ඩිජිටල්කරණය මුවාවෙන් රටේ දත්ත පද්ධතිය වෙනත් රටකට පැවරීමේ ආණ්ඩුවේ සැලසුම ගැන උවිඳුගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඩිජිටල්කරණය මුවාවෙන් මෙරට දත්ත පද්ධතිය සහ තොරතුරු රටේ ස්වාධිපත්‍යයට හානිදායක වන ආකාරයෙන් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ අවදානමක් පවතින බවත්, වර්තමාන ආණ්ඩුව මෙරට දත්ත පද්ධතිය, තොරතුරු පද්ධතිය මෙම ඩිජිටල්කරණ ක්‍රියාදාමය හරහා විදෙස් රටකට පැවරීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා චෝදනා කරයි.
පසුගිය ආණ්ඩු කිහිපයක් ද මෙම ක්‍රියාවලියේ නිරතවීමට උත්සාහ දැරූ බවත්, විශේෂයෙන්ම අසල්වාසී ඉන්දියාවට මෙරට දත්ත පද්ධතිය තමන් යටතට ගැනීමේ දැඩි උවමනාවක් ඇති බව මේ හරහා පෙනෙන්නට ඇති බවත් ඔහු සඳහන් කරයි.
වර්තමාන ජනාධිපතිවරයා මීට පෙර විපක්ෂයේ සිටියදී මේ සම්බන්ධයෙන් හඩනැගූ පුද්ගලයකු බවත් පවසන ඒ මහතා, එහෙත් අද ජනාධිපතිවරයා එම ක්‍රියාදාමයේම නිරතවී සිටින බවද සඳහන් කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා සිදුකළ සවිස්තර කතාව පහළින්,
"අද දින දෙවන පරපුර මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳෙව්වේ, වර්තමානයේ ඉතාම විවාදාත්මක ලෙස කතාබහට ලක්වෙන මේ නිශ්චිත මොහොතේ කතා කරන, ලංකාවේ ජනතාවගේ තොරතුරු රැගත් දත්ත පද්ධතිය ඩිජිටල්කරණය කිරීම හරහා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන කතා කරන්න. ඉතින් පැහැදිලිවම අපි දෙවන පරපුර තරුණ දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ අලුත් නූතන ලෝකයේ, තොරතුරු තාක්ෂණ යුගයේ සියල්ල ඩිජිටල්කරණය වීම සහ ඒ ඩිජිටල් දත්ත මත පදනම් වෙලා වැඩ කටයුතු කළ යුතුයි කියන තැන පැහැදිලිවම ඉන්නවා, සහ අලුත් ලෝකයත් එක්ක මේ ඩිජිටල්කරණය අනිවාර්යෙන් ම අපි ළඟා කරගත යුතු දෙයක්. නමුත් මේ ඩිජිටල්කරණය මුවාවෙන් මේ රටේ දත්ත පද්ධතිය, ඒ වගේම මේ රටේ තොරතුරු, මේ රටේ විශේෂයෙන් ම ස්වාධිපත්තියට හානිදායක වන ආකාරයේ වැඩ කටයුතු සිදුවන බවක් අපිට පැහැදිලිව පේනවා. දැන් මේ නිශ්චිත මොහොත වන විට මේ වර්තමාන ආණ්ඩුව මේ ඩිජිටල්කරණය කිරීම හරහා මේ රටේ දත්ත පද්ධතිය තොරතුරු පද්ධතිය විදෙස් රටකට පැවරීමේ සහ අත්පත් කර දීමේ ක්‍රියාවලියක ක්‍රියාත්මක වෙනවා කියන සැකය අපිට පැන නඟිනවා. අපි පැහැදිලිවම දන්නවා, මෑත ඉතිහාසයේදී මීට අවුරුදු අටකට විතර කලින්, 2017 දී විතර මේ ඩිජිටල්කරණය යහපාලන ආණ්ඩුව ගෙන එනවා. එවකට ඒ රජයට චෝදනා ලක් වෙනවා, මේ ඩිජිටල්කරණය මුවාවෙන් මේ රටේ දත්ත පද්ධතිය, තොරතුරු විශේෂයෙන් ම අපේ අසල්වාසී ඉන්දියාව, එහෙම නැත්නම් ඊට හා බැඳුණු යම් යම් පිරිස් අතට පත් කරනවා කියන කාරණාව. විශේෂයෙන්ම