තාප බලාගාරවලට ඉඩ දී පුනර්ජනනීය බලශක්තිය ගිලින්න බහිරවයෙක් ඇවිත්..
තාප විදුලි බලාගාර ප්‍රවර්ධනය කිරීම උදෙසා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩාකප්පල් කිරීමේ කූට උත්සාහයක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි. අඩු පිරිවැයක් සහිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී තාප විදුලි බලාගාර සඳහා ඉල්ලුම අඩුවන බැවින් මෙම සැලසුම ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
2023 වසරේ තාප බලාගාර සඳහා රුපියල් බිලියන 227 ක් වැය කර ඇත. එසේම 2024 වසරේදී එම අගය රුපියල් බිලියන 145කි. වසරක් තුළ රුපියල් බිලියන 82 ක් ලංකා විදුබල මණ්ඩලයට ඉතුරු කර ගැනීමට හැකිව ඇත්තේ රජය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සඳහා වැඩි වශයෙන් යොමුවීම නිසා බව සංඛ්‍යා දත්ත තහවුරු කර ඇත.
එවැනි තත්ත්වයක් තුළ තවදුරටත් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි රජය යොමු වුවහොත් තාප විදුලි බලාගාර සඳහා වන ඉල්ලුම අඩුවන බැවින් එයින් ප්‍රතිලාභ ලබන පිරිසක් රජයේ මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පැවසේ.
ඒ අනුව කල්පිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 10.6 ක සුළං විදුලි බලාගාර සම්බන්ධයෙන් වැරදි අර්ථකථන ලබාදී එය කඩාකප්පල් කිරීමට ඉහත පිරිස කටයුතු කරමින් සිටින බවද සඳහන් වේ. එම ව්‍යාපෘති නිසි ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් රාජ්‍ය ආයතනවල සියලු අනුමැතියන් සහිතව මිලට ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමට ඇති අවස්ථාවක වැරදි අර්ථකථන ලබාදී එය බිඳ වැට්ටවීම සඳහා එකී පිරිස තවදුරටත් කටයුතු කරමින් සිටින බවද කියැවේ. මෙම ව්‍යාපෘතිය ඩොලර් මිලියන 72ක (රුපියල් බිලියන 22 ක) ආයෝජනයක් වන අතර යම් හෙයකින් එය අතරමග නතර කර දැමීමට සිදුවුවහොත් රජයට වැඩි මිලට තාප බලාගාරවලින් විදුලිය ගැනීමට සිදුවනු ඇත.
ඉහත ව්‍යාපෘති සඳහා සියලුම වියදම් පෞද්ගලික අංශයෙන් දැරිය යුතු අතර මෙම බලාගාර පද්ධතියට සම්බන්ධ කිරීමට අවශ්‍ය වන සම්ප්‍රේෂණ රැහැන්/ ට්‍රාන්ස්ෆෝමර් ආදී කටයුතු සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 19 ක් (රුපියල් බිලියන 6 ක්) පමණ ආයෝජනය කළ යුතු වේ.
තාප බලාගාර සඳහා ඒකකයකට රුපියල් 75 කට වැඩි මුදලක් ගෙවීම සිදුවන බව කියන අතර පරිසර හිතකාමී සුළං බලාගාරවලින් නිපදවන විදුලි ඒකකයක් වෙනුවෙන් රුපියල් 29 ක් වැනි අඩු මුදලක් වැය වේ.
විශාල පරිමාණයේ සුළං බලාගාර සඳහා ඉඩම් ලබාදීම සහ සම්ප්‍රේෂණ රැහැන් සඳහා යන මුළු වියදම ද රජය මගින් දරනු ලබන අතර ඒ අනුව ඉඩම්වලට සහ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග පද්ධතියට යන වියදම් රජය මඟින් දැරීම නිසා එම බලාගාරවල ඒකකයක මිල අඩුවට ලබාදිය හැකිය.
එනමුත් සම්මත විදුලිය මිලදී ගැනීම් ගිවිසුම් යටතේ ක්‍රියාත්මක ඉහත මෙගාවොට් 10 සුළං විදුලිබලාගාර සඳහා ඉඩමට මෙන්ම සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අවශ්‍ය ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 19 කට අධික මුදල ආයෝජකයා විසින් දැරිය යුතු නිසා මෙම ක්‍රමවේදය යටතේ ඒකකයක මිල රුපියල් 29.80 ක් ලෙස නියම කර ඇති බව පැවසේ.
සිරිමන්ත රත්නසේකර
Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..