉදිරියේදී අපේ රටේ ආර්ථික මර්මස්ථාන සියල්ල ඉන්දියානු සමාගම් වළල්ලක් අතට පත්වීමට අවශ්‍ය කටයුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ආණ්ඩුව සිදුකරගෙන යනවා. ඒ අස්සේ සිදුකරන භයානකම දේ තමයි 'එට්කා ගිවිසුම' අත්සන් කිරීම.

හරීන් 'චූන්' වුණේ ඇයි?

ඉන්දියාව, දැන් අපට හරි ආදරෙයි කියලා පෙන්වමින් සිටිනවා. ඉන්දියාවේ විදේශ ඇමති සංචාරකයන්ට කියනවා, 'ඔයාලා සංචාරය සඳහා යනවා නම් ලංකාවට යන්න' කියලා. ඒකෙන්  චූන් වුණු ලංකාවේ සංචාරක ඇමති, ඉන්දියාවට ගිහින් කියනවා, 'ලංකාව ඉන්දියාවේ කොටසක්' කියා. එයාට තියෙන්නෙ ප්‍රනාන්දු වාසගමනේ. එහෙම බැලුවාම මේ රට පෘතුගාලයේ කොටසක්. තවත් මේ රටේ තිබෙන වාසගම් බැලුවාම මේ රට ඕලන්දයේත් කොටසක් කියා කිව හැකියි. 'ලංකාව ඉන්දියාවේ කොටසක්' කියා හරීන් ප්‍රනාන්දු කියන්නෙ වැරදීමකින් නොවෙයි. එයා දන්නවා ඒක තමයි ඉදිරියේදී වෙන්නේ කියා.

'අපේ ඉරණම් කතාව'

ඉහත කී ආකාරයට මේ රටේ ආර්ථික මර්මස්ථාන සියල්ලම ඉන්දියානු සමාගම් වළල්ලක් අතට ගියාම, ඉන්දියාවේ මුදල් ඒකකය ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාරික මුදල් ඒකකයක් වුණාම, දෙරටේ රේගු දෙක ඒකාබද්ධ කළාම, ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල පාලනය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට දුන්නාම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාරක් හදලා භෞතිකවත් ඒකාබද්ධ කළාම, එට්කා ගිවිසුම ගහලා ඉන්දියානුවන්ට මේ රටේ රැකියාවලට සහ වෙළඳාමට නිදහසේ එන්න ඉඩකඩ හදලා දුන්නාම, මේ රටේ මිනිහා තමන්ගේ රටේ වහලකු වෙනවා. අවසානයේ මේ රට ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වෙනවා.

'ඉන්දියානු සරණං ගච්ඡාමි'

අද එකම දේශපාලන පක්ෂයක්වත් මේ අනතුර පෙන්වා දෙන්නේ නැහැ. ඔක්කොම ඉන්නේ 'ඉන්දියානු සරණං ගච්ඡාමි' කියන තැන. ඉන්දියාවේ හිත  'ඌයියා වෙයි' කියා ඔවුන් කටක් අරින්නේ නැහැ. ඒ නිසා ආර්ථිකමය වශයෙන් අපිව 'හොම්බෙන් යවලා' රටේ ස්වෛරීභාවය ඉන්දියාවට බිල්ලට දෙන එකයි මේ කරන්නේ. වික්‍රමසිංහ මහත්තයා ඒක යස අපූරුවට කරගෙන යනවා. 'බොරළුගොඩ සිංහයෝ - රාජපක්ෂලා - පොහොට්ටුකාරයෝ ඒකට සාධුකාර දෙනවා.

ඉන්දියානුකරණයට විරුද්ධ වෙමු!

'මේ අවදානමෙන්, මේ රට ගලවා ගැනීම සඳහා එකට එකතුවෙලා වැඩ කරමු!' කියන ආරාධනය කිරීමටයි අපි අද ගමින් ගමට එන්නේ. මේක ඉන්දියානුකරණයට ඉඩ දීලා බලා ඉන්න ඕනෙ කාලයක් නොවෙයි. ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කිරීමේ මෙහෙයුම තමයි අද මේ 'පක්ෂ - විපක්ෂ' සියලුදෙනා එකතු වෙලා දියත් කරන්නේ. මේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන් දිවි පිදූ සියලුදෙනා වෙනුවෙන් ඊට එරෙහිව සටන් කිරීමේ වගකීම අපි කාටත් තිබෙනවා."

ඉහත ජනහමුව අමතා ජාතික නිදහස් පෙරමුණේ අවිස්සාවේල්ල ආසන සංවිධායක, සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ සහ ජාතික නිදහස් පෙරමුණේ අවිස්සාවේල්ල ආසන සභාවේ සාමාජික බන්දුල බෝපෙගමගේ යන මහත්තුරු ද  අදහස් දැක්වූහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,

සම්බන්ධිත පුවත් | Related News

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ඉදිරි සති දෙක තුළ ආනයනය කළ ලුණු තොගයක් දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලු‍ණු සමාගම පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.
කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.
නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.

ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.