සජිත්ට ප්‍රසන්නගෙන් දැඩි ප්‍රහාරයක්... හොර සල්ලි එක්ක කොටු වූ සහෝදරිය, මහින්ද බේරාදුන් හැටිත් කියයි
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ලකුණු දා ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ කතා පවත්වන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා වෝදනා කරන්නේ විපක්ෂනායකවරයාට පමණක් කතා කරන්නට දීමෙන් ඔහු පවසන දේවල් පමණක් ජනගත වෙන බවයි. එය ඉතා වැරදි ක්‍රියාවක් බවද හෙතෙම පෙන්වා දෙයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (11) රැස්විය.
එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ කතාවකට පිලිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
එහිදී මෙවන් සංවාදයක් ඇති විය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස – ගරු කතානායකතුමනි, මේ රටේ කුඩා දරුවාගේ සිට සියලුම දෙනාගේ ජන ජීවිතය කඩාවැටෙනකොට කොහොමද හිටපු ජනාධිපතිවරයා වරායේ නැව් දෙකක් අරගෙන මුහුද මැදට ගිහිල්ල පාටි දමන්නේ.ඒකට උත්තරයක් දෙන්න.මම මේව කතාකරනකොට මගේ කට වහන්න හදනවා. ඒක කරන්න බැහැ.
ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, විපක්ෂනායකතුමා අවසර ගත්තේ අතුරු ප්‍රශ්නයක් අහන්නයි. විපක්ෂනායකතුමා කතාකරන එකේ කිසිම ගැටළුවක් නැහැ. නමුත් එතුමා වටපිටාව සම්බන්ධකරගනිමින් කතා කරනකොට වෙලාව පිළිබඳ ගැටළුවක් මතුවෙනවා. මෙතුමා විපක්ෂනායක හැටියට මීට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕන. කතා පවත්වනවට වඩා හොඳයි අදාළ කාරණාව ගැන විෂයභාර ඇමතිතුමාගෙන් ප්‍රශ්නයක් අහන එක. මහජන මුදල් නාස්තිවෙලා තියේනම් ඒකට විධිමත්ව කටයුතු කරන්න. මෙතුමා ලකුණු දා ගන්න කතා පවත්වනවා.නිකම් තුනේ පන්තියේ වැඩ කරන්න එපා විපක්ෂනායකතුමා.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස – ගරු කතානායකතුමනි, මම කතාකරන්නේ මම ගැනවත්, පවුලේ සාමාජිකයන් ගැනවත්, මට සම්බන්ධ ව්‍යාපාර ගැනවත් නෙවෙයි. ඒ නිසා මට කරුණාකරල අවස්ථාව දෙන්න. මගේ කටවහන්න එපා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන – මට ඔබතුමාගේ කට වහන්න අවශ්‍ය නැහැ. කාලය වැදගත්.
(සභාවේ කෑ කෝ ගැසීම්)
ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, මටත් කතා කරන්න අවසර දෙන්න.
කතානායක මහින්ද යාපා අබේවර්ධන – නෑ.. ඔබතුමත් වාඩි වෙන්න.
ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – විපක්ෂනායකතුමාට අවසර දෙනකොට එතුමා කතාකරන දේවල් විතරයි ජනගත වෙන්නේ. ඒක වැරදියි. අපිටත් ගැටළු තියෙනවා. විපක්ෂනායකතුමා හිටපු ජනාධිපතිතුමා ගැනයි හිටපු අනිත් අය ගැනයි කතාකරනවා. හොර සල්ලි එක්ක අහුවුණාම ඔබතුමාගේ සහෝදරිය බේර ගත්තේ හිටපු ජනාධිපතිතුමයි. ඒකත් රටේ ආර්ථිකයට බලපෑවා. ඒ වගේම ඔබතුමාගේ තාත්ත තමයි කොටින්ට ආයුධ දුන්නේ. අපිටත් ඒව ගැන කතා කරන්න පුළුවන්.
- ප්‍රදීප් අනුර කුමාර -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු