හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..
මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.
එම විමර්ශනවලට අදාළ විත්තිකරුවන් සියයකට ආසන්න පිරිසක් සිටින බවත් ඒ අතර හිටපු කැබිනට් ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දේශපාලකයන්ගේ ඥාතීන් සහ ටෙන්ඩර් ඇතුළු විවිධ ගනුදෙනුවලට සම්බන්ධ වූ තවත් පිරිස් සිටින බව මූල්‍ය විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘සතිඅග අරුණ’ට පැවැසීය. හිටපු ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය ද ඇතුළුව ඇතැම් දේශපාලකයන් සමග ව්‍යාපාර කටයුතුවල නිරත වූ පිරිසක් සම්බන්ධයෙන් ද විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් පතා විමර්ශන ගොනු භාර දී ඇතැයි එම නිලධාරියා පැවැසීය.
අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවකට අදාළව ඉකුත් දා බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු යන දෙදෙනාට තවත් නඩුවක් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබෙන බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවාරච්චි ද එම නඩුවේ විත්තිකරුවෙක් බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ඇමැතිවරුන් වන ඩිලාන් පෙරේරා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් විසින් කර ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවන්ට අදාළ විමර්ශන අවසන් කර මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.
මෙලෙස නීතිපතිවරයා වෙත යොමු කරන ලද ඇතැම් ගොනුවලට අදාළ විමර්ශන අවසන් කර තිබුණ ද ඊට අදාළ ඉදිරි නීතිමය පියවරයන් ගෙන නොතිබූ බවත් වසර හයක පමණ කාලයක් තිස්සේ අතරමග නැවතී තිබූ විමර්ශනවලට අදාළ ගොනු නඩු පැවරීම ඇතුළු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන බවත් ඉහත කරුණු දැක් වූ නිලධාරියා කීවේය.
- Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?