News Category
From Date
To Date
Maximum Number of Result

ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..

May 31, 2025 at 08:19 PM
|

ගොවිජන බැංකු (  නියමු ) ව්‍යාපෘතිය  සහ ගොවි   කාරක සභාව සදහා  ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

මේ සම්බන්ධයෙන්   ජාතික ගොවිජන එකමුතුව නිකුත්කළ නිවේදනය පහළින්..

"ගොවිජන බැංකු (  නියමු ) ව්‍යාපෘතිය  සහ ගොවි   කාරක සභාව සදහා  ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 500කට මහා පරිමාණ මුදල් මහා පරිමාණ මුදල් මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇත. 

පූජන සේවා මධ්‍යස්ථානයන්හි  ගොවිකාරක සභා මුදල් වියදම් කරමින් පරිගණක යන්ත්‍ර හා ස්කෑන් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර මිලදී ගැනීමට ඒ ඒ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බලය පවරා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කොන්දේසි මගහැර මහා පරිමාණ මූල්‍ය පාඩුවක් කර ඇති අතර මෙකී සිද්ධිය ට සෘජුවම හිටපු ගොවිජන කොමසාරිස් අබේරත්න හේරත් මුදියන්සේලාගේ ලසත්සිරි අබේරත්න මහතා සෘජුවම සමන්ධය. 

එසේම මෙකී උපකරණ මිලදි ගැනීම සදහා වූ ප්‍රසම්පාදන ක්‍රියවලියද සැකසහිත අතර එවකට පැවැති මිල ගණන් වලට වඩා ඉහල මිලක් ටෙන්ඩරයට ලබාදී ඇති අතර, ඩෙක්ස්ටොප් පරිගණකයක  මිල 349000 ක් වැනි ඉහල මිලකට කොම්පියුටර් 200 ක් ද , ඩොට් මැට්‍රික්ස් මුද්‍රණ යන්ත්‍ර‍යක් 65295/= බැගින් යන්ත්‍ර 560 ක්ද  ඩොට් මැට්‍රික්ස් පාස්පොත් මුද්‍රණ යන්ත්‍රයක් 106890/= ක් වැනි මිලකට යන්ත්‍ර  560ක් ද එසේම ස්කෑන් යන්ත්‍රයක් රු 22020/= වැනි මිලකට යන්ත්‍ර 560ක් ද වන පරිදි මිලදි ගෙන පසුව 18% ක වැට් බද්දද ගෙවා ඇත.  සමස්ථ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 211 කි . එසේනමුදු මෙම උපකරණ මිලදී ගෙන අවුරුදු දෙකක් ඉක්මව ගියද මෙතෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොමැත. 

එසේම මෙකී ව්‍යාපෘතිය මෘදුකාංග සේවාව සදහා රුපියල් මිලියන තිහක්  (කෝටි 03) වැය කරද අවුරුදු දෙකක් ඉක්මවා ගියද මෙතෙක් මෘදුකාංග යද නැත . ඒ වෙනුවෙන් රු.මිලියන 24ක් කිසිදු සේවාවක් ලබානොගෙනම අත්තිකාරම් ලෙස  අදාල සමාගමට ගෙවා ඇති අතර එකී සමාගම එවකට හිටපු කෘෂිකාර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා වූ නීතිඥ හිරාන් සපරමාදු යන අයට අයත් ය."



