
සහරාන් හෂිම්ගේ මස්සිනා ඇතුළු 30කට ඇප
පසුගිය 01 වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ පාලමුණු - ආරියම්පති ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සහරාන් හෂිම්ගේ මස්සිනා ඇතුළු 30 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එමෙන්ම එම සැකකරුවන්ට එළැඹෙන 06 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණය නියෝග කර ඇත.
පසුගිය 01 වනදා අලුයම් කාලයේදී කත්තාන්කුඩි පොලිස් වසමේ පාලමුණ - ආරියම්පති ප්‍රදේශයේ තාවකාලිකව ඉදි කළ මඩුවක් වැනි ස්ථානයක පුද්ගලයින් 30ක පමණ රැස්ව සිටින බවට කාත්තන්කුඩි පොලීසියට තොරතුක් ලැබී තිබුණි.
එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායම් විසින් එහි සිටි පුද්ගලයින් 30 දෙනෙකු යම් අපරාධ ක්‍රියාවක් හෝ රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සිදුකිරීමේ අරමුණින් රැස්ව සිටින බවට වූ සැකය මත අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 30 දෙනාගෙන් කාත්තන්කුඩි පොලිස් ස්ථානය මගින් ප්‍රකාශ සටහන් කර ගෙන තිබූ අතර එම පුද්ගලයින්ගෙන් මඩකළපුව ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාස ඒකකයේ නිලධාරීන් විසින්ද ප්‍රශ්න කිරීමක් සිදුකර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24ත් 48ත් අතර වයස්වල පසුවන කාත්තන්කුඩි හා මඩකළපුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.
සැකකරුවන් අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂිම්ගේ නැගණියගේ ස්වාමිපුරුෂයා හා ඔහුගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකුද සිට ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
