ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.
මේ සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුව නිකුත්කළ නිවේදනය පහළින්..
"ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 500කට මහා පරිමාණ මුදල් මහා පරිමාණ මුදල් මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇත.
පූජන සේවා මධ්‍යස්ථානයන්හි ගොවිකාරක සභා මුදල් වියදම් කරමින් පරිගණක යන්ත්‍ර හා ස්කෑන් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර මිලදී ගැනීමට ඒ ඒ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බලය පවරා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කොන්දේසි මගහැර මහා පරිමාණ මූල්‍ය පාඩුවක් කර ඇති අතර මෙකී සිද්ධිය ට සෘජුවම හිටපු ගොවිජන කොමසාරිස් අබේරත්න හේරත් මුදියන්සේලාගේ ලසත්සිරි අබේරත්න මහතා සෘජුවම සමන්ධය.
එසේම මෙකී උපකරණ මිලදි ගැනීම සදහා වූ ප්‍රසම්පාදන ක්‍රියවලියද සැකසහිත අතර එවකට පැවැති මිල ගණන් වලට වඩා ඉහල මිලක් ටෙන්ඩරයට ලබාදී ඇති අතර, ඩෙක්ස්ටොප් පරිගණකයක මිල 349000 ක් වැනි ඉහල මිලකට කොම්පියුටර් 200 ක් ද , ඩොට් මැට්‍රික්ස් මුද්‍රණ යන්ත්‍රයක් 65295/= බැගින් යන්ත්‍ර 560 ක්ද ඩොට් මැට්‍රික්ස් පාස්පොත් මුද්‍රණ යන්ත්‍රයක් 106890/= ක් වැනි මිලකට යන්ත්‍ර 560ක් ද එසේම ස්කෑන් යන්ත්‍රයක් රු 22020/= වැනි මිලකට යන්ත්‍ර 560ක් ද වන පරිදි මිලදි ගෙන පසුව 18% ක වැට් බද්දද ගෙවා ඇත. සමස්ථ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 211 කි . එසේනමුදු මෙම උපකරණ මිලදී ගෙන අවුරුදු දෙකක් ඉක්මව ගියද මෙතෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොමැත.
එසේම මෙකී ව්‍යාපෘතිය මෘදුකාංග සේවාව සදහා රුපියල් මිලියන තිහක් (කෝටි 03) වැය කරද අවුරුදු දෙකක් ඉක්මවා ගියද මෙතෙක් මෘදුකාංග යද නැත . ඒ වෙනුවෙන් රු.මිලියන 24ක් කිසිදු සේවාවක් ලබානොගෙනම අත්තිකාරම් ලෙස අදාල සමාගමට ගෙවා ඇති අතර එකී සමාගම එවකට හිටපු කෘෂිකාර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වූ නීතිඥ හිරාන් සපරමාදු යන අයට අයත් ය."


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?