මූදන් කණගේ කියන නමක් එක්ක මූලික වෙච්ච, මිලියන් අටක් වියදම් කරලා, මේ රටේ තොරතුරු පද්ධතිය, දත්ත පද්ධතිය එහෙම ඒක කරන්න සුදුසු නැති පාර්ශවයක් අතට පත් වෙනවා කියන චෝදනාව මේ සමාජයේ විවිධ ක්‍රියාකාරීන් අතින් නැඟුණා. ඒ වගේම තමයි මීට අවුරුදු 5කට කලින් නැවතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආණ්ඩු කරන කාලයේ නැවත වරක් මේ ඩිජිටල්කරණය කිරීම කියන විද්‍යුත් හැඳුම්පත, එහෙම නැත්නම් තොරතුරු ටික ඩිජිටල්කරණය කියන මුවාවෙන් නැවත වරක් මේ තොරතුරු පද්ධතිය ඉන්දියාවට යටත් කර දීමේ ක්‍රියාවලියක් තියෙනවා කියන චෝදනාව මේ සමාජයේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ වලින් නැවත නැඟෙනවා. ඒ වගේම ඊටපස්සේ නිර්මාණය වෙච්ච මේ වික්‍රමසිංහ මහත්තයා මූලික කර ගත්ත ආණ්ඩුවේදීත්, එඩ්කා ගිවිසුම හරහාත් නැවත මේ ඩිජිටල්කරණය කියන එක ඉන්දියාව විසින් නැවතත් කරළියට ගෙන එනවා. ඒ හරහා නැවත මේ තොරතුරු පද්ධතිය, අපේ ජෛව දත්ත තොරතුරු එකතු කරලා ඩිජිටල් හැඳුනුම්පතක් හදනවා, ජෛවමිතික දත්ත පද්ධතියක් හදලා, එකත් එකතු ඩිජිටල් හැඳුනුම්පතක් හදනවා කියලා කරපු කාරණාව එක නැවත මේ සමාජය විවිධ ආන්දෝලනාත්මක තැන්වලට යනවා. එතකොට පැහැදිලිව අපිට පේනවා අවුරුදු 8ක් 10ක් පිටිපස්සට ගියා ම අපේ අසල්වැසි ඉන්දියාව දැඩි උවමනාවක් තියෙනවා මේ රටේ මේ දත්ත පද්ධතිය තමන් අතට පත් කර ගැනීම. ඩිජිටල්කරණය කිරීමේ මුවාවෙන් තමන් අතට පත් කර ගැනීමේ දැඩි උවමනාවක පෙළෙන බවක් අපිට පේනවා. එතකොට දැන් මේ වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිවරයා 2023 අටවෙනි මාසෙ එකොළොස්වෙනිදා එවකට පාලකයන් විසින් ඩිජිටල්කරණය මුවාවෙන් මේ රටේ දත්ත පද්ධතිය විදෙස් රටකට පත් කිරීමේ අනතුර ගැන දැඩි ව කතා කරා. හැබැයි දැන් මේ ඩිජිටල්කරණය මුවාවෙන් (ජෛවමිතික දත්තත් ඒ හරහා එකතු කර ගන්න බව පැවසෙනවා.) නැවත මේ රට නැවත අර්බුධයකට ලක් වෙලා තියෙනකොට, විශේෂයෙන් ම පසුගිය දවස්වල කැබිනට් ප්‍රකාශක ඇමතිතුමා කියනවා, “මේකට ටෙන්ඩර් කැඳවලා අපි ඉන්දියාවට දෙන්නේ මේකේ මේ පද්ධතිය හදන එක. හැබැයි මේක හදන්නේ අපි” කියන සරල කාරණාවකින් මේක බේරන්න හදනවා. ඉතින් එතුමාලගේ දැන ගැනීම සඳහාත් අපි කැමතියි මේ මාධ්‍ය හමුව පටන් ගන්න කලින් එදා 2023 අටවෙනි මාසෙ එකොළොස්වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ එවකට නායක අනුර කුමාර දිසානායක, වර්තමාන මාලිමා ආණ්ඩුවේ ජනාධිපති, රටේ ජනාධිපති, අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා එවකට කියලා කතාවට අපි පොඩ්ඩක් යොමු වෙලා ඉමු. ඒක බලලා මං හිතනවා අපිට පුළුවන්, මේ ඉදිරි කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න.
