News Category
From Date
To Date
Maximum Number of Result

මාලදිවයිනට පැමිණෙන චීන පර්යේෂණ යාත්‍රාව සම්බන්ධයෙන් වන ඉන්දියාවේ හැසිරීම ' ඉන්දියාවේ අධිපතිවාදී මානසිකත්වය' පිළිබිඹු කරයි

Jan 24, 2024 at 03:37 PM
|

මාලදිවයින් රාජ්‍යය ඉදිරි දිනවලදී චීන පර්යේෂණ යාත්‍රාවකට සත්කාරකත්වය සැපයීමට සූදානමින් සිටින බව පසුගියදා මාධ්‍ය වාර්තා කර සිටියේය. 

ඒ අතර , ඉන්දීය නාවික හමුදාව එම යාත්‍රාව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය. 

ඒ අනුව නවදිල්ලියේ එම හැසිරීම චීනය සම්බන්ධයෙන් නව  මානයක් මතු කරන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන සමහර චීන විශේෂඥයින් පවසන්නේ ඉන්දියාවේ  "මිලිටරි අරමුණු" සඳහා චීන පර්යේෂණ යාත්‍රාව සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන කනස්සල්ල සහ කළබලය දකුණු ආසියාව සහ ඉන්දියන් සාගරය ඉන්දියාවේ බලපෑම් ක්ෂේත්‍රය ලෙස සලකන බැවින් ඉන්දියාවේ අධිපති මානසිකත්වය මෙම හැසිරීම මගින් පිළිබිඹු කරන බවයි.

චීන පර්යේෂණ නෞකාවක් වන Xiang Yang Hong 03 නෞකාව මාලදිවයිනේ අගනුවර වන මාලේ වෙත ගමන් කරන බව රොයිටර් පුවත් සේවය පසුගිය 22 වන සඳුදා වාර්තා කළේ ඩේමියන් සයිමන් නම්   විවෘත මූලාශ්‍ර බුද්ධි පර්යේෂකයාගේ සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කර තිබූ තොරතුරු උපුටා දක්වමිනි. මෙවැනි ආකාරයේ ගැටළු සහගත හැසිරීමක් 2022 දී ශ්‍රී ලංකාවට ඇතුළු වූ චීන නෞකාව සම්බන්ධයෙන්ද ඉන්දියාව පෙන්නුම් කළේය.

22 දා උදෑසන ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියන් සාගරයට ඇතුළු වූ යාත්‍රාව පිළිබඳව ඉන්දියාව මේ වන විට සමීපව නිරීක්ෂණය කරමින් සිටී. එය පෙබරවාරි මුල් සතිය වන විට මාලදිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා ඊයේ (23) වාර්තා කළේය.

ඉන්දියානු මාධ්‍ය මෙම යාත්‍රාව සම්බන්ධයෙන් වාර්තා කරනු ලැබූවේ නාවික සහ සබ්මැරීන් මෙහෙයුම් සඳහා ප්‍රයෝජනවත් වන සාගර විද්‍යාත්මක සහ අනෙකුත් දත්ත සිතියම් ගත කළ හැකි "ද්විත්ව භාවිත" නෞකාවක් ලෙසයි.

චීන-මාලදිවයින ද්විපාර්ශ්වික සබඳතා පුළුල් උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වයක් දක්වා වැඩිදියුණු කරන ලද මෙම මස මුලදී මාල දිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු චීනයේ සංචාරය කිරීමෙන් පසු පර්යේෂණ නෞකාව මාලදිවයිනට පැමිණීමට අපේක්ෂා කර තිබුණි. ඒකාබද්ධ තීරයක් සහ මාර්ග සහයෝගීතාව, ආර්ථික හා තාක්‍ෂණික සංවර්ධනය, නිල් ආර්ථිකය, ඩිජිටල් ආර්ථිකය, හරිත සංවර්ධනය, යටිතල පහසුකම් සහ ජීවනෝපා ආධාර වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සහයෝගීතා ලේඛන රැසකට මුයිසුගේ සංචාරයේදී අත්සන් කරන ලදී.

වසර ගණනාවක් පුරා ආරක්‍ෂාව සහ දේශපාලනය සම්බන්ධයෙන් මාලදිවයිනේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දියාව මැදිහත් වීම සම්බන්ධයෙන් මාලදිවයිනේ වත්මන් ජනාධිපති මුයිසුගේ පරිපාලනය සෑහීමකට පත් නොවේ. මෙම නව ප්‍රවනතාවය මාලදිවයින චීනය දෙසට නැඹුරු වී ඉන්දියාවෙන් ඈත් වී සිටින බව ඉන්දියාවේ ඇතැමුන් විසින් වටහාගෙන ඇති බව සිංහුවා විශ්වවිද්‍යාලයේ ජාතික උපාය මාර්ග ආයතනයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ Qian Feng 23 වනදා  මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවසීය.

"මෙම තත්වය නොසලකා, චීන පර්යේෂණ යාත්‍රාවේ කටයුතු සිදුවීම චීන-මාලදිවයින් සබඳතාවල  වර්ධනීය තත්වයක් ඇතිවීම හේතුවෙන් ඉන්දීය නිලධාරීන්ගේ සැකය තවත් තීව්‍ර වී තිබෙනවා." ඔහු පැවසීය.

