
යුක්රේන රුසියා යුද්දයෙන් රුසියාවට ජය අත්පත් වී අධිරාජ්‍යවාදී බලවේග පරාජය වුවහොත් පමණයි පීඩිත රටවලට සහනයක් ලැබෙන්නේ- ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
පසුගිය 26 වනදා කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය විසින් සංවිධානය කළ "යුක් රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව" යන මැයෙන් පැවැත්වූ ඡායාරූප ප්‍රදර්ශනයේදී ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා විසින් පැවැත් වූ දේශනයේ ලිඛිත සටහන...
"රුසියාව සහ යුක්රේනය දැනට වසර තුනක සිට යුද වැදී සිටිනවා. පසුගිය විසිහතර වෙනිදට මේ මිලිටරි මෙහෙයුම ආරම්භ වී අවුරුදු තුනක් සම්පූර්ණ වූවා. මේ ගැටුම පිටුපස තිබෙන බොහෝ දේශපාලන කාරනා පැහැදිලි කිරීමට විනාඩි පහළොවක්, කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. නමුත් මම උත්සාහ කරනවා මගේ දැනීමේ හැටියට ඉතා සංක්ෂිප්ත අදහසක් ඔබ හමුවේ තබන්න.
රුසියානු- යුක්රේන යුද්ධය පිළිබඳව අපේ රටේ සමාජගතවී තිබෙන ආඛ්‍යානයක් තිබෙනවා. එවැනි මත අප වෙත එන්නේ, එක්සත් ජනපදයෙන්, යුරෝපා සංගමයෙන්, වගේම ඔවුන්ට හිතෛෂී රටවලින් සහ ඔවුන්ගේ අධිපති මතවාදය පිළිගන්න අපේ රටේ උගතුන්ගෙන් වගේම දේශපාලඥයන්ගෙන්. ඒ ජනප්‍රිය ආඛ්‍යානය අනුව, මේ යුද්ධය පටන් ගන්නේ, රුසියාවේ තිබෙන අරමුණු දෙකක් නිසා. ඔවුන් කියන විදියට පළවෙනි අරමුණ, ජනාධිපති පුටින්ට අවශ්‍යයි පැරණි රුසියානු අධිරාජ්‍ය නැවත ගොඩනගන්න. දෙවෙනි අරමුණ ජනාධිපති පුටින්ට අවශ්‍යයි 1991දී බිඳ වැටුණු සෝවියට් දේශය නැවත ගොඩනඟන්න.
නමුත් අප කර තිබෙන අධ්‍යනයන්ට අනුව මේ පරමාර්ථ දෙකම රුසියානු ජනාධිපතිවරයාට තිබෙන බවට පිළිගැනීමට සාක්ෂි නැහැ.
අනික් පැත්තෙන් රුසියානු ජනාධිපති නැවත සෝවියට් දේශය ප්‍රතිස්ථාපනය කිරීමට ගත්ත උත්සාහයක් දකින්නට නැහැ. එහෙම නම් අපේ අදහස නම් මේ බටහිර ආඛ්‍යානය බොරුවක්. ඒ වගේම මිත්‍යාවක්.එය ඇත්ත අරමුණ වසන් කිරීම සඳහා සමාජගත කරන ලද දෙයක්. හැම විටම එහෙම තමයි මේ සමාජයේ සිදුවෙන්නේ. අධිපති පන්තීන්ගේ ආධිපත්‍ය යටතේ පවතින හැම සමාජයකම ඒ අධිපති ආඛ්‍යානය තමයි සමාජගත වෙන්නේ. නමුත් එය සත්‍ය බවට ලිඛිත පැහැදිලි සාක්ෂි දකින්නට නෑ. එහෙම නම් මොකක්ද මේ යුද්ධය පිටුපස තිබෙන්නේ. මම කැමතියි මේ කාරනයට උඩ්ඩෘත ප්‍රකාශයක් උපුටා දක්වන්න. මේ ප්‍රකාශයේ කතුවරයා ලියොන් පැනේටා. ලියෝන් පැනේටා වර්ෂ 2011 සිට 2013 දක්වා බැරක් ඔබාමාගේ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යවරයායි. ඒ වගේම ඔහු 2009 සිට 2011 දක්වා කාලයේ සී අයි ඒ සංවිධානයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළා. ඊට පෙර ඔහු 1994 වසරේ සිට 1997 වසර දක්වා බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානිය ලෙස කටයුතු කළා.