“අද ලෝකය ගමන් කරන්නේ දත්ත මත. ලංකාවේ වයස් ප්‍රමාණයන් පිළිබඳව, bio data, රටක ලේ වර්ගයේ සිට සියළුම දත්ත මෙහෙයවීමේ බලය මේ සමාගම්වලට හිමි වෙන්නේ. ලෝකය අවි ආයුධවලින් පාලනය කරපු යුගය දැන් අහෝසි වී තිබෙනවා. ලෝකය අද පාලනය කරමින් තියෙන්නේ දත්තවලින්. එක්සත් රාජධානියේ මැතිවරණ දිනයේ දත්ත පාවිච්චි කිරීම පිලිබඳ විශාල චෝදනාවන් අධිකරණයේ විභාගයට ලක් වෙමින් තිබුණා. ඒ වගේ ම facebook ආයතනයට විශාල දඩයක් නියම කළා දත්ත අලෙවිකිරීම නිසා. ඒ නිසා අද ලෝකයේ අවි ආයුධ ජාවාරම, ඖෂධ ජාවාරම හා මත් ද්‍රව්‍ය ජාවාරම ඉක්මවන ලද විශාල ජාවාරමක් මේ දත්ත හරහා සිදු වෙනවා. වර්තමාන ලෝකයේ දත්ත හිමිකාරයා තමා ලෝකේ වැඩි ම බලවතා හැටියට පත් වෙන්නේ. එවැනි තත්වයක් යටතේ අපේ සියළුම දත්ත විදේශීය ජාවාරමක් හරහා හැසිරවීම මොන තරම් සාධාරණ ද යන්න කල්පනා කළ යුතුව තිබෙනවා. දන්නා පරිදි විදේශීය සමාගම් මේ සඳහා ඉදිරිපත් වෙනවා. ඔවුන්ට තියෙන එකම කරුණ නම්, අවුරුදු එකහමාරකින් මේක සම්පූර්ණ කරන්න බෑ. ඒ සඳහා අවුරුදු 4ක වත් කාලයක් අවශ්‍යයි. ඒ නිසා මේ දත්ත විදේශීය සමාගම් අතට පත්වීමේ අනතුර පිලිබඳව ද සැලකිලිමත් වෙන්න ඕන. ලෝකයේ අනාගතේ හිමිකාරිත්වය දරන්නේ දත්ත අයිති කෙනා කව්ද කියන සාධකය මත. දත්ත අද ලෝකයේ ප්‍රබලත ම අවියක් විදියට ක්‍රියා කරන්නේ. එමනිසා, මේ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේ මේ ව්‍යාපෘතිය, සාමාන්‍ය පාරක්, පාලමක් ඉදිකරනවා වැනි කොන්ත්‍රාත්තුවක් ලෙස නොසැලකිය යුතුයි. අපේ රටේ ජාතික ආරක්ෂාව, අපේ රටේ දත්ත පිළිබඳ අපිට තියෙන අයිතිය, දත්ත වෙන කෙනෙක් උපයෝගී කරගෙන අපිට විය හැකි අනතුරක් පිළිබඳව සියල්ල කල්පනා කළ යුතුයි මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීමේ දී.”
දැන් අපි පැහැදිලිව ම කියන්න ඕන කාරණාව තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්තයා එදා මන්ත්‍රීවරයෙක් ලෙස මේ කරපු ප්‍රකාශයත් එක්ක අපි සීයට සීයක් එකඟ වෙනවා. එතකොට අපි පැහැදිලිවම කියන්න ඕනේ, මේ වර්තමාන ජනාධිපතිවරයා එදා 2023 ඒ කරපු ප්‍රකාශය ඉතාමත් නිවැරදියි. ඒ අනතුර තාමත් අදටත් එහෙම්මම තියෙනවා. දැන් අපිට එතුමගෙන් අහන්නත් වෙන්නේ, ඒ වගේම කැබිනට් ප්‍රකාශකතුමාගෙනුත් අහන්න වෙන්නේ දැන් මේ අනතුර එක පාරම ඔබතුමන්ලාගේ ආණ්ඩුව පැමිණීමත් එක්ක මේ අනතුර පහව ගියාද කියන කාරණාව පළවෙනියට මා. ඉතින් පැහැදිලිව අපිට පේන කාරණාව තමයි විශේෂයෙන් මා මේ ඉන්දියාව ලංකාවේ තොරතුරු දත්ත පද්ධතිය අත්පත් කර ගැනීමේ දීර්ඝ කාලීන සැලසුමක මෙහෙයුමක ඉන්නවා. ඒක ඉතිහාසයක් මුළුල්ලේ ඔවුන්ගේ ආපු මේ රට යටත් කර ගැනීමේ, මේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ සහ ඔවුන්ගේ ඒ බලපරාක්‍රමය තහවුරු කර ගැනීමේ වැඩපිළිවලේ වර්තමාන ඩිජිටල් යුගයට අදාළව කෙරෙන වැඩ කටයුතු ටික. ඉතින් මේක මං හිතන්නේ මනාව පැහැදිලි කරේ පාර්ලිමේන්තුවේදී මේ වර්තමාන ජනාධිපතිවරයා. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නය, මම කලින් ඇහුවා වගේ දැන් මේ අනතුර එක රැයකින් පහව ගියේ කොහොමද? දැන් ඊයේ කැබිනට ප්‍රකාශන සම්බන්ධය තිබ්බ මාධ්‍ය හමුවේදී, කැබිනට් ප්‍රකාශකතුමා ගරු ඇමතිතුමා කියනවා “ඉන්දියානු සමාගමකට ටෙන්ඩර් දාලා අපි මේක දෙන්නේ” කියලා. දැන් ඒක ඇතුලේ කියවෙන කතාව මොකද්ද? අවම මේ ටෙන්ඩර් වැඩපිළිවෙල දේශීය සමාගම්වලට වත් විවෘත නැති ස්වභාවක් තමයි අපිට දැන් පෙන්නේ. ඔවුන් පැහැදිලිව කියනවා “අපි ටෙන්ඩර් දාලා තමයි ඉන්දියාවෙන් එකක් තෝරා ගන්නේ”. එතකොට ලංකාවේ සමාගම්, මේ වර්තමාන ජනාධිපතිතුමා කියපු ආකාරයට ඒ ලේ වල ඉඳන්, වයස් සහ මේ අනිත් ජෛවමිතික දත්ත පද්ධතිය ම මේ අනිත් රටක් අතට පත්වීමේ අනතුර විශේෂයෙන් ම අපේ අසල්වාසි, අපිත් එක්ක නිතරම ගැටුම් ඇති කරගන්න සහ අපේ රට නිතරම තමන්ගේ වාසියට පාවිච්චි කරන්න උත්සාහ කරන, මේ රටේ පහුගිය කාලේ වෙච්ච දේශපාලන ප්‍රශ්න, පරිවර්තන ගණනාවකටම යටින් ඉදන් බුද්ධි අංශ මෙහෙයවප, ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරපු, තිස් අවුරුදු යුද්ධයකට මේ රට ඇදල දාන්න, ඒකට පෝෂණය දුන්න රාජ්‍යයකට මේ තොරතුරු දත්ත පද්ධතිය හිමිකර දීම කෙතරම් නම් නුවණැති ක්‍රියාවක්ද? දැන් ඔබතුමන්ලා මීට අවුරුදු දෙක තුනකට කලින් කතා කරපු දේවල් අද කොහොමද එක රැයකින් වෙනස් වෙන්නේ? ඉතින් අපි පැහැදිලිවම කියනවා, අපි එදා හිටපු ඒ ජනතාතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ කතාවට 100%ක් එකඟ වෙන ගමන් අපි අහන්න කැමති වර්තමාන මේ මාලිමා ආණ්ඩුවේ නායක වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙන් මේ කාරණා වෙනස් වෙන්නේ කොහොමද? ඔබතුමා ජනාධිපති වූ පමණින් එක රැයෙන් මේ අපේ අසල්වාසි රට උපාසක බලලෙක් වුණා ද? නෑ. එහෙම වෙලා නෑ. ඉතින් ඒක නිසා, පැහැදිලිව අපි කියනවා, අවම මේ ටෙන්ඩර් දැන් අපේ අසල්වාසි රටේ පුවත්පත් වාර්තා කරන ආකාරයට, ඔවුන් ප්‍රසිද්ධියේ ටෙන්ඩර් කැඳවනවා කියන එක ඔවුන්ගේ මාධ්‍ය හරහා, පුවත්පත් ප්‍රකාශ කරනවා. හැබැයි මේ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකතුමා ඊයේ කියපු කතාවේ පැහැදිලිව ම කියනවා, දැන් මේක සාධාරණීකරණය කරන්න එතුමා ගත්තා උදාහරණය ඇතුලේ ම එතුමාගේ කටින් ම එනවා, “අපි ඉන්දියාවට මේක දෙන්නේ ටෙන්ඩර් දාලා” එතකොට ඉන්දියාවේ තියෙන සමාගම්වලට විතරද මේක අයිති? ඇයි ලංකාවේ සමාගම් නැද්ද? මොරටුව විශ්ව විද්‍යාලය, එතකොට ලංකාවත් එක්ක තොරතුරු තාක්ෂණ ආයතනයක් තියෙනවා ලංකාවේ, ඒත් එක්ක ගැට ගැහිච්ච අපේ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ දක්ෂ තරුණයෝ, දක්ෂ තාක්ෂණ සංවිධාන ගණනාවක් නිර්මාණය කරලා තියෙනවා. ලෝකයේ ඩිජිටල්කරණය කරන තැන්වල ලංකාවේ සංවිධානවල තරුණයෝ සහ ඒ නිර්මාණ වෙච්ච ආයතන ගණනාවක් වැඩ කටයුතු කරනවා. දැන් එහෙම තැනකට දෙන්නේ නැතුව, සමස්ත රටේ ආරක්ෂාව ම අනතුරේ දමමින් දැන් කියනවා “නෑ නෑ මේ system එක ඉන්දියාව හදනවා. දත්ත ඇතුලත් කරන්නේ අපි” කියලා. System එකම ඉන්දියාව හැදුවට පස්සේ… ගෙදර plan එකත් හදලා, ගෙදර උළුවහු තියන ටිකයි ඔක්කොම ටික හදලා, ඒකෙ ඔක්කොම මේ ගේ ඇතුලේ සතුරෝ ටික තියාගෙන, ගේ ලොක් කරලා යතුර අතට ගත්තට වැඩක් නෑනේ. දැන් එහෙම කතාවක් නෙ මේ කියන්නේ. එතකොට මේ පැහැදිලිවම කරන්න හදන්නේ, මීට කලින් ආණ්ඩු යටත් වෙච්ච මේ යටත් විජිත රාජ්‍යයන්ගේ සැලසුම්වලට යටත් වීම. ඉතින් අපි අහනවා මේ රටේ ජනතාවගෙන් මේකට කොච්චර දුරකට අපි ඉඩ තියන්න පුළුවන්ද කියන එක? විශේෂයෙන්ම දැන් මේ ඩිජිටල්කරණය හරහා ජෛවමිතික තොරතුරු එකතු කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ තොරතුරු අවශ්‍ය වෙනවා රාජ්‍යක් පාලනය කරද්දි ඒ සම්බන්ධයෙන් අපිට විවාදයක් නෑ. නමුත් මේ ඉතා සංවේදී තොරතුරු විදෙස් රටකට පත්වෙන්න තැබීම මේ රටට කොච්චරක් හානිකර දායකද? ඒක සාමාන්‍යයෙන් මේ රටේ සමස්ථ ජනතාවට ම බලපාන කාරණාවක් නොවෙන්න පුළුවන්. හැබැයි මේ රටේ ඉන්නවා විශේෂයෙන්ම මේ ජනාධිපතිවරයාගේ ඉඳන්, අගමැතිවරුන්ගේ ඉඳන්, පාර්ලිමේන්තුවෙ ඉන්න ඇමතිවරුවරු, මැති ඇමතිවරු, මේ රටේ ප්‍රධාන ව්‍යාපාරිකයා, මේ රටේ වෛද්‍යවරු, ඉංජිනේරුවො, මේ බුද්ධි බලකාය කථිකාචාර්ය, මහාචාර්යවරු ඇතුළු බුද්ධි බලකාය ඊළඟට මේ රටේ හමුදා නායකයා, මේ රටේ ආරක්ෂක අංශවල ප්‍රධානීන්, මේ රටේ මර්මස්ථාන, මේ රටේ දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් මේ සියලු දෙනාගේ ම ජෛවමිතික දත්ත පද්ධතිය ඒ අයගේ පුද්ගලික තොරතුරු සියල්ල ම ඩිජිටල්කරණය හරහා අපේ අසල්වාසී රට අතට පත්කිරීම හෝ වෙනත් රටක් අතට පත් කිරීම කෙතරම් නුවණ ඇති ක්‍රියාවලියක්ද? අනාගතයේ මේ රටේ ජනාධිපතිවරයෙක් බිහිවෙද්දී ඔහුගේ ජෛවමිතික දත්ත පද්ධතියත් අසල්වාසී රාජ්‍ය අතේ තියෙනවා. අපි දන්නවා මේ ජනාධිපතිතුමා කලින්ම කියපු විදියට ම මේ ඩිජිටල්කරණය හරහා / facebook එක හරහා වෙච්ච ප්‍රශ්නේ ඇමරිකාවේ. මොකද මේ තොරතුරුවලට ඉතා වටිනාකමක් තියෙනවා. 21වන සියවසේ, තොරතුරු තාක්ෂණ යුගයේ දත්ත තමයි ප්‍රධාන ම ආයුධය වෙන්නේ. ඉතින් එහෙම තැනක, ඒක දැනගෙන ම ඒක සමාජෙට 2023 08 වෙනි මාසෙ 11 වෙනිදා පාර්ලිමේන්තුවේ කියපු ජනාධිපතිවරයා අතින් ම මෙහෙම පාවා දීමක් වෙනවා නම්, තවදුරටත් අපිට නිහඬව ඉන්න බෑ කියන කාරණාව අපි මතක් කරන්න කැමතියි. ඒ නිසා අපි මතක් කර සිටිනවා, මේ ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුවට ඔබට මේ ජනවරම දීලා තියෙන්නෙ, මෙවැනි රටවල්වලට යටත් වෙන්න නෙවෙයි. මේක පැහැදිලිවම බලන්න, මේ පහුගිය අවුරුදු දහය ඇතුළත ම මේ අසල්වාසී රාජ්‍ය විවිධ හැඩවලින් මේ ලංකාවේ ඩිජිටල්කරණය කිරීම පිටුපස ආපු ආණ්ඩු සියල්ල, යහපාලන ආණ්ඩුව වේවා, ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව වේවා, රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටපු ධූරය වේවා, වර්තමාන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ධූරය වේවා, මේ සියල්ලේ ම ඩිජිටල්කරණයමුවාවෙන් පිටිපස්සෙන් ඉන්නේ විවිධ හැඩතලවලින්, විවිධ නම්වලින් ඉන්දියාව. එතකොට ඔවුන් සටන අතහැරලා නැහැ. එතකොට මේ යටත්වීම ද අපිට පෙන්නන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා, එදා ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් හැටියට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා එතුමා කියපු කතාවට අපි සියයට සීයක් ම එකඟයි. ඒ අනතුර අදටත් තියෙනවා. ඒ නිසා, වහාම අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා යටත් වීම් කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම කරොත්, යටත් වෙන්න සූදානම් උනොත් ජනතාව පෙළගස්වලා, එය වළක්වන්න අපි පාරට එනවා කියන කාරණාව මතක් කරන්න කැමතියි.
Q1) දැන් බදු සම්බන්ධ ව කතා කරොත්, ඇමරිකාවෙන් තව සහන ලබා ගන්න කණ්ඩායමක් යවනවා කියලා කියනවා රජය ඇමරිකාවට. මේ මේකෙන් සහනයක් ලැබෙයි ද ලංකාවට. මොකද්ද ඔබතුමාගේ අදහස?
