News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවේ මහ මොළකරු කෝ? - ගම්මන්පිල අසයි..

Apr 21, 2025 at 08:46 PM
|

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

"අද මට දැනෙන්නේ මම රැම්බෝ වගේ. පුංචි කාලේ විශාල හමුදාවක් එක්ක රැම්බෝ තනියම සටන් කරන දර්ශන දැක්කාම මට එදා හිතුනේ මේවා චිත්‍රපටිවල මිස සැබෑ ජීවිතයේ සිදුවන දේවල් නොවේ කියලා. ජනාධිපතිගේ සිට නන්නාඳුන මන්ත්‍රිවරුන් දක්වා කතාවක් පැවත්වුවහොත් සමස්ත ආණ්ඩුවම පහර දෙන්නේ තනි මට. ටිල්වින් සිල්වා මහතාගේ සිට ජවිපෙ සිටින සියළුම නායකයින් සිට පහළම සාමාජිකයා දක්වාම පහර දෙන්නේ තනි මට. කණ්ඩායමක් තනි ඔබට පහර දීමට පැමිණෙත් නම් සටන ඇරඹීමට පෙරම ජයග්‍රහණය ඔබ සතුය කියා කියමනක් තිබෙනවා. මුළු ආණ්ඩුවම එක මිටට එකතු වී මම සුවිශේෂී වීරයෙකු කළ මාලිමාවේ නායකයින්ට ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාව කර ගන්නවා.

ආණ්ඩුවේ මහ මොලකරු කෝ?

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මේ රටේ ජනතාව රවටන්න දැරූ උත්සාහයක් අපට පරාජය කරන්න පුළුවන් වුණා. ආණ්ඩුවට මාස හයක් සම්පූර්ණ වුණාම කාදිනල්තුමා ආණ්ඩුවට තර්ජනයක් කළා. පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් සම්පූර්ණ වන අප්‍රේල් 21 වන විටත් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හෙලිදරව් කරන්න ආණ්ඩුව අසමත් වුණොත් තමන් කතෝලික ජනතාව සමග පාරට බහිනවා කියලා. මේකෙන් තැති ගත්ත ජනාධිපතිතුමා මාර්තු 30 දා මැතිවරණ වේදිකාවේ සිට පොරොන්දුවක් දෙනවා අප්‍රේල් 21ට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිසක් හෙලිදරව් කරන බවයි. ඒ නිසා හැමෝම බලා ගෙන හිටියා 21ට පෙර ජනාධිපතිතුමා මොකක් හරි හෙලිදරව්වක් කරාවි කියලා. අද අප්‍රේල් 21. හෙලිදරව්ව කලා ද? කරගන්න පුළුවන් උනේ නෑ. ඒකත් ආණ්ඩුවේ තවත් එක් කඩවුණු පොරොන්දුවක් වුණා. එහෙම වුණේ ඇයි?

ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ පිල්ලෙයාන්ව රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඉන්න අතරේ පිල්ලෙයාන් පපොච්චාරණ කළ විධියට තමන්ගේ හිතේ ඉන්න කෙනා මහ මොලකරු බවට ප්‍රකාශ කරන්න. ඒ නිසා තමයි පිල්ලෙයාන්ව අත්අඩංගුවට අරන් කාත් එක්කවත් කතා කරන්න නුදුන්නේ. ඒ නිසා තමයි නීතියෙන් හිමි නීතිඥවරයෙකුට සහය ලබා ගැනීමට පිලලෙයාන්ට අවස්තාව නොදුන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අත්අඩංගුවට ගැනීමට හේතුවක් දැක්වීම පොලීසියෙන් ප්‍රතික්ෂේප කරේ. ඔය අතරේ ජනාධිපති කිව්වේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට කියලා. හැබැයි කර්මාන්ත ඇමති කියනවා පාස්කු ප්‍රහාරයට නොවේ මහචාර්යවරයෙකු අතුරුදහන් වීමකට කියලා. පොලිස් ඇමති පාර්ලිමේන්තුවට කිව්වේ පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන වැදගත් තොරතුරු හෙලි කරමින් ඉන්නවා කියලා. ඒ පොලිස් ඇමතිගේ පුකාශයට සමගාමිව තමයි මාලිමාවේ කුලී සමාජ මාධ්‍යකරුවන් “පිල්ලෙයාන් සියල්ල වමාරයි”. “පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි” වැනි සිරස්තල හැදුවේ. ඒ වගේම මාලිමාවෙන් නඩත්තු වෙන පුද්ගලයින් ලවා මාධ්‍ය හමු පවත්වමින් මේ මතය සමාජ ගත කලේ.