2022 මාර්තු 18 වනදා එනම් යුක්රේන යුද්ධය ආරම්භ වෙලා, මාසයකට ආසන්න කලකට පසු, බ්ලූම්බර්ග් රූපවාහිනිය සමඟ ඔහු සාකච්ඡාවක නිරත වෙනවා. ඔහු එම සාකච්ඡාවේදී පවසනවා අපි (USඇ ) එහේ (යුක්රේනයේ )ගැටුමක ඉන්නවා.
ඊළඟට ඔහු කියනවා අපි කිව්වත් නැතත්, රුසියාව සමඟ "ප්‍රොක්සි" යුද්ධයක් එය සිදුවෙනවා කියා.
ලියොන් පැනේටා තවදුරටත් කියනවා අපි ඉස්සරහට යන්න ඕන හැකිතරම් රුසියානුවෝ මරන්න ඕන කියල.
අවසානයේදී ඔහු කියනවා "මේක බල තරඟයක්" කියල. බටහිර ආධිපත්‍ය දරන නායකයින් සියලු දෙනාම මේ වගේ අදහස් පළ කරලා තිබෙනවා.
යුරෝපා කොමිසමේ සභාපතිනිය උරුස්සුලා වැන්ඩෙලා මැතිනියත් එක් අවස්ථාවක කිව්වා යුක්රේන යුද්ධය ලෝකයේ යහපත සඳහා කරන යුද්ධයක්ය කියලා.හිටපු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළා මේ යුද්ධය කරන්නේ රුසියාව දුබල කරන්න කියා.හිටපු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එක අවස්ථාවක ලිපියක් ලිව්වා එංගලන්තයේ ඩේලි මිරර් පුවත් පතට. ඒ සමඟම ඔහු වීඩියෝ පටයකුත් නිකුත් කළා.
එහි පැහැදිලිවම ඔහු කියනවා මේ යුද්ධයෙන් යුක්රේනය පරාජය වුවහොත් ඒක තමයි බටහිර ලෝක ආධිපත්‍යයේ අවසානය කියල. මේ කාරණය නැවත නැවතත් ප්‍රකාශ වී තිබෙනවා බටහිර ලෝකයේ නායකයින්ගෙන්. ඇයි ඒ අයට රුසියාව දුබල කරන්න අවශ්‍ය වන්නේ? අපි කවුරුත් දන්නවා රුසියානු ෆෙඩරේෂනය තමයි වර්ෂ 1917 සිට වර්ෂ 1991 දෙසැම්බර් දක්වා පැවති බලසම්පන්න සෝවියට් දේශයේ ප්‍රමුඛ රාජ්‍ය.
රුසියානු ෆෙඩරේෂනය පමණක් ගත්තත් එහි භූගෝලීය විශාලත්වය වර්ග කිලෝ මීටර් මිලියන දාහතක්. ඒ කියන්නේ එක්කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩියි. මට මතකයි කලින් බ්‍රිතාන්‍යයේ සිටි අගමැතිනිය මාග්‍රට් තැචර් එක අවස්ථාවක කියනවා ලෝකයේ කිසියම් රාජ්‍යයක් තිබෙනවා නම් අන් අයගේ උදව්වක් නැතිව, තමන්ගේ සම්පත් වලින් පමණක් පවතින්න, ඒ තමයි රුසියාව කියලා. ඒ නිසා රුසියාව තමන්ගේ ග්‍රහණයට ගන්න ඔවුනට අවශ්‍යයි
සෝවියට් දේශය බිහිවූ විට, ඒ රටේ ඇතිවුණා කැරැල්ලක් අලුත් බෝල්ෂේවික් ආණ්ඩුවට එරෙහිව. එක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ධවල කැරැල්ල කියලා. මේ කැරැල්ලට ආධාර කරන්න එක්සත් ජනපදය කැනඩාව, ප්‍රංශය, ජපානය, එංගලන්තය, එක්සත් රාජධානිය තමන්ගේ සෙබළු යැව්වා. එදා ඉඳලම ඒ අධිපති රටවලට අවශ්‍ය ය වුණා සෝවියට් දේශය විනාශ කරන්න.