පැහැදිලිව ම මේ ආණ්ඩුව තමන්ට කරන්න පුළුවන් උපරිම මැදිහත්වීම කරමින්, මේ බදු 30% තවත් වැඩියි අපිට. මේක තවත් අඩු කරගන්න උත්සාහ කරන්න ඕන පක්ෂ විපක්ෂ කිසිම භේදයකින් තොරව, මේ රටේ ඉන්න සියලුම පුරවැසියන්, සියලුම ව්‍යාවසායකයන්, මේ සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විද්වතුන් අනිවාර්යෙන්ම මේ මොහොතේ රට ගැන හිතලා, මේ බදු අඩු කරගන්න අනිවාර්යෙන්ම එකතු විය යුතුයි. මේ වෙනුවෙන් වැඩ කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ ආණ්ඩුවටත් අපි කියනවා, මේ බදු වැඩිවෙන බවත්, මේ සම්බන්ධයෙන් කලින් ඔබ විසින් ගත යුතු ව තිබූ කාරණා ප්‍රමාණයක් ඔබ විසින් මගේ ඇරගත්තා. නමුත්, දැන් වත් ප්‍රමාද නැතුව, පක්ෂ භේදයක් නැතුව, මේ ක්ෂේත්‍රයට අදාළ, මේ කාරණාවලට අදාළ ප්‍රවීණයන් සම්බන්ධ කර ගනිමින් මේ බදු අඩු කර ගන්න උත්සහ ගන්න. මොකද, විශේෂයෙන් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඇමරිකාවට තිබුණා 10%ත්, 15%ත් අතර බදු ප්‍රමාණයක්. ඒකට තමයි මේ 44 එකතු උණේ. 14%ක් අඩු වෙලා තියෙනවා. නමුත් තව 30%ක් තාම තියෙනවා. එතකොට මේ 30%ට තිබ්බ 15% එකතු උණත් ඒත් අපිට 45කට වැඩි බදු බරක් පැටවෙනවා. එතකොට දැන් මේ ආණ්ඩුවට අපි පැහැදිලිවම කලින් කියපු කාරණාවක් තමයි, මේ IMF එක සහ මේ ලෝක බැංකු සහ… IMF එක කියන්නේ ඒකෙත් සීයට වැඩි ප්‍රමාණයක බර දරන්නේ ඇමරිකාව. ඇමරිකාව තමයි ඒක ඇතුලේ ඉන්නේ. එතකොට එහෙම රටවල් විසින් දුන්න ලණු ගිලලා, ඒ ලණුත් එක්ක තමයි දිරව ගන්න බැරුව, මේ ආණ්ඩුව වැඩ කටයුතු කරන්නේ. IMF එක කියන විදියට වැඩ කරා. ඒකෙ සුවච කීකරු ගෝලයෙක් විදියට වැඩ කරා. හැබැයි, මොකද වුණේ? බදු 30%ක් තියෙනවා. අපේ අසල්වාසියා ඉන්දියාවට 20%ක්, වියට්නාමිට 15%-20%ක්. එතකොට මේ අපිත් එක්ක තරඟකාරීව වෙළපොළේ ඉන්න තරඟකරුවන්. එතකොට ඒ අය එවැනි බදු ප්‍රමාණයක ඉන්නකොට අපිට විශේෂයෙන් ම මේ බදු බර දරන්න බැහැ. ඉතින් අපි විශ්වාස කරනවා ආණ්ඩුව වහාම මැදිහත් විය යුතුයි. ඒ වගේම තමයි, මේ වගේ මේ ඇමරිකානු සහ මේ යටත් වෙච්ච රාජ්‍යයන්වලට යටත් වෙලා ඉන්න වැඩපිළිවෙලක් වෙනුවට, තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න වැඩපිළිවලකට යා යුතුයි. දැන් මං දැක්කා පහුගිය දවසක පැහැදිලිව ම සමන්ත විද්‍යාරත්න ගරු ඇමතිතුමා කියනවා, “අපි දැන් ලෝකේ අනිත් වෙළඳපොළ දිහා බලනවා” කියලා. දැන් මේ ආණ්ඩුව පත් වෙච්ච දවසෙම ම තමයි, මේ පහුගිය අය වැය එනකොට ම තමයි, තරුණ දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරේ අපි කෝ ඔබගේ අයවැය ඇතුලේවත් උපායමාර්ගික සැලසුමක් මෙන්න මේ උඟුලෙන් එළියට එන්න. ඒ වෙලාවේ වහසි බස් දොඩ දොඩා ඉඳලා, දැන් අර අයිස් කන්ද ම ඔළුව උඩ පස්සේ, දැන් හොයනවා ලෝක වෙළඳපොල. කොහෙද ඒක තියෙන්නෙ? බ්‍රික්ස් එක. ලෝකයේ ආසියාව නැගිටිනවා. දැන් මේ ඇමරිකාව ඒ වෙළඳ භාණ්ඩ ගන්නෙ නැත්තං, ඒ භාණ්ඩ යවන්න පුළුවන් තවත් විකල්ප රාජ්‍යයන්, ලෝකේ නැගිටින රාජ්‍යයන් දිහා බලන්න. ලෝකෙ අර්ථය කොහෙට ද ගොඩගැහෙන්නේ? චීනෙට, ඉන්දියාවට, මැලේසියාවට, වියට්නාමෙට, රුසියාවට, පකිස්තානෙ වේවා, මධ්‍යම ආසියානු රටවල්, අරාබිකරයේ රටවල් මේ ලෝක බලය ගෝලීය උතුරින්, ගෝලය දකුණට මේ ආසියාවට කැරකෙන යුගයක්. ඉතින් ඒ ගැන අපි බලන්න කිව්වා. බැලුවේ නැහැ. දැන් බදුවල හිරවෙලා ඉන්නවා. අපි බලාපොරොත්තුවක් නෑ පරණ විපක්ෂ කරා වගේ මේ ආණ්ඩුව හිර කරන්න. ඉතින් ඒ නිසා පැහැදිලිව කියනවා, ඒ බදු අඩු කරගන්න ගමන් උත්සාහ කරන ගමන් දීර්ඝ කාලීන ව ලෝකෙ අලුතින් ගොඩක් නැගෙන ලෝකෙ නව බලවතුන් එක්ක සාකච්ඡා කරන්න. ඇමරිකාවට කණ්ඩායමක් යවලා බදු අඩු කර ගන්න ගමන්, බ්‍රික්ස් එකටත් කණ්ඩායමක් යවන්න. ලෝකෙ ගොඩනැගෙන අනිත් රාජ්‍යයන් දිහා බලලා රුසියාවට චීනෙත් එක්ක සම්බන්ධකම් තියෙනවා. මැලේසියාව වගේ අනික් කලාපයේ රටවල් එක්ක දැන් වෙළඳ ගනුදෙනු පටන් ගන්න. බලන්න ඒගොල්ලොන්ගේ වෙළඳපොලේ මොනව ද තියෙන අපිට යවන්න පුළුවන් දේවල්, දැන් අපිට ගැටගැහෙන්න. එහෙම තමයි අපුට මේකට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. අපිට ඇමරිකාවට විතරක් ගිහිල්ලා බදු අඩු කරගත්තට, ආයි කවදාවත් දවසක ඕක අනිත් පැත්තකින් පනින්න පුළුවන්. ඒ වගේම මං හිතන්නේ, පැහැදිලිව අපි මාධ්‍ය දැක්කා පහුගිය කාලේ ඇමරිකාව කොන්දේසි දාලා තිබ්බේ, චීනෙත් එක්ක, අනිත් රටවල් එක්ක තියෙන ගනුදෙනු අඩු කරන්න, ඒ ගණුදෙනු අඩු කරොත් අපිට ඕගොල්ලොන්ගේ බදු අඩු කරන්නම් කියන කාරණාව. එතකොට බ්‍රික්ස් එකට යන්නෙපා කිව්වා. බ්‍රික්ස් එකට එකට ගියොත් දැඩි බදු දානවයි කිව්වා. හැබැයි බ්‍රික්ස් ඒකෙ ඉන්න ප්‍රධාන පහේ එක්කෙනෙක් වෙච්ච ඉන්දියාවට සීයට විස්සයි බදු. එතකොට මේ අපිව බය කරන්න, අපිව පාලනය කරන්න අර IMF එකෙන් දෙන සොච්චම් මුදල වෙනුවෙන් මේ කොන්ද කඩලා, වකුටු වෙලා, නිවට නියලු රාජ්‍යයක් හැටියට තියන් ඉන්න දරණ උත්සාහයක්. මේ ආණ්ඩුවට ඓතිහාසික භූමිකාවක් තියෙනවා කොන්ද කෙලින් කරන් නැඟිටින්න.
Q2) දැන් ට්‍රම්ප්ගෙන් ඉන්දුනීසියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 19%ක බද්දක් ලෙස සහනයක් ලැබිලා නේද? අපිටත් මේක බැරි ද?
ඔව්. අපි විශ්වාස කරනවා සහ අපි පැහැදිලිව කියපු කාරණාව තමයි, මේ ආණ්ඩුව අනිවාරෙන්ම ම සාකච්චා කරන්න අවශ්‍යයි. සාකච්චා කරලා, එවැනි බදු අඩුකිර ගැනීමකට යා යුතුයි. ඉතින් මේක අපිට පැහැදිලි පෙනෙනවා ඔවුන් මේ බදු දැම්මේ මේ තමන්ගේ ගෝලීය උතුරේ බලය රැක ගන්න. ඒ වෙනුවෙන් තමා මේ ලෝකෙ පුරා ම බදු දැම්මේ. අන්තිම මොකද වෙලා තියෙන්නේ, මේ ආසියාසි කලාපයට දැන් මම කලිනුත් කියපු රටක නමක් ඔබතුමා කියන්නේ, ඒ කියන්නේ ඇමරිකාවට පවා සිද්ධ වෙනවා, ඒ වගේ ම මහා බලවත් රටවල් ඉස්සරහා දණගහන්න. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි එහෙම බලවත් රාජ්‍යයක් විදියට නැඟිටලා තියෙනවා ද? ඉතින් ඒ නිසා, අපිට ඒ සැකය තියෙනවා. හැබැයි ඒ තිබුණත් අපි ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන් පුළුවන් උපරිම උත්සාහය දරන්න. මේක තව 1%ක් හරි අඩු කර ගන්න. ඒ වෙනුවෙන් විපක්ෂයේ කණ්ඩායමක් හැටියට, රට ගැන හිතන ආදරය කරන කණ්ඩායමක් හැටියට ඔය ආණ්ඩුව ගන්න ඕන ම හොඳ දේකට අපිට දෙන්න පුළුවන් සහයෝගය දෙන්න සූදානම් සහ ඉතාම ඉක්මනින්ම මේ සාකච්ඡා කරලා, ඒ අඩු කරගත්තා වගේ අඩු කරගන්න උත්සාහ ගන්න.
