යුක්‍රේනයට මෙතෙක් ලබා දුන් මට්ටමේම සහයක් ඉදිරියට ලබා දිය නොහැකියි- එක්සත් ජනපදය යුක්රේනයට අනතුරු අඟවයි
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් පසුගිය 4 වනදා මාධ්‍ය හමුවකට එක් වෙමින් යුක්‍රේනය වෙත වොෂින්ටනය ලබා දෙන මිලිටරි අරමුදල් යුක්‍රේනයට දෙපයින් නැගී සිටීමට හැකි වූ විට ක්‍රමයෙන් අඩු විය හැකි බව පවසා සිටියේය.
මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු යුක්‍රේනය සම්බන්ධයෙන් එක්සත් ජනපද උපාය මාර්ගයේ විය හැකි වෙනස්කම් පිළිබඳව නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් මිලර් අවධාරණය කළේ වොෂින්ටනය සැමවිටම උත්සාහ කළේ යුක්‍රේනය තමන් විසින්ම ආරක්ෂා කර ගැනීමටත් අවසානයේ “ස්වාධීන” ජාතියක් වීමටත් හැකියාව ගොඩ නගා ගැනීමටත් උපකාර කිරීමට යනුවෙනි.
“යුක්රේනය ස්වාධීන රටක් ලෙස තිබීම එක්සත් ජනපදයට අවශ්‍ය බව අපි සැමවිටම පැහැදිලි කර තිබෙනවා. එහි අර්ථය යුක්‍රේනයට ස්වාධීනව දෙපයින් හිට ගැනීමට අවශ්‍ය ශක්තිය යුක්‍රේනය විසින්ම ලබා ගැනීමයි. නමුත් ඒ සඳහා යුක්‍රේනයට කාලය ගතවන තාක් කල් අපි යුක්රේනයට දිගටම සහාය ලබා දෙනවා. එය එක්සත් ජනපදයේ ප්‍රතිපත්තියයි.”මිලර් ප්‍රකාශ කළේය.
කියෙව් සඳහා නව අරමුදල් පැකේජයක් අවශ්‍ය බව අවධාරණය කළ මිලර් කෙසේ වෙතත් කියෙව් වෙනුවෙන් ලබා දෙන එක්සත් ජනපද මිලිටරි අරමුදල් අනාගතයේ යම් අවස්ථාවක දී වියළී යනු ඇතැයි අනතුරු ඇඟවීය. "එම මොහොත තවම පැමිණ නැහැ" මිලර් පැවසීය.
“එයින් අදහස් කරන්නේ අපි 2022 සහ 2023 දී කළ මිලිටරි අරමුදල්වලට සමාන මට්ටමේම ඔවුන්ට දිගටම සහය දැක්වීමට යන බව නොවේ. එතරම් අරමුදල් ප්‍රමානයක් අවශ්‍ය වනවා කියා අපි විශ්වාස කරන්නේ නැහැ. මන්ද අවසානයේ යුක්‍රේනයට එක්සත් ජනපදය උදව් කරනු ලබන්නේ තමන්ගේම මිලිටරි කාර්මික පදනමක් ගොඩනඟා ගැනීමටයි. ඒ අනුව ඒ සඳහා මුදල් යෙදවීමටත් එම ජයග්‍රහනය අත්පත් කර ගැනීමටත් තමන්ට අවශ්‍ය වෙඩි උන්ඩ නිපදවා ගැනීමටත් හැකි වේවි.” මිලර් පැහැදිලි කළේය.
මිලර් පැවසුවේ " එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලයට කියෙව් සඳහා පරිපූරක අරමුදල් පනත සම්මත කිරීම විවේචනාත්මක තත්වයකට මුහුණ දීමට සිදුවනවා මෙන්ම යුක්‍රේනයට ආධාර සපයන අනෙකුත් බටහිර රටවලටද විවේචනාත්මක තත්වයන්ට මුහුණ දීමට සිදුවනවා." යනුවෙනි. මේ සම්බන්ධයෙන් එකඟ වීමට අපොහොසත් වූ වොෂින්ටනයේ ව්‍යවස්ථාදායකයන් අතර සති කිහිපයක් මුළුල්ලේ පැවැති වාද විවාද වලින් පසුව, පසුගිය වසරේ අගභාගයේදී කොන්ග්‍රසය පනත අත්හිටුවා නිවාඩු විවේකයෙන් පසුව සාකච්ඡාවට ගන්න තෙක් කල් දැමීමෙන් පසු පරිපූරක අරමුදල් පනත ගෙන ඒම අස්ථාවර විය.
නීතිවිරෝධී සංක්‍රමණ පාලනය කිරීම සහ එක්සත් ජනපදයේ දේශසීමා ශක්තිමත් කිරීම වැනි දේශීය ගැටළු විසඳා ගැනීමට විදේශීය අරමුදල් යොදා ගැනීමට අවශ්‍ය බව බොහෝ රිපබ්ලිකන් නීති සම්පාදකයින් මෙම පනතට දැඩි විරෝධය දක්වමින් පවසා තිබේ.
ඒ අතරම, යුක්‍රේනයේ තවත් ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු වන යුරෝපා සංගමයට යුක්රේනය සඳහා නව අරමුදල් වෙන් කිරීමේදී දුෂ්කරතා වලට මුහුණ දී තිබේ. යුරෝපා සංගමයට ඉදිරිපත් වූ යුක්‍රේනයට ලබා දීමට සැලසුම් කළ යුරෝ බිලියන 50ක් (ඩොලර් බිලියන 55ක්) වටිනා සැලසුම් සහගත සිව් අවුරුදු යෝජනා ක්‍රමයක් පසුගිය වසරේ අගභාගයේදී හංගේරියාව විසින් නිෂේධ බලයෙන් අවසන් කරන ලද අතර, ඒ පිළිබඳ සාකච්ඡා 2024 කාලය දක්වා තල්ලු විය.
මිලර්ගේ ප්‍රකාශයන් පැමිණෙන්නේ මොස්කව්හි ඇස්තමේන්තුවලට අනුව කියෙව් සඳහා බටහිර ආධාරවල මුළු වටිනාකම ඩොලර් බිලියන 200 ඉක්මවන බව ප්‍රකාශයට පත් කිරීමත් සමඟය. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් රටවල් 54ක් පමණ යුක්‍රේනයට සපයන ලද ආධාර පිළිබඳව වන සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කර ඇති අතර, මුළු පිරිවැය දැනටමත් ඩොලර් බිලියන 203කට වඩා වැඩි යැයි මොස්කව් පරිපාලනය ගණන් බලා ඇත.
https://www.rt.com/news/590135-us-ukraine-military-aid/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..