හේතු ගණනාවක් නිසා 1991දී සෝවියට් දේශය බිඳ වැටුණා. බිඳ වැටුනට පස්සේ එතෙක් පැවති ද්වි ධ්‍රැව ලෝකය අවසන් වුණා.එක්සත් ජනපදයේ උපායමාර්ගික සැලසුම්කරුවෝ, නායකයෝ ඇතුළු එහි පාලක පන්තිය තීරණය කළා නැවත වරක් ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයේ ආධිපත්‍යට අභියෝගයක් වන බලයක් මතුවීම නතර කළ යුතුයි කියලා. 1991 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී සෝවියට් දේශය බිඳ වැටෙනවා. 1992දී එක්සත් ජනපද ආණ්ඩුව සකස් කරනවා ප්‍රතිපත්ති ලේඛනයක්, එය හඳුන්වලා තිබුණේ ආරක්ෂක ප්‍රතිපත්ති ලේඛනය කියල. ඒ ලේඛනයේ ඇතැම් කොටස් නිව්යෝක් ටෛම්ස් පුවත් පතට හමුවුණා. එහි මෙහෙම කියනවා."සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ඇමරිකාවේ ආධිපත්‍යයට අභියෝග කළ හැකි එකම මිලිටරි බලය තිබෙන්නේ රුසියාවට පමණයි.එහෙම නම් රුසියාව අපි, අපේ පාලනයට, ගත යුතුයි." ඇමරිකානු ආණ්ඩුව එම වාර්තාව ප්‍රතික්ෂේප කළේ නැහැ. වර්ෂ 1992 සිටම මේ ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණා.
සෝවියට් දේශය බිඳ වැටීමෙන් පස්සේ, සෝවියට් දේශයේ අනුප්‍රාප්තික රාජ්‍යය වශයෙන් ඉදිරියට ආපු, රුසියානු ෆෙඩරේෂනයට අවශ්‍ය වුණේ නැහැ යුද්ධ කරන්නට. ඒ වගේම තවත් රටවල් තමන්ගේ අවනතභාවයට ගන්න අවශ්‍ය වුණෙත් නැහැ.රුසියාවට අවශ්‍ය වුණේ, බලසම්පන්න ධනවත් රාජ්‍යක් බවට පත්වන්න සෙසු එබඳු රාජ්‍යන් සමඟ සාමයෙන් යුතුව. මං හිතන්නේ මේ සභාවේ ඉන්න මහත්තුරුන්ට මතක ඇති මිඛායිල් ගොර්බොචොව් සෝවියට් දේශයේ ජනාධිපතිවරයාව සිටි සමයේ සමස්ත යුරෝපයම සහෝදරත්වයෙන් ජීවත් විය යුතුයි කියන අදහස තිබෙන සංකල්පයක් ඔහු ඉදිරිපත් කළා. ඒ වචනයම රුසියානු ෆෙඩරේශනයේ නායකත්වයට පැමිණි ජනාධිපතිවරුන් විශේෂයෙන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ ඔහුගේ ආණ්ඩුව ඒ පිළිවෙතේ තමයි පිහිටා සිටියේ. එක අවස්ථාවක එනම් 1997දී, රුසියානු ආණ්ඩුවෙන් අදහසක් පළවුණා. ප්‍රතිසංස්කරණය කරන ලද නේටෝවට සම්බන්ධ වීමට පවා රුසියාව සූදානම් බව. එතකොට ඒ පාර්ශවයෙන් ගත්විට රුසියාව යුද්ධ කරන්නට හෝ වෙනත් රටවල් තමන්ගේ ආධිපත්‍යට ගන්නට උත්සාහ කළේ නෑ. නමුත් එක්සත් ජනපදය ඊට වෙනස් මගක් තමයි තෝරගත්තේ. 1989 වසරේදි බර්ලින් තාප්පය බිඳ වැටිලා 1990 දි නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය එක්සත් වුණා. ඒ අවස්ථාවේදී මිඛයිල් ගොර්බොචොව් ඇමරිකාවට කිව්වා එක්සත් වුණු ජර්මනිය නේටෝවට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපේ විරෝධයක් නෑ නමුත් නේටෝ සංවිධානය තවදුරටත් නැගෙනහිරට ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් අපි එකඟ නෑ කියලා.
ඒ අවස්ථාවේ එදා ජර්මනියේ හිටපු බටහිර ජර්මනියේ විදේශ ඇමති හාන්ස් ඩෙල්ස්ටර් සහ ඇමරිකාවේ ජනාධිපතිවරයා ජෝර්ජ් බුෂ් මිඛයිල් ගොර්බොචොව්ට පොරොන්දුවක් දුන්නා. අඟලකින්වත් නැගෙනහිරට ව්‍යාප්ත කරන්නේ නැහැ කියලා. නමුත් ඒ පොරොන්දුව ඉටු වුණේ නැහැ.
