News Category
From Date
To Date
Maximum Number of Result

යුක්‍රේනයට මෙතෙක් ලබා දුන් මට්ටමේම සහයක් ඉදිරියට ලබා දිය නොහැකියි- එක්සත් ජනපදය යුක්රේනයට අනතුරු අඟවයි

Jan 6, 2024 at 10:56 AM
|

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් පසුගිය 4 වනදා මාධ්‍ය හමුවකට එක් වෙමින් යුක්‍රේනය වෙත  වොෂින්ටනය ලබා දෙන  මිලිටරි අරමුදල් යුක්‍රේනයට දෙපයින් නැගී සිටීමට හැකි වූ විට ක්‍රමයෙන් අඩු විය හැකි බව පවසා සිටියේය. 

මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු යුක්‍රේනය සම්බන්ධයෙන් එක්සත් ජනපද උපාය මාර්ගයේ විය හැකි වෙනස්කම් පිළිබඳව නැගූ  ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් මිලර් අවධාරණය කළේ වොෂින්ටනය සැමවිටම උත්සාහ කළේ යුක්‍රේනය තමන් විසින්ම ආරක්ෂා කර ගැනීමටත් අවසානයේ “ස්වාධීන” ජාතියක් වීමටත් හැකියාව ගොඩ නගා ගැනීමටත් උපකාර කිරීමට යනුවෙනි.

“යුක්රේනය ස්වාධීන රටක් ලෙස තිබීම  එක්සත් ජනපදයට අවශ්‍ය බව අපි සැමවිටම පැහැදිලි කර තිබෙනවා. එහි අර්ථය යුක්‍රේනයට ස්වාධීනව දෙපයින් හිට ගැනීමට අවශ්‍ය ශක්තිය යුක්‍රේනය විසින්ම ලබා ගැනීමයි. නමුත් ඒ සඳහා යුක්‍රේනයට කාලය ගතවන තාක් කල් අපි යුක්රේනයට දිගටම සහාය ලබා දෙනවා. එය එක්සත් ජනපදයේ ප්‍රතිපත්තියයි.”මිලර් ප්‍රකාශ කළේය.

කියෙව් සඳහා නව අරමුදල් පැකේජයක් අවශ්‍ය බව අවධාරණය කළ මිලර් කෙසේ වෙතත් කියෙව් වෙනුවෙන් ලබා දෙන එක්සත් ජනපද මිලිටරි අරමුදල් අනාගතයේ යම් අවස්ථාවක දී වියළී යනු ඇතැයි අනතුරු ඇඟවීය. "එම මොහොත තවම පැමිණ නැහැ"   මිලර් පැවසීය.

“එයින් අදහස් කරන්නේ අපි 2022 සහ 2023 දී කළ මිලිටරි අරමුදල්වලට සමාන මට්ටමේම ඔවුන්ට දිගටම සහය දැක්වීමට යන බව නොවේ. එතරම් අරමුදල් ප්‍රමානයක් අවශ්‍ය වනවා කියා  අපි විශ්වාස කරන්නේ නැහැ. මන්ද අවසානයේ යුක්‍රේනයට එක්සත් ජනපදය උදව් කරනු ලබන්නේ  තමන්ගේම මිලිටරි කාර්මික පදනමක් ගොඩනඟා ගැනීමටයි. ඒ අනුව ඒ සඳහා  මුදල් යෙදවීමටත් එම ජයග්‍රහනය අත්පත් කර ගැනීමටත් තමන්ට අවශ්‍ය වෙඩි උන්ඩ නිපදවා ගැනීමටත් හැකි වේවි.” මිලර් පැහැදිලි කළේය.

මිලර් පැවසුවේ " එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලයට කියෙව් සඳහා පරිපූරක අරමුදල් පනත සම්මත කිරීම විවේචනාත්මක තත්වයකට මුහුණ දීමට සිදුවනවා මෙන්ම යුක්‍රේනයට ආධාර සපයන අනෙකුත් බටහිර රටවලටද විවේචනාත්මක තත්වයන්ට මුහුණ දීමට සිදුවනවා." යනුවෙනි.  මේ සම්බන්ධයෙන් එකඟ වීමට අපොහොසත් වූ වොෂින්ටනයේ ව්‍යවස්ථාදායකයන් අතර සති කිහිපයක් මුළුල්ලේ පැවැති වාද විවාද වලින් පසුව, පසුගිය වසරේ අගභාගයේදී කොන්ග්‍රසය පනත අත්හිටුවා නිවාඩු විවේකයෙන් පසුව සාකච්ඡාවට ගන්න තෙක් කල් දැමීමෙන් පසු  පරිපූරක අරමුදල් පනත ගෙන ඒම අස්ථාවර විය.

නීතිවිරෝධී සංක්‍රමණ පාලනය කිරීම සහ එක්සත් ජනපදයේ දේශසීමා ශක්තිමත් කිරීම වැනි දේශීය ගැටළු විසඳා ගැනීමට විදේශීය අරමුදල් යොදා ගැනීමට අවශ්‍ය බව බොහෝ රිපබ්ලිකන් නීති සම්පාදකයින් මෙම පනතට දැඩි විරෝධය දක්වමින් පවසා තිබේ.

ඒ අතරම, යුක්‍රේනයේ තවත් ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු වන යුරෝපා සංගමයට  යුක්රේනය සඳහා නව අරමුදල් වෙන් කිරීමේදී දුෂ්කරතා වලට මුහුණ දී තිබේ. යුරෝපා සංගමයට ඉදිරිපත් වූ යුක්‍රේනයට ලබා දීමට සැලසුම් කළ යුරෝ බිලියන 50ක් (ඩොලර් බිලියන 55ක්) වටිනා සැලසුම් සහගත සිව් අවුරුදු යෝජනා ක්‍රමයක් පසුගිය වසරේ අගභාගයේදී හංගේරියාව විසින් නිෂේධ බලයෙන් අවසන් කරන ලද අතර, ඒ පිළිබඳ සාකච්ඡා 2024 කාලය දක්වා තල්ලු විය.

මිලර්ගේ ප්‍රකාශයන් පැමිණෙන්නේ මොස්කව්හි ඇස්තමේන්තුවලට අනුව කියෙව් සඳහා බටහිර ආධාරවල මුළු වටිනාකම ඩොලර් බිලියන 200 ඉක්මවන බව ප්‍රකාශයට පත් කිරීමත් සමඟය. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් රටවල් 54ක් පමණ යුක්‍රේනයට සපයන ලද ආධාර පිළිබඳව වන සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කර ඇති අතර, මුළු පිරිවැය දැනටමත් ඩොලර් බිලියන 203කට වඩා වැඩි යැයි මොස්කව් පරිපාලනය ගණන් බලා ඇත.

https://www.rt.com/news/590135-us-ukraine-military-aid/

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.