ආර්ථික අර්බුදය අන්තර්ජාල ගණිකා වෘත්තිය වැඩි කරලා - ජාතික කාන්තා එකමුතුව
ජීවන වියදම ඉහළයෑම, රැකියා අවස්ථා හිඟවීම සමඟ රට තුළ පවති ආර්ථික අර්බුදය බොහෝ කාන්තාවන්ට ආර්ථිකමය වශයෙන් අනපේක්ෂිත ගැටළු සඳහා මුහුණපෑමට සිදුව ඇති බවත් ආර්ථීක අර්බුදයේ බර උසුලමින් සිටින කාන්තාවන් දහස් ගණනක් ඒ හමුවේ ඉච්ඡාභංගත්වයට පත්වීමත් සමග ආර්ථීක ගැටළු සඳහා විසඳුමක් ලෙස මාර්ගගත ගණිකා වෘත්තිය වෙත යොමුවීමේ තත්ත්වයක් රට තුළ වර්ධනය වෙමින් පවතින බව දක්නට ලැබෙන බවත් ජාතික කාන්තා එතමුතුවේ සභාපති හෂිනි සිල්වා මහත්මිය පවසයි.
වැඩිදුරටත් ඇය පවසන්නේ
ආර්ථිකය ස්ථාවර කිරීමට සහ තිරසාර විසඳුම් ලබා දීමට රජය අසමත් වීම, අවදානමට ලක්විය හැකි ජනගහනය බරපතල අවදානමකට ඇද දමා ඇති අතර, වහාම අවධානය යොමුකළ යුතු දරුණු සමාජ ගැටලුවක් ද ඒ ඔස්සේ හෙළිදරව් වී ඇත.
කොවිඩ්-19 වසංගතය සහ එහි පශ්චාත් සමය තුළ පැන නැගුණු ගැටළු ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට, විශේෂයෙන්ම කාන්තාවන්ට කල්පවත්නා බලපෑමක් ඇති කර ඇත.
ඇඟලුම් කම්හල් සහ වෙනත් සමාගම් වැසීයෑම හමුවේ බොහෝ පිරිසකට රැකියා අහිමි වූ අතර, ඇතැමුන්ට ජීවනෝපායක් වෙනත් විකල්ප නොමැති විය.
රට තවදුරටත් නිල වශයෙන් බංකොලොත් වී නොමැති නමුත් ආර්ථික අස්ථාවරත්වය සැලකිය යුතු අභියෝගයක් ලෙස පවතී.
මෙම කැලඹීම මධ්‍යයේ, කාන්තාවන් ණය, සූරාකෑම සහ ජීවිතය ගෙනයෑමේ අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ පා සිටියි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන විට, කාන්තාවන් සමඟ සමීපව කටයුතු කරන ‘ජාතික කාන්තා එකමුතුව’ නම් රාජ්‍ය නොවන සංවිධානයක් අනාවරණ කරන්නේ, ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වසරේ සිට ගෘහණියන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ජාලය හරහා ගණිකා වෘත්තියට යොමු වී ඇති බවයි.
එහි සභාපති හස්නි සිල්වා පෙන්වා දෙන්නේ, රැකියා අවස්ථා නොමැතිකම සමඟ පොරබදමින් සිටින බොහෝ කාන්තාවන්ට අන්තර්ජාල ගණිකා වෘත්තිය අවසන් විසඳුම බවට පත්ව ඇති බවයි.
කොවිඩ්-19 වසංගතයෙන් පසුව, ඇඟලුම් කම්හල් ඇතුළු බොහෝ සමාගම් වසාදැමීම, කාන්තාවන් අතර විරැකියාව ඉහළයෑමට හේතුවිය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් කාන්තාවන් ඉක්මන් ආදායමක් උපයා ගැනීමේ මාර්ගයක් ලෙස අන්තර්ජාල ගණිකා වෘත්තියට යොමුව තිබේ.
ඇතැම් කාන්තාවෝ ස්පා සහ සුවතා මධ්‍යස්ථානවල රැකියා සඳහා සම්බන්ධ වී සිටිති.
2019 වසරේ සිට එවැනි ආයතන සංඛ්‍යාව 10,000 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ආර්ථික අර්බුදය හා සම්බන්ධ වී පවතී.
කෙසේවෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වශයෙන් ලියාපදිංචි වී ඇත්තේ ස්පා සහ සුවතා මධ්‍යස්ථාන 6,000ක් පමණක් බව පැවසේ.
එවැනි ස්ථානවල අදාළ සේවාව සැපයීම සඳහා පැයකට රුපියල් 3,000 සිට 10,000 දක්වා ගාස්තු අය කෙරෙන බව ද පැවැසේ.
“බොහෝ කාන්තාවන් ගෘහස්ත කටයුතුවල නිරත වෙන ගමන් නිවසේ සිටම ආදායමක් උපයා ගැනීමට උත්සහ කරනවා. බංකොලොත් ලේබලයෙන් රට නිදහස් වී තිබුණත් ආර්ථීක අස්ථාවර භාවය තවම තියෙනවා. මෑතක සිට වැඩි වූ විදුලි බිල සහ විවිධ ගෘහාශ්‍රිත වියදම් සමඟ මෙම ආදායම කාන්තාවන්ට තම පවුල් සඳහා ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන නිසා බොහෝ කාන්තාවන්ට තම ගෘහස්ත රැකියා හෝ ස්වයං රැකියා ව්‍යාපාර කරගෙන යාමට අපහසු වෙලා තිබෙනවා.” හසිනි සිල්වා පැවසුවාය.
එබැවින් ඇය පෙන්වා දෙන්නේ කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුන්ගේ ස්වයං රැකියා ව්‍යාපාරවල දියුණුවට සහාය වීමට රජය කටයුතු කළ යුතු බවයි.
රටේ ආර්ථිකය කඩාවැටීම සහ පසුකාලීනව ජීවත්වීමේ මාධ්‍යයක් ලෙස ගණිකා වෘත්තියට යොමු වූ කාන්තාවන්ගේ වැඩිවීම සම්බන්ධයෙන් පසුගිය රජයන් වගකිව යුතු බව ද ඇය පවසයි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..