Q3) අපි දැක්කා ඊයේ පෙරේදා විපක්ෂෙ රාජේන්ද්‍ර මන්ත්‍රීතුමා කියනවා, තීරු බදු අඩු කර ගන්න වර්තමාන ආණ්ඩුව කිසිම දෙයක් කරේ නැහැ. ඒ වගේ මා ඔය කියන තීරු බදු 30%ක් යන්නේ යුරෝපා රටවල්වලට. එතකොට ඒ රටවල්වලට මේකේ බලපෑමක් නෑ, මේ රටට තමා බලපෑමක් තියෙන්නෙ කියලා. ඒක හරි ද?
නෑ මම හිතන්නේ ආණ්ඩුව සහ මේ ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් සහ ලෝකෙම දැනන් හිටියා, ට්‍රම්ප් මේ බදු ටික පනවනවා කියලා යම් නිශ්චිත තැනකදි. නමුත් අපි වගේ රටවල් සමහර වෙලාවට මේ රටවල ඉන්න නායකයන් විසින් තමන් පත්කර ගත්ත (මේ ආණ්ඩුවත් අලුතෙන් පත්වෙච්ච ආණ්ඩුවක්) උපදේශකයන් දුන්න වැරදි තීන්දු තීරණ නිසා, විශේෂයෙන් ම අපේ රට යම් ප්‍රමාණයකට ප්‍රමාද වුණා. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට යන්න සහ මේ සාකච්ඡාවටත් ඔවුන්ට ඉන්න හොඳ ම දක්ෂ ම ටික යැව්වද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒක සාධාරණ සැකයක්. මොකද මීට වඩා අඩු කර ගන්න හරි සියල්ල තීරණේ වෙන්නේ සාකච්ඡාව ඇතුලේ නේ. සමහර විට මේ සාකච්ඡාවට එකඟ වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන් කාරණාත් ඇති. ඉතින් මේ සියල්ල බලපානවා. ඉතින් අපි පැහැදිලිව කියනවා මේක යුරෝපෙට බලපාන විදියට නෙවෙයි අපිට බලපාන්නේ. මොකද යුරෝපෙ කියන්නේ, යම් ආර්ථික වර්ධනයක් තියෙන, ශක්තියක් තියෙන, ඒ වගේම යුරෝපය සහ ඇමරිකාව කියන රට අතර ඉතා මනා මිත්‍රත්වයක් තියෙන, ගැට ගැහීමක් තියෙන රාජ්‍යයන්. එතකොට බොහෝ වෙලාවට ඒ රටවල් 02 අතර වෙන ගණුදෙනු සහ අපි තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක් හැටියට ඉඳගෙන ඇමරිකාවත් එක්ක කරන ගනුදෙනුව වෙනත් ගනුදෙනුවක්. ඉතින් ඒ නිසා ඒක අපිට බලපාන විදිය වෙනස්. ඉතින් මං හිතන්නේ, විපක්‍ෂයේත් මේ වෙලාවේ කාර්යභාරය වෙන්න ඕනෙ, මේක තමන්ට මේ ආණ්ඩුව… ආණ්ඩුවේ තියෙන අඩුපාඩු තියෙනවා. ඒවා අපි වෙනම විවේචනය කරන්න ඕනේ. මේක මේ ආණ්ඩුව බිඳ වට්ටලා, රට බිඳ වැට්ටීම වෙනුවෙන් පාවිච්චි නොකර, විපක්ෂයත් මේ වෙලාවේ කරන්න ඕනේ තමන්ගේ සම්පත් සහ තමන්ට හැකියාවක් තියෙනවා නම් මේ වෙලාවේ මේ නිශ්චිත මොහොතේ, මේ රට වෙනුවෙන්, (මේක රටට බලපාන කාරණාවක්.) මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා, රටේ ව්‍යාපාරිකයා, රටේ ව්‍යවසයකයා, ඒ හා බැඳුණු රටේ ජනතාව, වැඩ කරන මිනිස්සු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ වෙලාවේ විපක්ෂෙත් කරන්න ඕනෙ ආණ්ඩුවෙන් කකුලෙන් අඳින එක හරි, ඒකට දැන් අඩු පාඩු කිය කිය ඉන්න එක නෙමෙයි. සියළු දෙනාම එකතු වෙලා මේකට උත්තරයක් හොයන එක. ඉතින් ඒ වෙනුවෙන් දෙවැනි පරපුරේ අපි වැඩපිළිවෙල කාරණාව. අපි පොදු විපක්ෂයේ දකින මඩ, කඩාකප්පල් කරන දේශපාලනයෙ අපි නැහැ කියන එකත් මතක් කරන්න කැමතියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්