ලංකාව ඉන්දියාවේ කොටසක්ද?
👉ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සමඟ නැවත ඉන්දු ලංකා සම්බන්ධතා ගැන කතාව අලුත් වී තිබේ.
👉 පසුගිය කාලයේදී ඇතැම් ඇමතිවරු ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි ප්‍රකාශ කරන තරමට මේ ඉන්දියානු ගැතිභාවය බලවත් වී තිබිණි.
👉 මේ නිසාම ඉන්දියාව ලංකාවට එල්ල කළ අතීත ආක්‍රමණ හා ලංකාව ඒවාට මුහුණ දෙමින් තම ස්වාධීනත්වය ආරක්ෂා කරගත් ආකාරය ගැන දැනසිටීම වර්තමාන මොහොතටද වැදගත් වන්නකි.
👉 ලිඛිත ඉතිහාසය අනුව ලංකාවට එල්ල වූ පළමු ඉන්දීය ආක්‍රමණය වන්නේ සේන හා ගුත්තික යන චෝළයන් දෙදෙනාගේ ආක්‍රමණයයි. මේ දෙදෙනා ක්‍රිස්තු පූර්ව 237 සිට 215 දක්වා වසර 22ක් ලංකාව පාලනය කළහ. මුටසීව රජුගේ නව වැනි පුතු අසේල රජු ඔවුන් නෙරපා හැර දස වසක් රාජ්‍ය කළේය.
👉 මීළඟ සුප්‍රකට ආක්‍රමණිකයා එළාර වූ අතර, ඔහු ක්‍රි.පූ. 205 සිට 161 දක්වා වසර 44ක් ලංකාවේ රාජ්‍යය කළේය.
👉 දුටුගැමුණු රජුගේ සොහොයුරා වූ සද්ධාතිස්සගේ පුත් වළගම්බා රජු පළමු වර රජකමට පත් වී මාස පහකට පසු තුන් වැනි ඉන්දියානු ආක්‍රමණය එල්ල විය. ඒ අනුව පුළහත්ථ, බාහිය, පනයමාර, පිළියමාර, දාඨිය යන දෙමළුන් විසින් ක්‍රිස්තු පූර්ව 103 සිට 89 දක්වා වසර 14ක් පුරා ලංකාව පාලනය කරනු ලැබීය.
👉 ක්‍රි.ව. 113 වංකනාසිකතිස්ස රජ සමයේදී තවත් සොළී රජෙකු ලංකාවට ගොඩ බැස්සේය. හේ බොහෝ වස්තුව කොල්ල කා සිංහල වැසියන් 12000ක් පැහැරගෙන සිය රටට ගිය බවත්, පසුව වංකනාසිකතිස්සගේ පුත් පළමු ගජබා රජ සොළී රටට පහර දී සිංහල සෙනඟ නිදහස් කරගත් බව පැවසේ.
👉 මීළඟට ක්‍රි.ව. 434 සිට 461 දක්වා වසර 27ක කාලයක් පණ්ඩු, පාරින්ද, කුඩා පාරින්ද, තිරිතර, දාඨිය හා පීඨීය යන දෙමළ රජවරු ලංකාවේ රාජ්‍ය කළෝය. ඔවුන් පරාජය කොට රාජ්‍යය නැවත අල්ලා ගන්නා ලද්දේ සීගිරි කාශ්‍යපගේ පියා වූ ධාතුසේන රජතුමා විසිනි.
👉 මීළඟට ක්‍රි.ව. 846 - 866 පළමු සේන හෙවත් සිලාමේඝ රජුගේ කාලයේදී වරගුණවර්මන් නමැති පාණ්ඩ්‍ය රජෙකු විසින් ලංකාව ආක්‍රමණය කොට යුද්ධයක් ඇති කළද සේන රජු සමඟ සමාදාන වී නැවත සිය රට බලා ගිය බව මහා වංශය පෙන්වා දෙයි.
👉 ක්‍රි.ව. 965 තුන් වන උදය රජුගේ සමයේදී තවත් සොළී සේනාවක් ලංකාව ආක්‍රමණය කළේය. පළමු සටනින් උදය රජ පරාජය වූ මුත් රුහුණු රට ආණ්ඩු කළ කුමාරයෙකුගේ උපකාරයද ඇති සොළීන් ලංකාවෙන් නෙරපීමට රජු සමත් විය.
👉 ක්‍රි.ව. 975 - 991 අතර එනම් හතර වන මිහිඳු රජුගේ කාලයේ තවත් සොළී ආක්‍රමණයක් එල්ල වූ අතර, එය පරාජය කිරීමට රජු සමත් විය.
