ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ICCයෙන් සූම් මීටින් එකක්
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ ශ්‍රී ලංකාවට පනවා ඇති ICC ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අදාළව සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් සූම් සාකච්ඡාවක් පවත්වන බව ICCය දැන්වූ බවයි.
ඔහු මේ බව සඳහන් කළේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් සමග පැවැති හමුවකින් පසුවය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ක්‍රීඩා ඇමැතිවරයා,
"ICC එකේ නැවතත් බෝඩ් මීටින් එකක් තියෙන්නේ මාර්තු මාසයේ. එතෙක් ඉන්නේ නැතුව ලංකාවේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ඒ අය සූම් මීටින් එකක් ගන්නම් කිව්වා.
හැබැයි ICC ප්‍රධාන විධායක නිලධාරියා සහ සභාපතිවරයාට ඒත්තුගැන්විය යුතුයි ලංකාව මේ දේ නැවත කරන්නේ නැහැ කියලා. ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා අපි ක්‍රීඩා පනතක් ගේනවා. ඒකෙන් ඇමතිගේ බලතලත් අයින් කරනවා කියලා. අපි අතුරු කියන එක නැති කරනවා කිව්වා.
ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඩොලර් මිලියන 28ක් තියෙනවා. ඊයේ ආපු විධායක නිලධාරීතුමා පැහැදිලිව කිව්වා ඒ අයට ප්‍රශ්නයක් වුණේ හිටපු ඇමති ඒ මුදල්වලින් 20%ක් ඉල්ලුවා කියලා.
ඕවා කියලා කරගන්න ඕන දේවල් නෙමෙයි. මොළෙන් ගහගන්න ඕන දේවල්. අපි ඇහුවා විගණකාධිපති වාර්තාව ගැන. ඒ අය තැන් 03කට ඒ වාර්තාව යොමු කළා කිව්වා. ක්‍රිකට් ආයතනය තමයි ඒ අයගේ සාමාජිකයා කිව්වා. ඒ නිසා ඒ අයට ඒ මුදල් වියදම් කිරීමේ බලය සහ අයිතිය තියෙනවා කිව්වා. අදාළ වාර්තාව ගැන ICC එකට දීලා තියෙන තොරතුරු ගැන ඒගොල්ලො සෑහිමකට පත්වෙනවා කිව්වා."
මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද සිදුවී ඇති බවත් වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු