
ආර්ථික අර්බුදය අන්තර්ජාල ගණිකා වෘත්තිය වැඩි කරලා - ජාතික කාන්තා එකමුතුව
ජීවන වියදම ඉහළයෑම, රැකියා අවස්ථා හිඟවීම සමඟ රට තුළ පවති ආර්ථික අර්බුදය බොහෝ කාන්තාවන්ට ආර්ථිකමය වශයෙන් අනපේක්ෂිත ගැටළු සඳහා මුහුණපෑමට සිදුව ඇති බවත් ආර්ථීක අර්බුදයේ බර උසුලමින් සිටින කාන්තාවන් දහස් ගණනක් ඒ හමුවේ ඉච්ඡාභංගත්වයට පත්වීමත් සමග ආර්ථීක ගැටළු සඳහා විසඳුමක් ලෙස මාර්ගගත ගණිකා වෘත්තිය වෙත යොමුවීමේ තත්ත්වයක් රට තුළ වර්ධනය වෙමින් පවතින බව දක්නට ලැබෙන බවත් ජාතික කාන්තා එතමුතුවේ සභාපති හෂිනි සිල්වා මහත්මිය පවසයි.
වැඩිදුරටත් ඇය පවසන්නේ
ආර්ථිකය ස්ථාවර කිරීමට සහ තිරසාර විසඳුම් ලබා දීමට රජය අසමත් වීම, අවදානමට ලක්විය හැකි ජනගහනය බරපතල අවදානමකට ඇද දමා ඇති අතර, වහාම අවධානය යොමුකළ යුතු දරුණු සමාජ ගැටලුවක් ද ඒ ඔස්සේ හෙළිදරව් වී ඇත.
කොවිඩ්-19 වසංගතය සහ එහි පශ්චාත් සමය තුළ පැන නැගුණු ගැටළු ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට, විශේෂයෙන්ම කාන්තාවන්ට කල්පවත්නා බලපෑමක් ඇති කර ඇත.
ඇඟලුම් කම්හල් සහ වෙනත් සමාගම් වැසීයෑම හමුවේ බොහෝ පිරිසකට රැකියා අහිමි වූ අතර, ඇතැමුන්ට ජීවනෝපායක් වෙනත් විකල්ප නොමැති විය.
රට තවදුරටත් නිල වශයෙන් බංකොලොත් වී නොමැති නමුත් ආර්ථික අස්ථාවරත්වය සැලකිය යුතු අභියෝගයක් ලෙස පවතී.
මෙම කැලඹීම මධ්‍යයේ, කාන්තාවන් ණය, සූරාකෑම සහ ජීවිතය ගෙනයෑමේ අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ පා සිටියි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන විට, කාන්තාවන් සමඟ සමීපව කටයුතු කරන ‘ජාතික කාන්තා එකමුතුව’ නම් රාජ්‍ය නොවන සංවිධානයක් අනාවරණ කරන්නේ, ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වසරේ සිට ගෘහණියන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ජාලය හරහා ගණිකා වෘත්තියට යොමු වී ඇති බවයි.
එහි සභාපති හස්නි සිල්වා පෙන්වා දෙන්නේ, රැකියා අවස්ථා නොමැතිකම සමඟ පොරබදමින් සිටින බොහෝ කාන්තාවන්ට අන්තර්ජාල ගණිකා වෘත්තිය අවසන් විසඳුම බවට පත්ව ඇති බවයි.
කොවිඩ්-19 වසංගතයෙන් පසුව, ඇඟලුම් කම්හල් ඇතුළු බොහෝ සමාගම් වසාදැමීම, කාන්තාවන් අතර විරැකියාව ඉහළයෑමට හේතුවිය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් කාන්තාවන් ඉක්මන් ආදායමක් උපයා ගැනීමේ මාර්ගයක් ලෙස අන්තර්ජාල ගණිකා වෘත්තියට යොමුව තිබේ.
ඇතැම් කාන්තාවෝ ස්පා සහ සුවතා මධ්‍යස්ථානවල රැකියා සඳහා සම්බන්ධ වී සිටිති.
2019 වසරේ සිට එවැනි ආයතන සංඛ්‍යාව 10,000 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ආර්ථික අර්බුදය හා සම්බන්ධ වී පවතී.
කෙසේවෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වශයෙන් ලියාපදිංචි වී ඇත්තේ ස්පා සහ සුවතා මධ්‍යස්ථාන 6,000ක් පමණක් බව පැවසේ.
එවැනි ස්ථානවල අදාළ සේවාව සැපයීම සඳහා පැයකට රුපියල් 3,000 සිට 10,000 දක්වා ගාස්තු අය කෙරෙන බව ද පැවැසේ.
“බොහෝ කාන්තාවන් ගෘහස්ත කටයුතුවල නිරත වෙන ගමන් නිවසේ සිටම ආදායමක් උපයා ගැනීමට උත්සහ කරනවා. බංකොලොත් ලේබලයෙන් රට නිදහස් වී තිබුණත් ආර්ථීක අස්ථාවර භාවය තවම තියෙනවා. මෑතක සිට වැඩි වූ විදුලි බිල සහ විවිධ ගෘහාශ්‍රිත වියදම් සමඟ මෙම ආදායම කාන්තාවන්ට තම පවුල් සඳහා ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන නිසා බොහෝ කාන්තාවන්ට තම ගෘහස්ත රැකියා හෝ ස්වයං රැකියා ව්‍යාපාර කරගෙන යාමට අපහසු වෙලා තිබෙනවා.” හසිනි සිල්වා පැවසුවාය.
එබැවින් ඇය පෙන්වා දෙන්නේ කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුන්ගේ ස්වයං රැකියා ව්‍යාපාරවල දියුණුවට සහාය වීමට රජය කටයුතු කළ යුතු බවයි.
රටේ ආර්ථිකය කඩාවැටීම සහ පසුකාලීනව ජීවත්වීමේ මාධ්‍යයක් ලෙස ගණිකා වෘත්තියට යොමු වූ කාන්තාවන්ගේ වැඩිවීම සම්බන්ධයෙන් පසුගිය රජයන් වගකිව යුතු බව ද ඇය පවසයි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