සම්බන්ධිත පුවත් | Related News

රුසියාවේ පැවැති බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට තමන් පසුගිය ඔක්තොම්බර් මාසයේදී ආරාධනා කළ බව කොළඹ සිටින ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් ජගර්යන් මහතා සඳහන් කරයි.
තඹුත්තේගම A - ශ්‍රේණියේ ක්‍රීඩාංගනයක් සංවර්ධනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
පළාත් පාලන ආයතන 161ක කටයුතු අද (02) දිනයේ සිට ආරම්භ වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.
යුද ජයග්‍රහණය රටට ලබාදීම උදෙසා ක්‍රියා කළ රණවිරුවන්ට අද බලවත් අන්තර්ජාතික තර්ජනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මෙරට පාලකයන්ට ආරක්ෂක හමුදා ආරක්ෂා කිරීමට කොන්ද පණ නැතිනම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අපනයන ආදායම ඉහළ නැංවීමේ පියවරක් ලෙස දේශීයව නිෂ්පාදනය කරන උක් සීනි අපනයනය කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එමගින් දේශීය සීනි කර්මාන්තශාලා වල ආදායම ඉහළ නංවා සේවකයන් සහ සීනි වගාකරුවන් ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන බවත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද ප්‍රකාශ කළේය.
බහාලුම් 323ක් කොළඹ වරායෙන් රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවට මාස හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එහි විමර්ශනය තවමත් අවසන් කර නොමැත.
2025 අප්‍රේල් මාසයේදීත් ජංගම ගිනුමේ අතිරික්තයක් පෙන්නුම් කලත් මාර්තු මස ඩොලර් මිලියන 459 ක් ලෙස වාර්ථා වු ජංගම ගිනුමේ ශේෂය අප්‍රේල් වන විට ඩොලර් මිලියන 178 ක් දක්වා ඩොලර් මිලියන 281 සැලකිය යුතු අන්දමෙන් පහත වැටී ඇත .
මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම හෙට (02) දිනයේදී සිදුකළ යුතු වෙයි.

ප්‍රධාන පුවත්

බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..

රුසියාවේ පැවැති බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට තමන් පසුගිය ඔක්තොම්බර් මාසයේදී ආරාධනා කළ බව කොළඹ සිටින ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් ජගර්යන් මහතා සඳහන් කරයි.

යුද ජයග්‍රහණය රටට ලබාදුන් රණවිරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට කොන්දක් නැත්නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් - විමල් කියයි (වීඩියෝ)

යුද ජයග්‍රහණය රටට ලබාදීම උදෙසා ක්‍රියා කළ රණවිරුවන්ට අද බලවත් අන්තර්ජාතික තර්ජනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මෙරට පාලකයන්ට ආරක්ෂක හමුදා ආරක්ෂා කිරීමට කොන්ද පණ නැතිනම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

චෙක් නොකර වරායෙන් එළියට ගිය කන්ටේනර් 323 ගැන හොයන්න දාපු කමිටුවේ වාර්තාව තවම නැතිලු..

බහාලුම් 323ක් කොළඹ වරායෙන් රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවට මාස හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එහි විමර්ශනය තවමත් අවසන් කර නොමැත.

කෙහෙළිය හිරේ දමා භාවිතයෙන් ඉවත් කළ ඖෂධයේ අවුලක් නැහැලු - ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන කතාව මෙන්න.. (වීඩියෝ)

පසුගිය කාලයේ රට පුරා මහත් ආන්දෝලනයක ලක්වූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් නම් ඖෂධය භාවිතා කිරීම හේතුවෙන් රෝගීන් මියගිය බවටද කරුණු වාර්තා වූ අතර, මෙම ඖෂධය ගෙන්වා රෝහල්වලට ලබාදීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නීතිය හමුවට ඉදිරිපත් කිරීම ද සිදුවිය.

හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..

ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.

වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..

උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි.

අනුරගේ කතාවට ‌ෆොන්සේකාටත් රිදිලා

ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුලි මස 11 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..

ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික උපායමාර්ගක කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකයේ දේශපාලනික ආර්ථික සහ යුදමය වැදගත්කමක් ලැබී තිබීම නිසා ලෝකයේ බලවත් රටවල් දැඩි ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අවදානය යොමුකර තිබේ.

යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, යුරෝපා මහාද්වීපය පුරාම දිවි පිදූ සෝවියට් සොල්දාදුවන් වෙනුවෙන් ස්මාරක 4,000 ක් පමණ ඉදිකර ඇත.

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.