
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඉකුත් දා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී පැවසුවේ කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කර තිබූ රෙගුලාසි කිහිපයක් සම්බන්ධයෙන් සභාපතිවරයා අවබෝධයකින් තොරව කරුණු දක්වා ඇති බවය.
මෙහිදී මත්තල, යාපනය සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් සඳහා අපගමන බදු සහනයක් ලබාදීමට අදාලව රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට ඉදිරිපත් කර තිබිණි.
එහෙත් එම රෙගුලාසි සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති අපොහොසත් වීම හේතුවෙන් එහිදී දැඩි දෝෂ දර්ශනයට ලක්විය.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මෙහිදී සාකච්ඡා කෙරෙන කරුණු සම්බන්ධව තමන් මුදල් පිළිබඳ කාරක සභාව හමුවට පැමිණෙන තුරුම දැන නොසිටි බවයි.
මෙහිදී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ මෙම ආයතනයේ සභාපතිවරයා ලෙස එම ආයතනය ගැන කරුණු නොදැන සිටීම පුදුමයට කරුණක් බවය.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා රේගු දෙපාර්තමේන්තුවේ වසර 37ක් පමණ රාජකාරි සිදුකළ පුද්ගලයකි.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සහ ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්ව විද්‍යාලයෙන් රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු වේ.
කෙසේ වුවද මෙරට සිවිල් ගුවන් සේවාව සම්බන්ධයෙන් ඔහුගේ අවබෝධය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්ව ප්‍රශ්න කරමින් සිටිති.
මෙම තනතුරු වලට මෙවැනි පුද්ගලයන් තෝරා ගැනීම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවකයන් අනාවරණය කරන්නේ ජනාධිපති ලේකම් වරයාගේ හිතවතුන් මෙම තනතුරු වලට පත්කිරීම හරහා මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මෙරට සංචාරයකට සූදානමින්..
යුද ජයග්‍රහණය රටට ලබාදුන් රණවිරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට කොන්දක් නැත්නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් - විමල් කියයි (වීඩියෝ)
චෙක් නොකර වරායෙන් එළියට ගිය කන්ටේනර් 323 ගැන හොයන්න දාපු කමිටුවේ වාර්තාව තවම නැතිලු..
කෙහෙළිය හිරේ දමා භාවිතයෙන් ඉවත් කළ ඖෂධයේ අවුලක් නැහැලු - ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන කතාව මෙන්න.. (වීඩියෝ)
හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
