ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඉකුත් දා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී පැවසුවේ කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කර තිබූ රෙගුලාසි කිහිපයක් සම්බන්ධයෙන් සභාපතිවරයා අවබෝධයකින් තොරව කරුණු දක්වා ඇති බවය.
මෙහිදී මත්තල, යාපනය සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් සඳහා අපගමන බදු සහනයක් ලබාදීමට අදාලව රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට ඉදිරිපත් කර තිබිණි.
එහෙත් එම රෙගුලාසි සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති අපොහොසත් වීම හේතුවෙන් එහිදී දැඩි දෝෂ දර්ශනයට ලක්විය.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මෙහිදී සාකච්ඡා කෙරෙන කරුණු සම්බන්ධව තමන් මුදල් පිළිබඳ කාරක සභාව හමුවට පැමිණෙන තුරුම දැන නොසිටි බවයි.
මෙහිදී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ මෙම ආයතනයේ සභාපතිවරයා ලෙස එම ආයතනය ගැන කරුණු නොදැන සිටීම පුදුමයට කරුණක් බවය.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා රේගු දෙපාර්තමේන්තුවේ වසර 37ක් පමණ රාජකාරි සිදුකළ පුද්ගලයකි.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සහ ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්ව විද්‍යාලයෙන් රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු වේ.
කෙසේ වුවද මෙරට සිවිල් ගුවන් සේවාව සම්බන්ධයෙන් ඔහුගේ අවබෝධය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්ව ප්‍රශ්න කරමින් සිටිති.
මෙම තනතුරු වලට මෙවැනි පුද්ගලයන් තෝරා ගැනීම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවකයන් අනාවරණය කරන්නේ ජනාධිපති ලේකම් වරයාගේ හිතවතුන් මෙම තනතුරු වලට පත්කිරීම හරහා මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?