ශ්‍රී ලාංකිකයන් 3,065ක් අමෙරිකාවෙන් එළවීම සහ ශ්‍රී ලංකාවට ගත හැකි ක්‍රියාමාර්ග තිබේද?
ශ්‍රී ලාංකිකයන් 3,065 ක් ඇතුළුව මිලියන 1.4 කට අධික නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් පිටුවහල් කිරීමට සිදු කර ඇති සැලසුම් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අමෙරිකාවෙන් නිල දැනුම්දීමක් අපේක්ෂාවෙන් සිටින බව The Daily Morning වාර්තා කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් අමෙරිකාවේ නව පරිපාලනය යටතේ පිටුවහල් කිරීමට නියමිත මිලියන 1.4 කට අධික නීතිවිරෝධී සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලාංකිකයන් 3,065 ක් සිටින බව අමෙරිකාවේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සිය ඉකුත් දා අනාවරණ කර තිබිණි.
The Daily Morning කළ විමසීමකදී විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා ඇත්තේ, මෙම පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මෙරට රජයට අමෙරිකාවෙන් කිසිදු නිල පණිවිඩයක් ලැබී නොමැති බවයි.
කෙසේවෙතත් අමෙරිකාව එවැනි දැනුම්දීමක් සිදුකිරීම අනිවාර්ය නොවන බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
“අපට ලැබී ඇති තොරතුරුවලට අනුව එහි නීත්‍යානුකූලව පදිංචිව සිටින බොහෝදෙනකුට රැකියා අහිමි විය හැකියි. එහෙම ප්‍රශ්නයක් එහෙමත් තියෙනවා. සමහර ප්‍රතිපත්ති සංශෝධනය වෙනවා. පසුගිය දිනක පැවති උත්සවයකදී මම මේ පිළිබඳව ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ගෙන් විමසා සිටියත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ.” නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
රජය අමෙරිකාවෙන් නිල පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන්නේද යන්න පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ, අමෙරිකාවට මේ සම්බන්ධයෙ අදහස් දැක්වීමට තවත් කාලයක් අවශ්‍ය බව ඔවුන් විශ්වාස කරන බවයි.
“අපට පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින්න පුළුවන්, නමුත් අපි සිතන්නේ ඔවුන්ට තවත් කාලයක් අවශ්‍ය බවයි. කවුරු හරි එහි නීතිවිරෝධී ලෙස රැඳීසිටිනවා නම්, එය නීතියට පටහැනියි. අපට මැදිහත් විය හැකි ප්‍රමාණය අධ්‍යයනය කළ යුතුයි. කෙසේවෙතත්, මෙය තවමත් පැහැදිලි නැහැ, නිල දැනුම්දීමක් සිදුකරන තෙක් අපි බලාගෙන ඉන්නවා” ඔහු පැහැදිළි කළේය.
අමෙරිකාවේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සිය විසින් නිකුත් කරන ලද ලේඛනයකට අනුව, පසුගිය වසරේ (2024) නොවැම්බර් 24 වන විට අමෙරිකාවේ පුරවැසියන් නොවන 1,445,549 ක් එරට තුළ සිටින අතර, එම සංඛ්‍යාවට ශ්‍රී ලාංකිකයන් 3,065 ක් ඇතුළත් වේ.
ඒ අනුව සිය රටවැසියන් යැයි සැකකෙරෙන පුද්ගලයන්ගේ පුරවැසිභාවය තහවුරු කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස අමෙරිකානු රජය විදේශ රජයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..