අපේ රටට සාමය උදා කරන්න ජීවිතය පරදුවට තැබූ මනුස්සයෙකුගේ ජීවිතය ඔට්ටුවට තියලා ආණ්ඩුව කරන මේ අශීලාචාර සෙල්ලම මම දැක්කා. ඒ අසාධාරණ සෙල්ලම කොහොම හරි නතර කරනවා කියා මම අධිෂ්ඨාන කර ගත්තා. ඒ නිසා ආණඩුවේ උපක්‍රම පරාජය කරලා මම නීති ගැටයක් ගහලා පිල්ලෙයාන් බලන්න ගියා. “ඔබව අත්අඩංගුවට ගැනීමට හේතුව කියන්න පොලිසිය ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්නවා. හේතුව කිව්වා ද” කියා මම පිල්ලෙයාන්ගෙන් ඇහුව්වා. ඔහු අත්අඩංගුවට ගැනීමේ ලදුපත පෙන්නුවා. ඒකේ අත්අඩංගුවට ගැනීමේ හේතුව කියන තැන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ වගන්ති කිහිපයක අංක දාලා තිබුණා මිස හේතුවක් ලියලා තිබුණේ නෑ. ඒ කියන්නේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට හේතුව අඩුම ගණනේ පොලිසියවත් දන්නේ නෑ.

පාස්කු ප්‍රහාරය ගැන ඔබෙන් ප්‍රශ්න කරනවා කියන්නේ ඇත්ත ද කියා මම ඇහුව්වා. මගෙන් පාස්කු ප්‍රහාරය ගැන කිසිම දෙයක් ඇහුව්වෙත් නෑ. ඇහුව්වත් උත්තර දෙන්න කිසිම දෙයක් දන්නෙත් නෑ කියා පිල්ලෙයාන් උත්තර දුන්නා. මොකද ඔහු 2015 සිට 2020 දක්වාම පොලිස් අත්අඩංගුවේ පසු වූයේ .මම පසුව ඔහුගේ එකගතාවය මත ඒ බව රටට කියූ නිසා ආණ්ඩුවේ මහ මොලකරු නිශ්පාදනය කිරීමේ මෙහෙයුම එතැනින්ම කඩාකප්පල් වුණා. ආණ්ඩුව වියරු වැටිලා මට මඩ ගහන එක පුදුම වෙන්න දෙයක් නෑ. මිලියන 22ක් රැවටීමට ගත් උත්සාහයක් තනිවම පරාජය කිරීමට පුළුවන් වීම ගැන මම අවංකවම සතුටු වෙනවා. ආණ්ඩුවේ ලොක්කන් වියරු වැටිලා මට බනින ප්‍රමාණය තමයි මගේ සාර්ථකත්වය මනින මීටරේ බවට පත් වෙලා තියෙන්නේ ආණඩුව මාධ්‍ය ඉදිරියේ මට කොච්චරක් බනිනවද කිය එක