👉 මීළඟට ක්‍රි.ව. 1036 පස් වන මිහිඳු රජුගේ සමයේදී තවත් රාජාධිරාජසිංහගේ නායකත්වයෙන් තවත් ප්‍රබල සොළී ආක්‍රමණයක් එල්ල විය. මිහිඳු රජ සොළී රටට ගෙන ගිය අතර, සොළීහු පොළොන්නරුවේ වාසය කරමින් රාජ්‍ය කළෝය. මේ දිගු අරාජික කාලය අතරතුර කීර්ති, මාගලානකීර්ති, විකුම්පඬි, ජගත්පාල, පැරකුම් යන ස්වදේශික පාලකයෝ රුහුණ ඇතුළු විවිධ ප්‍රදේශවල රාජ්‍ය කළෝය. සොළීන් පරදවා නැවත ලංකාව එක්සේසත් කරන ලද්දේ ක්‍රි.ව. 1065දී පොළොන්නරුවේ රජ වූ මහා විජයබාහු රජ විසිනි.
👉 ඉන් පසු ලීලාවතී රැජින දෙවැනි වර රාජ්‍යත්වයට පත් සමයේ ලෝකේශ්වර නම් දෙමළ රජෙක් ක්‍රි.ව 1222දී පොළොන්නරුව අල්ලාගෙන නව මසක් රාජ්‍යය කළේය.
👉 ලෝකේෂ්වරගෙන් පසු ලීලාවතී රැජින තුන් වැනි වරටත් රාජ්‍යත්වයට පත්ව සත් මසක් රාජ්‍ය කළාය. එ කල පරාක්‍රම පණ්ඩු නම් තවත් පාණ්ඩ්‍ය රජෙක් ලීලාවතී රැජිණ නෙරපා 1225 දක්වා තුන් අවුරුද්දක් පොළොන්නරුවේ රාජ්‍ය කළේය.
👉 කාලිංග වංශයේ උපන් මාඝ නම් කෲර රජෙකු විසින් ක්‍රි.ව. 1225 සිට 1246 දක්වා අවුරුදු 21ක් පොළොන්නරුවේ රාජ්‍ය කළේය.
👉 නැවත ක්‍රි.ව. 1287 පළමු බුවනෙකබාහු රජ සමයේදී ආර්යචක්‍රවර්තී නම් ද්‍රවිඩයෙක් විශාල සේනාවක් සමඟ ලක්දිවට ගොඩබැස දළදා වහන්සේ පැහැරගෙන පඬි රටට ගියේය. පසුව රජ පැමිණි තුන් වන පරාක්‍රම බාහු රජ විසින් දළදා වහන්සේ නැවත ලබාගෙන පොළොන්නරුව දළදා මන්දිරයේ තැන්පත් කළේය.
👉 මේ ආකාරයට ගතවූ ඉතිහාසය තුළ ලංකාවට ඉන්දියානු ආක්‍රමණ 12ක් පමණ එල්ල වී ඇති අතර, ඉන්දීය පාලකයන් 18 දෙනෙකු පමණ ලංකාව පාලනය කර තිබේ. ඒ අතර සේන හා ගුත්තික, එළාර, කාලිංග මාඝ වැනි ප්‍රකට පාලකයෝ මෙන්ම ලෝකේෂ්වර, පරාක්‍රම පණ්ඩු ආදි අප්‍රකට පාලකයෝද වෙති.
👉 විජයගේ පැමිණීම ආක්‍රමණයක්ද යන කාරණය නොසලකා ඉතිහාසය දෙස බැලුවද විජය රජුගෙන් ඇරඹී ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් නිමාවට පත් වන සිංහල රාජාවලියේ වසර 2358ක කාලයෙන් වසර 160කට වැඩි කාලයක් ලංකාව පාලනය කොට ඇත්තේ ඉන්දියානු ආක්‍රමණික පාලකයන් විසිනි.
👉 ඔවුන් කොතෙක් බලවත් වුවද, විටෙක රජෙකු නොමැතිව දීර්ඝ අරාජික කාලයන් පසු කළද ඒ සියලු ආක්‍රමණිකයන් පරදවා නැවත සිංහල රාජ්‍යත්වය ස්ථාපිත කිරීමට අපේ රජවරු සමත් වූවා විනා කිසිදා ලංකාව ඉන්දියාවට පූර්ණ වශයෙන් නතු වූයේ නැත.
👉 මේ අනුව කොතෙක් ආක්‍රමණ හා බලපෑම් එල්ල වුවද ලංකාව ඉතිහාසය පුරා ස්වාධීන රාජ්‍යයක් ලෙස තමන්ගේ භාෂා, ආගමික, සංස්කෘතික අනන්‍යතා ගොඩනඟා ගනිමින් වර්ධනය වූවා මිස ඇතැම් මුග්ධ ඇමතිවරුන් කියන පරිදි කිසිදා ඊනියා ඉන්දියාවක කොටසක් වූයේ නැත.
👉 වර්තමානයේද අප ඉන්දියාව සමඟ ගනුදෙනු කළ යුත්තේ ඒ අනන්‍යතාව හා ස්වාධීනත්වය සුරක්ෂිතවන ආකාරයට මිස වැනසෙන ආකාරයට නොවේ.
උපුටා ගැනීම - ඉසුරු ප්‍රසංග - Next Page - නෙක්ස්ට් පේජ්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්