නාසිවාදයට එරෙහිව එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් වූ යෝජනාවට රටවල් 50ක් පමණ එරෙහි වෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත නාසිවාදය උත්කර්ෂයට නැංවීමට එරෙහිව රුසියාව විසින් කෙටුම්පත් කරන ලද යෝජනාවට ඊයේ(22) රටවල් 49ක් එරෙහිවී ඇති අතර රටවල් 118ක් යෝජනාව සම්මත කර ඇත.
මේ අතර සාමාජික රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඓතිහාසික සංශෝධනවාදය හෙවත් පිළිගත් අදහස් සහ විශ්වාසයන්ගෙන් වෙනස් වන සහ විශේෂයෙන් වැරදි හෝ වංක ලෙස පෙනෙන ආකාරයෙන් වෙනස් කිරීමට උත්සාහ කරන අදහස් සහ විශ්වාසයන්ට සහාය වීම සහ දෙවන ලෝක යුද්ධයේදී සිදු කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස යෝජනාව මගින් එක්සත් ජාතීන්ගේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
"නාසිවාදය උත්කර්ෂයට නැංවීම, නව-නාසිවාදය සහ සමකාලීන වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම්, විජාතික භීතිකාව සහ ඒ ආශ්‍රිත නොඉවසීම උත්සන්න කිරීමට දායක වන අනෙකුත් භාවිතයන්" උත්කර්ෂයට නැංවීමට එරෙහිව සටන් කරන ලෙස මොස්කව් පරිපාලනය විසින් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ සෑම වසරකම ඉහත යෝජනාව ඉදිරිපත් කරමින් සිටී.
ඊයේ(22) පැවැති ඡන්ද විමසීමකදී, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය මෙන්ම යුක්රේනය, ජෝර්ජියාව, ලැට්වියාව, ලිතුවේනියාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 49ක් යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කළහ. ඒ අතර තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බවත් මාධ්‍ය වාර්තා පවසයි.කෙසේ වුවද සැසිවාරයේ සම්පූර්ණ වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
"බටහිර රටවල් සමූහයක් රුසියානු මුලපිරීම දේශපාලනික මෙන්ම රුසියානු කේන්ද්‍රීයව ඉදිරිපත් කළ විශේෂිත ලියවිල්ලක් බවට වර නැගීමට උත්සාහ කළා." එක්සත් ජාතින්ගේ සංවිධානයේ රුසියාවේ ස්ථිර නියෝජිත Maria Zabolotskaya මාධ්‍ය වෙත පැවසීය. " රුසියාව ඉදිරිපත් කළ යෝජනාව මගින් ඔවුන්ගේ ගැටළු පිළිබිඹු වන බව යමෙකුට පෙනී යන්නේනම්, එම ගැටළු නිරාකරණය කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වන නමුත්, නව-නාසිවාදය, වර්ගවාදය සහ විජාතික භීතිකාවට එරෙහි එක්සත් ජාතීන් තුළ ගොඩ නැගෙන සහයෝගීතාවය අඩපණ කිරීමට උත්සාහ නොකළ යුතුයි." ZMaria Zabolotskaya වැඩිදුරටත් පැවසීය.
කෙසේ වුවද, ඡන්දයේ ප්‍රතිඵල “ඔවුන් වෙනුවෙන්ම පෙනී සිටිනවා” යනුවෙන් පැවසූ සබොලොට්ස්කය චීනය, බ්‍රසීලය, ඊශ්‍රායලය ඇතුළු රුසියාවේ යෝජනාවට සහයෝගයට ඡන්දය දුන් සැමට කෘතඥතාව පළ කරමින් අදහස් දැක්වීය.
කෙසේ වුවද රුසියාව 2021 දී මෙම යෝජනාව එකසත් ජාතීන් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී එක්සත් ජනපදය සහ යුක්රේනය යන රටවල් දෙක පමණක් විරුද්ධ වූ අතර තවත් රටවල් 49 ක් ප්‍රධාන වශයෙන් වොෂින්ටනයේ සහචරයින් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. කෙසේ වෙතත්, 2022 දී,එම රටවල් ඡන්දය දීමෙන් වැළකී සිටීම වෙනුවට, ජර්මනිය, ඉතාලිය, ඔස්ට්‍රියාව සහ ජපානය අක්ෂයට අයත් රටවල් ඇතුළු සාමූහික බටහිරයන් ප්‍රථම වරට රුසියානු යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළහ. https://www.rt.com/news/589356-unga-anti-nazism-resolution/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..