ආණ්ඩුව සඟවන මහ මොලකරු මෙන්න

දැන් ආණ්ඩුවට මහමොළකරු සොයාගන්න බැරි වුණාට ලෝකයේ තිබෙන විශිෂ්ටතම අපරාධ විමර්ශන ආයතනය ලෙස සලකන්නේ ඇමෙරිකාවේ Federal Bureau of Investigations නැතිනම් එෆ්බීඅයි ආයතනය. ඔවුන් සතු සම්පත්, තාක්ෂණය සහ අත්දැකීම් වලින් ඔවුන්ට සම කළ හැකි ආයතනයක් ලෝකයේ නෑ. ඇමෙරිකාව සමග සටන් කරන අයිඑස්අයිඑස් සංවිධානය පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගත් නිසාත් ප්‍රහාරයෙන් ඇමෙරිකානුවන් මිය ගිය නිසාත් විමර්ශන කටයුතු වලට සම්බන්ධ වෙන්න එෆ්බීඅයි ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා. මේ අය සාක්ෂිකරුවන් වගේම සැකකරුවන් ද ප්‍රශ්න කලා. බෝම්බ පත්තු වුණු ස්ථාන වල තිබුණු සාක්ෂි නවීන තාක්ෂණය භාවිතා කරලා විශ්ලේෂණය කළා. ත්‍රස්තවාදින් භාවිත කල ජංගම දුරකතන වගේම උකුළු පරිගණක වල අඩංගු තොරතුරු වගේම මැකූ තොරතුරුත් සියල්ල පරික්ෂාවට ලක් කලා. තව්හිත් ජමාත් සංවිධානයේ පොත්පත් අධ්‍යනය කළා. අයිඑස්අයිඑස් පිළිබඳ ලෝකයේ සිටින විශේෂඥයින්ගෙන් තොරතුරු අරගෙන ලංකාවෙන් ලැබුණු සාක්ෂි සමග සැසඳුවා. මේ සියල්ල කරලා අවසානයේ දී එෆ්බීඅයි ආයතනය තීරණය කරනවා ලංකාවේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු අන්කවුරුත් නොවේ තව්හිත් ජමාද් සංවිධානයේ නායක මොහමඩ් සහරාන් හසීම් කියලා. ඒ වගේම ඔහු අයිඑස්අයිඑස් සංවිධානයේ ලංකා ශාඛාවේ ප්‍රධානියා බවත් නවුෆර් මවුලවී එහි දෙවෙනියා බවත් . අයිඑස්අයිඑස් සංවිධානයේ නියෝගය මත තමයි සහරාන් මේ ත්‍රස්ත ප්‍රහාරය සිදු කරන්නේ කියලා.

මේ සියළු කරුණු අඩංගු පිටු 72ක දිවුරුම් ප්‍රකාශයක් එෆ්බීඅයි වෙනුවෙන් එහි විශේෂ නියෝජිත මෙරිලි ආර් ගුඩ්වින් ඇමෙරිකානු අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙනවා. ඉංග්‍රීසි කියවන්න පුළුවන් හැමෝටම මං ආරාධනා කරනවා www.udayagammanpila.com වෙබ් අඩවියෙන් බා ගත කර ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය සිදු වු ආකාරය පිළිබද ඉතාම වෘත්තීය මට්ටමේ විශ්ලේෂණයක් ඒ හාරහා දැන ගන්න පුළුවන්. ඒ විතරක් නොවේ සමස්ත ලෝකයේම ඉන්න විශිෂ්ටතම ත්‍රස්ත විශේෂඥයෙකු වන මහචාර්ය රොහාන් ගුණරත්න මැතිතුමා එෆ්බීඅයි වගේම සැකකරුවන් ප්‍රශ්න කරලා තිබෙන තොරතුරු සියල්ලම විශ්ලේෂණය කලා. එෆ්බීඅයි ආයතනයට වගේම ලෝකයේ ඕනෑම රටක් ත්‍රස්ත සැකකරුවන් ප්‍රශ්න කරන්න ඕනි කිව්වොත් ඒ අවස්ථාව මහචාර්ය ගුණරත්න මැතිතුමාට දෙනවා. මොකද ඔහුගේ සුවිශේෂී දැනුමෙන් ඒ රටට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිසා. මේ සියල්ල විශ්ලේෂණය කරලා මහචාර්ය රොහාන් ගුණරත්න නිගමනය කලෙත් අයිඑස්අයිඑස් අණින් බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ මහ මොලකරු සහරාන් හසීම් කියලා. පසුව ඔහු තමන් ලබා ගත් තොරතුරු ඇතුලත් කරලා Sri Lanka Easter Sunday Massacre ඉංග්‍රීසියෙන් පොතක් ලිව්වා පසුව සිරිල් ගුණවර්ධණ මැතිතුමන් විසින් සිංහලයට පර්වර්තනය කරලා තියෙනවා.

මහාචාර්ය රොහාන් ගුණරත්න මහතාටත් වඩා වඩා දක්ෂ ත්‍රස්ත විමර්ශකයින් පිරිසක් අපේ එන්ජිඕ නඩයේ ඉන්නවා. ඒ අය යූටියුබ් නාලිකා පවත්වා ගෙන යමින් විවිධ කුමන්ත්‍රණ න්‍යායන් conspiracy theories සමාජ ගත කරමින් ඉන්නවා. මම ඒ අයට ආරාධනා නරනවි වීවසි වැඩි කරගන්න සමාජ මාධ්‍ය ඉදිරියේ ඔවැනි කරුණු කියන්නේ නැතුව තමන්ගේ ගාව පාස්කු ප්‍රහාරය ගැන ඒ අය දන්නා දෙයක් තිබෙනවා නම් වහාම පොලිසියට කියන්න. මොකද ජනපතිතුමා දුන්නු දින ඇතුලත මහ මොලකරු සොයා ගන්න බැරිව ඒ අයට විපතක්නෙ වෙලා තිබෙන්නේ.

ජූඩ් ප්‍රනාන්දු පියතුමා දෙවියන් වහන්සේටත් අකීකරු වේ

ජූඩ් ප්‍රනාන්දු පියතුමා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පිල්ලෙයාන් ගැන බොරු වැලක් කිව්වා. අරන්තලාවේ භික්ෂු ඝාතනය කළ නැගෙනහිර දී පොලිස් නිලධාරින් හය සීයක් මරා දැමූ පිල්ලෙයාන් වෙනුවෙන් ගම්මන්පිල මහතා පෙනී සිටින්නේ කෙසේද කියා ප්‍රශ්න කළා. අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වෙන්නේ 1987 ජූනි 2. පොලිස් නිලධාරින් හය සීයක් මරා දැමීම සිදු වෙන්නේ 1990 ජූනි 11. නමුත් උගත් පාඩම් කොමිසමට පිල්ලෙයාන් දුන් සාක්ෂිය අනුව ඔහුව කොටි සංවිධානයට බඳවා ගන්නේ 1991 දී. ඒකත් ළමා සොල්දාදුවෙකු විධියට. එහෙම නම් අරන්තලාව භික්ෂු ඝාතනයට සහ පොලිස් නිලධාරින් ඝාතනයට පිල්ලෙයාන් සම්බන්ධ යැයි පියතුමා කියන්නේ කොහොමද? අනුන් ලියා දෙන ඒවා සොයා නොබලා කියෙව්වාම මෙවැනි විපත් සිදු වෙනවා. දෙවියන් වහන්සේ ඔබතුමාට ඇස් දෙකක් සහ එක් කටක් ලබා දී තිබෙන්නේ හොඳින් කරුණු කියවා ඉන්පසු කතා කරන්නයි. ගරු පියතුමනි, දෙවියන් වහන්සේගේ දස පනතේ අටවන නියමය බොරු නොකියව යන්නයි. ගරු පියතුමනි, ඔබතුමා දෙවියන් වහන්සේට කීකරු වන සේක්වා!"

සම්බන්ධිත පුවත් | Related News

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි පහකට අදාළව අධිකරණය හමුවට පමුණුවනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඉල්ලා අස්වී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසමේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.
චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.
පැවැත්වෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක එම කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ සිවුර බලහත්කාරයෙන් ඉවත් කර ජම්පරයක් ඇන්දවීමට කටයුතු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.