පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ මිනීමැරුමක් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පෙන්වීමට රජය උත්සාහ කරනවා... විපක්ෂයෙන් චෝදනා
පාස්කු ප්‍රහාර මාලාවට වසර 06 ක් ගතවෙමින් ඇති පසුබිමක් තුළ එම ප්‍රහාරයෙන් වින්දිතයින් වූ පුද්ගලයන්ට යුක්තිය ඉටුකරන ලෙසත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා රජයට බලපෑම් එල්ල වෙමින් තිබේ.
ඒ අනුව, 2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුකිරීමේ අරමුණින් රජය ගෙන ඇති පියවර පිළිබඳව සමගි ජන බලවේගය කනස්සල්ල පළකර තිබේ.
එම පක්ෂය පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ලබා දී ඇති පොරොන්දුවලට අනුකූලව සැබවින්ම ඵලදායී වන පියවර ගැනීමට රජය අවධානය යොමු කළ යුතු බවයි.
ඊයේ කොළඹ පැවැති ජනමාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ද මේ සම්බන්ධයෙන් අදහස් පළකළේය.
ඔහු එහිදී පෙන්වාදුන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නීතියේ රැහැනට හසුකර ගැනීමට රජය පියවර ගත යුතු බවයි.
ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුකරන බවට ජනතාව මෙන්ම පාර්ශ්ව ගණනාවක් වත්මන් පාලනය කෙරෙහි විශ්වාසය තැබූ බැවින් රජය ඔවුන්ගේ පොරොන්දුව ඉටු කළ යුතු බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
එමෙන්ම සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා එම ජනමාධ්‍ය හමුවේදී අදහස් පළකළේය.
එහිදී ඔහු පැවසුවේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ක්‍රියාමාර්ගයක් බව පෙන්වීමට රජය උත්සාහ කළ ද ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනීමැරුමක් සම්බන්ධයෙන් බවයි.
පිල්ලෙයාන් රඳවා තබාගැනීමට රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කළද එය අවලංගු කරන බවට රජය පොරොන්දු ලබාදුන් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේය.
එමෙන්ම ඔහු අවධාරණය කළේ පිල්ලෙයාන් යම් වරදක් කර ඇත්නම් ඔහුට දඩුවම් දිය යුතු නමුත් ඒ සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හැර වෙනත් නීති ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබූ බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි