News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනයේ කන්කසන්තුරේ (KKS) අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවා ලබන ජනවාරි මාසයේදී නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම සේවාව පසුගිය නොවැම්බර් 7 වැනිදා අත්හිටුවන ලදී.‘සුබම්’ බෝට්ටු සේවයේ ආයෝජක පොන්නුසාමි සුන්දර්රාජ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මගීන්ට විවිධ පහසුකම් සලසමින් මෙම තොටුපළ සතියේ දින හයක් ක්‍රියාත්මක වන බවයි.

දේශපාලන පක්ෂ ගණනාවක් රජයේ මැති ඇමැතිවරුන් තවත් පස්දෙනකුගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රබල ලෙස සැක මතුකර ඇතැයි පැවසේ.

අභිනවයෙන් පත්වූ ජනාධිපති හමුවේ දිග හැරෙන බෙදුම්වාදී මාර්ග සිතියම හෙවත් රට මුහුණ දෙන අනතුර හමුවේ කුමක් කළ යුතුද යන වග හෙළිදරව් කරමින් එළි දක්වන මහජන සංදේශය සම්මුතියක් ලෙස අත්සන් තැබීම සියළුම ජාතික සංවිධාන වල සහභාගිත්වයෙන් හෙට(17) පෙරවරු 09:00ට පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේදී සිදු කිරීමට කටයුතු යොදා ඇති බව සංවිධායකයෝ පවසති.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවේය.

ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක,අරුණ කාන්ත බණ්ඩාර මහතා දෙසැම්බර් 8 වන ඉරිදා දිවයින පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා සිටින්නේ, සහල් නිෂ්පාදන පද්ධතිය එකවර අධ්‍යනය නොකර සමුපාකාර ක්‍රමය යොදා ගෙන කළ වැඩ පිළිවෙල අසමත් බවයි. සහල් නිෂ්පාදන පද්ධතියට පද්ධතියට එකවර ආමන්ත්‍රණය නොකරන ඕනෑම ආණ්ඩුවක් අමාරුවේ වැටෙන බව අවධාරණය කරන ඒ මහතා මෙතෙක් සිටි සියලුම ජනාධිපතිවරු මේ කාරණයේදී අසමත් බවත් පවසයි.

මම Al කරල රිසල්ට් එන්නත් කලින් job එකට ගියේ kuoni එකේ, ජොබ් එක කරන ගමන් පක්ෂෙ වැඩ කලා , වයඹ චන්දෙට වැඩකරන්න නිමාඩුදාල පුත්තලම ගියා , පුත්තලමෙ ඒ කාලෙ ජවිපෙට නවාතැන් දෙන්නවත් මිනිස්සු හිටියෙ නෑ , තිබුන ගෙවල් දෙක තුනේ පිටින් ආපු කාන්තාවො වයසක උදවිය නවත්තල , පන්ඩුක (කැලුම් අමරසිංහ ) සහ මම බස්ටෑන්ඩ් එකේ නිදාගත්ත දවස් තිබුන

යුනෙස්කෝ සංවිධානය විසින් සන්නිවේදන සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනේ 34 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට සකස් කරන ලද වාර්තාවට තම වෘත්තීය රාජකාරිය අතරතුර ඝාතනය කළ රුසියානු සගයන් ඇතුළත් කරන ලෙස ලොව පුරා සිටින මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍යවේදීන්ගේ සංවිධානද අවධාරණය කරනු ලැබීය. ලංකා ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජීවන්ත ජයතිස්ස මහතාද පසුගිය 12 වනදා යුනෙස්කෝ සංවිධානය වෙත තම ස්ථාවරය පවසා ලිපියක් යොමු කරනු ලැබුවේය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් මෙරට ඔලිම්පික් කමිටුවට ලබාදෙන අරමුදල් අත්හිටුවීමට තීරණය කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ වර්තමානය වනවිට ස්ථාවර තැන්පතු සඳහා බැංකු පොලී අනුපාතිකය 7% හෝ 8% දක්වා පහළ යෑම හේතුවෙන් මෙරට වැඩිහිටි ප්‍රජාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.


ප්‍රධාන පුවත්

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.