චීනයේ මෙවැනි යාත්‍රා මුහුදු තීරයට ඇතුල්වීම සම්බන්ධයෙන් ඉන්දියාව මීට පෙර ශ්‍රී ලංකාවට දැඩි විරෝධය පළ කර ඇත. ශ්‍රී ලංකාව කිසිදු චීන පර්යේෂණ නෞකාවකට වසරක කාලයක් එහි වරායේ නැව්ගත කිරීමට හෝ එහි සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බව ඉන්දියාවට දන්වා ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් 2023 දෙසැම්බර් මාසයේදී වාර්තා කළේය. සමහර ඉන්දීය මාධ්‍ය එය “ඉන්දියාවට ලැබුනු විශාල ජයක්” ලෙස විදහා දැක්වීය.

"කෙසේ වුවද චීන පර්යේෂණ යාත්‍රාවට එරෙහිව ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ඉන්දියාව මීට පෙර ගත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග මාලදිවයින් ජනාධිපති මුයිසු රජය සම්බන්ධයෙන් භාවිත කිරීම අපහසු බව පෙනේ." ඉන්දියා-මාලදිවයින් සබඳතා සියුම් සන්ධිස්ථානයක පවතින බව සඳහන් කරමින් Qian පැවසීය.

කෙසේ වුවද මේ කාරණයේදී මාලදිවයින පක්ෂග්‍රාහී නොවන බවත් ජාත්‍යන්තර සබඳතාවලදී අන්‍යෝන්‍ය ගෞරවය අවශ්‍ය බවත් මුයිසු පැහැදිලිවම ප්‍රකාශ කළේය. එබැවින් මාලදිවයින් රජයට අනවශ්‍ය බලපෑම් නොකිරීමට ඉන්දියාව ප්‍රවේශම් වන බව විශේෂඥයා සඳහන් කළේය.

චීන පර්යේෂණ යාත්‍රාවක් මාලදිවයිනේ නැව්ගත කළ පළමු අවස්ථාව මෙය නොවේ.  Xiang Yang Hong 01 පර්යේෂණ යාත්‍රාව 2016 වසරේ නොවැම්බර් මාසයේදී මාලේ න්ජුවරදී මහජනතාව සඳහා විවෘත කරන ලද්දේය. එය භෞතික සාගර විද්‍යාව සහ සමුද්‍ර කාල කාලගුණ විද්‍යාව, සමුද්‍ර රසායන විද්‍යාව සහ ජල ආශ්‍රිත ජෛව විද්‍යාව ආවරණය කරමින් නැගෙනහිර ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ සමීක්ෂණ පැවැත්වීමට සූදානම් විය.

 2017 පෙබරවාරි මාසයේදී මාලදිවයිනේ චීන තානාපතිවරයා දෙරට අතර සමුද්‍ර සහයෝගීතාවයට මග පාදමින් ප්‍රථම වරට මාලේ නැංගුරම් ලා ඇති Xiang Yang Hong 09 පර්යේෂණ නෞකාවේ නියෝජිත පිරිසක් හමුවිය.

ඉන්දියාව දකුණු ආසියාව සහ ඉන්දියන් සාගරය තම බලපෑම් කලාපය ලෙස සලකන අතර ඉන්දියන් සාගරයේ චීනය සිටීම ගැන සංවේදී වේ. එය ඉන්දියානු සාගර කළාපය කෙරෙහි  සංවේදී  මෙන්ම අධිපති මානසිකත්වයක මිශ්‍රණයක් බව චීන සමාජ විද්‍යා ඇකඩමියේ ජාත්‍යන්තර උපාය මාර්ග පිළිබඳ ජාතික ආයතනයේ සහකාර පර්යේෂකයෙකු වන ටියැන් ගුවැංකියැං 23 වනදා  මාධ්‍ය  වෙත පැවසීය.

ඉන්දියාව මාලදිවයිනට සිය බරපතල කනස්සල්ල හෝ විරෝධතා රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ප්‍රකාශ කළ හැකිවාක් මෙන්ම ඉන්දියාවේ අප්‍රසාදය පෙන්විය හැකිය.එලෙසම  මාලදිවයිනට පැමිණෙන ඉන්දීය නාවික නැව් හෝ වෙනත් යාත්‍රා සඳහා අන්‍යෝන්‍ය ප්‍රතිකාර ඉල්ලා සිටිය හැකි බවද ටියැන් පැවසීය. "මාලදිවයින් රජයට පීඩනය යෙදීම සඳහා මාලදිවයිනේ ඉන්දියානු ගැති දේශපාලන පක්ෂ හෝ බලවේග භාවිතා කළ හැකි අතර, ඊනියා 'චීන තර්ජනය' ප්‍රචාරණය කිරීමට සමාජ මාධ්‍ය වුවද භාවිතා කළ හැකිය."

කෙසේ වෙතත්,  එවැනි කාරණා මාලදිවයින තම ස්වෛරී අයිතීන් යටතට වැටෙන බව සැලකීමට ඉඩ ඇති බවත්, මාලදිවයින වඩාත් සමබර ප්‍රවේශයක් අනුගමනය කළ හැකි වුවද ඉන්දීය මැදිහත්වීම් සඳහා විවෘත නොවනු ඇති බවත් විශ්වාස කළ හැකි බව ඔහු පැවසීය.

- ජීවන්ත ජයතිස්ස -

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.