News Category
From Date
To Date
Maximum Number of Result

"බ්‍රෙක්සිට්" සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් අසතුටෙන්

Jan 1, 2024 at 12:32 PM
|

මේ වන විට  එක්සත් රාජධානියේ බොහෝ පුරවැසියන් විශ්වාස කරන්නේ "බ්‍රෙක්සිට්" බ්‍රිතාන්‍ය  ආර්ථිකයට අයහපත් තත්වයක් ඇති කර තිබෙන බවයි.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ තුන්වන සංවත්සරය සැමරීම සඳහා ඔපීනියම් ආයතනය පවත්වන ලද  මත විමසුමකට අනුව  පසුගිය 28 වනදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක් මගින් හෙළිවී තිබේ.

සමීක්‍ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩකට වඩා  (54%) බ්‍රෙක්සිට් සමස්තයක් ලෙස එක්සත් රාජධානියේ ආර්ථිකයට ඍණාත්මක ලෙස බලපා ඇති බව පැවසූ අතර සමීක්ෂණ්යට සහභාගි වූ 13% ක් පමණක් "බ්‍රෙක්සිට්" බ්‍රිතාන්‍ය ආර්ථිකයට යහපත් ප්‍රතිඵලය ගෙන දී ඇතැයි විශ්වාස කරති.

එලෙසම 53%ක් වු ප්‍රමනයක් බ්‍රෙක්සිට් එක්සත් රාජධානියට සංක්‍රමණ පාලනය කිරීමේ හැකියාවට හානියක් කර ඇති බව විශ්වාස කරන අතර 57% ක් යුරෝපීය භාණ්ඩ ආනයනය කිරීමට තම රටට ඇති හැකියාව කෙරෙහි අනවශ්‍ය බලපෑමක් ඇති කර ඇතැයි විශ්වාශ කරන බව සමීක්ෂනයේදී තහවුරු විය. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සෑම තුනෙන් දෙදෙනෙකුගෙන් දෙහෙනෙකු එනම් 63% ක් විශ්වාස කරන්නේ යුරෝපා සංගමයෙන් ඉවත්වීම බ්‍රිතාන්‍යයේ උද්ධමනයට සහ ජීවන වියදම් අර්බුදයට දායක වී ඇති බවයි. කෙසේ වුවද "බ්‍රෙක්සිට්" හේතුවෙන්  කඩ සාප්පු තුළ වඩා හොඳ ගනුදෙනු සිදුවනු  ඇතැයි 8% ක් විශ්වාසය පල කරති.

ඡන්ද විමසීමට එක් වූවන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් එනම් 35%ක් විශ්වාස කරන්නේ යුරෝපා සංගමයෙන්  ඉවත් වීම බ්‍රිතාන්‍යන්ගේ මූල්‍ය තත්ත්වයට අහිතකර ලෙස බලපා ඇති බවයි. බ්‍රිතාන්‍යන්ට යුරෝපා සංගමයෙන් ඉවත්ව යාම මූල්‍යමය වශයෙන් උපකාර කර ඇති බව විශ්වාස කරන්නේ දහයෙන් එකක් හෙවත් 10%ක් පමණි.

වැටුප් සහ වැටුප් මත බලපෑම  අවාසිදායක ලෙස බලපා ඇතැයි  සලකනු ලැබූ ප්‍රමාන්ය 40% ක් වූ අතර, 11% ක් පමණක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්ව යාම වැටුප් සහ වැටුප් මත බලපෑම ධනාත්මක ප්‍රතිලාභයක් ලැබී ඇති බව පවසති. මේ අතර  අඩකට ආසන්න ප්‍රමානයක් එනම් 47% ක් ජාතික සෞඛ්‍ය සේවයට අහිතකර බලපෑමක් කර ඇති බව විශ්වාස කරන අතර ජාතික සෞඛ්‍ය සේවය බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්ව යාම මගින් ගුණයෙන් ඉහළ ගොස් ඇතැයි සිතන ප්‍රතිශතය 9% ක් පමණ වන අගයකි.

“යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් ප්‍රතිලාභයන් ලැබිය හැකි යැයි  කලින් සැලකූ ක්ෂේත්‍රවල පවා අසාර්ථක වීම් සමඟ රජය විසින් බ්‍රෙක්සිට් හසුරුවා ඇති ආකාරය පිළිබඳ මහජන අතෘප්තිය දිගටම පවතී,” ඔපීනියම් ප්‍රතිපත්ති සහ මහජන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙම්ස් ක්‍රඋච් ද ගාර්ඩියන් පුවත් පත වෙත පැවසීය. කෙසේ වෙතත්, ඔහු පැවසුවේ, "ඡන්දදායකයින්ගේ පැහැදිලි ප්‍රමුඛතාවය  ආර්ථිකයට  සහ ජාතික සෞඛ්‍ය පද්ධතියට හිමිවන  තත්වයට සාපේක්ෂව මීළඟ මැතිවරනයේදී "බ්‍රෙක්සිට්" ද්විතියික ගැටළුවක් බවට පත් වනු ඇත." යනුවෙනි.

එක්සත් රාජධානිය 2016 දී යුරෝපා සංගමයෙන් ඉවත් වීමට 4% ක පරතරයකින් ඡන්දය ප්‍රකාශ කළ අතර ඒ අනුව බ්‍රිතාන්‍ය ජනයාගෙන් 52% ක් යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමට පක්ෂ විය. එහෙත් 2020 ජනවාරි වන තෙක් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වූයේ නැත. කෙසේ වුවද කෝවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් ආර්ථිකය වසා දැමීමට සහ රට අගුලු දැමීමට රජය ගත් තීරණයට මාස දෙකකට පෙර බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය. මෙම කාලය තුළ  1955 දී ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් වාර්තා තැබීම ආරම්භ කිරීමෙන් පසු  බ්‍රිතාන්‍ය නරකම ආර්ථික අවපාතයකට ඇද දැමුණු බව එම කාර්යාල වාර්තා මගින් විද්‍යාමාන විය.

බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් ගත් අසාර්ථක උත්සාහයකින් පසුව 2019 දී එවකට අගමැතිනි තෙරේසා මේ මහ්ත්මියට ඉල්ලා අස්වීමට හේතු වූ පසු, තැචර්ගේ පාලන කාලයෙන් පසු කොන්සර්වේටිව් පක්ෂය විශාලතම මැතිවරණ ජයග්‍රහණය කරා ගෙන ගිය ඇගේ අනුප්‍රාප්තික බොරිස් ජොන්සන්ගේ "බ්‍රෙක්සිට් යතාවත් කරනවා" යනුවෙන් ඔහු දුන් පොරොන්දුවයි. එම පොරොන්දුව මත පදනම්ව ඔහුගේ මඟ පෙන්වීම යටතේ බ්‍රිතාන්‍යයෙන් වෙන්වීම අවසානයේ සාක්ෂාත් කර ගන්නා ලදී. 

ජොන්සන්ගේ අගමැතිත්වය යටතේ චාන්සලර් ලෙස කටයුතු කළ වත්මන් අගමැති රිෂි සුනක්, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ආර්ථික ප්‍රතිලාභ ගැන ද ප්‍රකාශ කරමින්, එය “අපේ රටට එහි ඉරණම පාලනය කිරීමට පරම්පරාවකට වරක් ලැබෙන අවස්ථාවක්” ලෙස හඳුන්වනු ලැබීය. https://www.rt.com/news/589986-british-regret-brexit-poll-economy/

සම්බන්ධිත පුවත් | Related News

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ප්‍රංශයේ Limoges නගරයේ පිහිටි වසර 143ක් පැරණි ඓතිහාසික නගර ශාලාව (Hôtel de Ville) ඔක්තෝබර් 17 වැනිදා පැවති විරෝධතා අතරතුර මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් ගිනි තැබීමෙන් දැඩි ලෙස විනාශ වී තිබේ.
ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.