
ශ්‍රී ලාංකිකයන් 3,065ක් අමෙරිකාවෙන් එළවීම සහ ශ්‍රී ලංකාවට ගත හැකි ක්‍රියාමාර්ග තිබේද?
ශ්‍රී ලාංකිකයන් 3,065 ක් ඇතුළුව මිලියන 1.4 කට අධික නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් පිටුවහල් කිරීමට සිදු කර ඇති සැලසුම් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අමෙරිකාවෙන් නිල දැනුම්දීමක් අපේක්ෂාවෙන් සිටින බව The Daily Morning වාර්තා කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් අමෙරිකාවේ නව පරිපාලනය යටතේ පිටුවහල් කිරීමට නියමිත මිලියන 1.4 කට අධික නීතිවිරෝධී සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලාංකිකයන් 3,065 ක් සිටින බව අමෙරිකාවේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සිය ඉකුත් දා අනාවරණ කර තිබිණි.
The Daily Morning කළ විමසීමකදී විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා ඇත්තේ, මෙම පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මෙරට රජයට අමෙරිකාවෙන් කිසිදු නිල පණිවිඩයක් ලැබී නොමැති බවයි.
කෙසේවෙතත් අමෙරිකාව එවැනි දැනුම්දීමක් සිදුකිරීම අනිවාර්ය නොවන බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
“අපට ලැබී ඇති තොරතුරුවලට අනුව එහි නීත්‍යානුකූලව පදිංචිව සිටින බොහෝදෙනකුට රැකියා අහිමි විය හැකියි. එහෙම ප්‍රශ්නයක් එහෙමත් තියෙනවා. සමහර ප්‍රතිපත්ති සංශෝධනය වෙනවා. පසුගිය දිනක පැවති උත්සවයකදී මම මේ පිළිබඳව ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ගෙන් විමසා සිටියත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ.” නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
රජය අමෙරිකාවෙන් නිල පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන්නේද යන්න පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ, අමෙරිකාවට මේ සම්බන්ධයෙ අදහස් දැක්වීමට තවත් කාලයක් අවශ්‍ය බව ඔවුන් විශ්වාස කරන බවයි.
“අපට පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින්න පුළුවන්, නමුත් අපි සිතන්නේ ඔවුන්ට තවත් කාලයක් අවශ්‍ය බවයි. කවුරු හරි එහි නීතිවිරෝධී ලෙස රැඳීසිටිනවා නම්, එය නීතියට පටහැනියි. අපට මැදිහත් විය හැකි ප්‍රමාණය අධ්‍යයනය කළ යුතුයි. කෙසේවෙතත්, මෙය තවමත් පැහැදිලි නැහැ, නිල දැනුම්දීමක් සිදුකරන තෙක් අපි බලාගෙන ඉන්නවා” ඔහු පැහැදිළි කළේය.
අමෙරිකාවේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සිය විසින් නිකුත් කරන ලද ලේඛනයකට අනුව, පසුගිය වසරේ (2024) නොවැම්බර් 24 වන විට අමෙරිකාවේ පුරවැසියන් නොවන 1,445,549 ක් එරට තුළ සිටින අතර, එම සංඛ්‍යාවට ශ්‍රී ලාංකිකයන් 3,065 ක් ඇතුළත් වේ.
ඒ අනුව සිය රටවැසියන් යැයි සැකකෙරෙන පුද්ගලයන්ගේ පුරවැසිභාවය තහවුරු කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස අමෙරිකානු රජය විදේශ රජයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
