
සීනි සහ තිරිඟු පිටි බද්දේ පිහිටෙන් ගොඩගිය සමාගම්වලින් මුදල් ආපසු අයකරගන්න හදයි - ක්‍රම සහ විධි කාරක සභාවෙන් උපදෙස්
සීනි සහ තිරිඟු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන නිසා සමාගම් අසීමිත ලාභ ලැබීමත් රටට බදු මුදල් අහිමිවීමත් පිළිබඳ අවධානය යොමුකර ඒවා අයකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඊයේ උපදෙස් ලබාදී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව (15 දා) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමුවූ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම රැස්වීමට කැඳවා තිබූ බව වාර්තා වේ.
2020 ඔක්තෝබර් මස සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් ආනයන සමාගම් බිලියන 16 කට ආසන්න විශාල අනීතික ලාභයක් ලබා ඇති බවත් ඒ සම්බන්ධ විගණන වාර්තාවක් මගින් පෙන්වාදී ඇති බවත් ඊට අදාළ සමාගම් සම්බන්ධයෙන් තක්සේරුවක් සිදුකොට දේශීය ආදායම් පනත අනුව නිසි බදු අය කර ගැනීමට කටයුතු කරන ලෙසත් මෙම කාරක සභාව ඉල්ලා ඇත.
එසේම මෙරටට තිරිඟු ආනයනය කොට පිටි සකස්කරන ප්‍රධාන සමාගම් දෙකට හැර අනෙක් සමාගම්වලට තිරිඟු පිටි ආනයනය රජය විසින් පසුගිය අගෝස්තු මාසයේදී තහනම් කිරීම නිසා පිටි නිෂ්පාදනය කළ ප්‍රධාන සමාගම් දෙකක් විශාල පිටි තොග ප්‍රමාණයක් රැස් කරගත් බව සභාපතිවරයා සඳහන්කර තිබේ. අනතුරුව මාස කිහිපයකින් තිරිඟු පිටි සඳහා රු. 16 ක බද්දක් පැනවීමත් එමඟින් එම සමාගම් ද්විත්වය විශාල ලාභයක් ලැබීම හේතුවෙන් මෙරට ජනතාවට හිමිවිය යුතු බදු සහනයන් නොලැබී යන බවත් ඒ මහතා පවසා ඇත.
තවද පසුගිය නොවැම්බර් 1 දින සීනි බදු වැඩි කිරීමට පෙර ඊට ආසන්නම කාලයේදී එනම් 2023 ඔක්තෝබර් අග පමණ වන විට අසාමාන්‍ය ලෙස සීනි ටොන් 8500 ක් පමණ ආයනයනය කොට ඇති බවත් ඉන්පසු සීනි බදු රු. 50 දක්වා වැඩිවීම සිදුවී ඇති බවත් සභාපතිවරයා සඳහන්කර ඇත.
සාමාන්‍යයෙන් මාසයකදී සීනි ගෙන්වා ඇත්තේ ටොන් 2000 ක ප්‍රමාණයක් වුවද බදු වැඩි කිරීමට ආසන්න කාලයේදී මෙසේ අසාමාන්‍ය ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ බදු වැඩිවන බවට තොරතුරු ආනයනකරුවන්ට ලැබීම නිසා බවට සාධාරණ සැකයක් මතුවන බවත් ඒ අනුව මේ සම්බන්ධව අදාළ දත්ත මුදල් අමාත්‍යාංශයෙන් ලබාගෙන මෙම සමාගම් විසින් ලබාගෙන ඇති අයථා ලාභය නිසි පරිදි තක්සේරු කර නිසි බදු අයකර ගන්නා ලෙස නිර්දේශ කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