සෝවියට් දේශය බිඳ වැටීමෙන් පස්සේ 1992දී සකස් කළ ආරක්ෂක සැලසුම් මග පෙන්වීම් වලට අනුව එක්සත් ජනපදය පටන් ගත්තා තමන්ගේ නායකත්වයෙන් යුත් මිලිටරි සන්ධානය වන නේටෝව නැගෙනහිරට ව්‍යාප්ත කරන්න. සෝවියට් දේශය හැදිලා තිබුනේ සමූහාණ්ඩු පහළොවකින්. එතකොට රුසියානු ඇරුනහම තව සමූහ ආණ්ඩු දාහතරක් තිබෙනවා. ඊළඟට යුගෝස්ලාවියාව බිඳවැටීමෙන් ඒ සමූහාණ්ඩුව විසිර ගියා. යුගොස්ලාවේ නිර්මාණය වෙලා තිබුණේ සමූහාණ්ඩු හයකින්. ඒ හැර තිබුණ නැගෙනහිර යුරෝපයේ සමාජවාදී සමූහ ආණ්ඩු හයක් පමණ. බල්ගේරියා, චෙකොස්ලාවැකියා , හන්ගේරියා ආදී වශයෙන්. එතකොට අර නැගෙනහිරට නේටෝව ව්‍යාප්ත නොකරන බවට පොරොන්දු වුණු එක්සත් ජනපද පාලක පන්තිය සෝවියට් දේශයෙන් බිඳී ගිය රාජ්‍යයන් යුගෝස්ලාවියාවෙන් බිඳී ගිය රාජ්‍යයන් නැගෙනහිර යුරෝපයේ පැරණි සමාජවාදී රාජ්‍යයන් තමන්ගේ සංවිධානයට ඇතුළු කරගන්න පටන් ගත්තා. මේක රුසියාව දුටුවා තමන්ට තර්ජනයක් බවට. ඒක ඉතාම සාධාරණයි.
යම් හෙයකින් ශ්‍රී ලංකාව චීනයට හෝ රුසියාවට හෝ සම්බන්ධ වෙන්න අදහස් කළොත් මේ රටේ හමුදා කඳවුරක් ඉදිකරන්න කැමැත්ත පළකර ඉන්දියාව කවදාවත් ඒකට එකඟ වෙන්නේ නෑ. ඒ වගේම ඒ ආරක්ෂක තර්ජනය රුසියාවටත් තිබුණා. සෝවියට් දේශයට අයිති සමූහාණ්ඩු තුනම ස්ටෝනියා, ලැට්වියා සහ ලිතුවේනියා අද නේටෝවේ සාමාජිකයෝ.
නමුත් ඒ සාමාජිකත්වය ලැබීම රුසියාව ලොකු තර්ජනයක් ලෙස සැලකුවේ නෑ. මන්ද රුසියාවෙන් දේශසීමාවට සම්බන්ධ වෙන්නේ ලිතුවේනියාව කිලෝමීටර් දෙසිය හැත්තෑවක් පමණයි. මේ ක්‍රියාදාමයේදී එක්සත් ජනපදයට අවශ්‍ය වුණා යුක්රේනය නේටෝවට සම්බන්ධ කර ගන්න ඒ වගේම යුක්රේනයේ යුරෝපා සංගමයට එකතු කරගන්න.
මේක ඔවුන්ගේ ප්‍රතිපත්ති ලේඛන වල තියෙනවා.National Edowment for Democracy සංවිධානය කියන්නේ 2022 ලංකාවේ තිබුණු අරගලයට සල්ලි දුන්න සංවිධානය. එම ජාලයේ ආරම්භක සභාපති කාල් ගෙෂ්මන් වොෂින්ටන් පුවත්පතට දීපු සම්මුඛ සාකච්ඡාවකදී කියනවා යුක්රේනඅය පෙර අපර දෙදිග තරගයේ ලොකුම ත්‍යාගය තමයි යුක්රේනය කියල. යුක්රේනයත්, රුසියාවත් අතර දේශසීමාව කිලෝමීටර් දෙදාහකට කිට්ටුයි. එතකොට යුක්රේනය නේටෝවට සම්බන්ධ උනහම, නේටෝ හමුදා සහ මිසයිල ස්ථානගත කරනවනේ රුසියානු දේශ සීමාව අසල. එය රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක්. රුසියාව 2022 පෙබරවාරි 24 යුක්රේනයට එරෙහි මිලිටරි මෙහෙයුම ආරම්භ කළ අවස්ථාවේ ව්ලැදිමිර් පූටින් වචන තුන් දහස් ගණනක දේශනයක් කළා. ඒ දේශනයේදී පුටින් කිව්වා මේක පැවැත්ම පිළිබඳ තර්ජනයක්. මේක රතු රේඛාවක්. ඒ නිසා ඔහු තද උපමාවකින් කිව්වා. ඔහු කිව්වා " අමෙරිකානු දේශ සීමාවේ කැනඩාව පැත්තේ හෝ මෙක්සිකෝව පැත්තේ මිසයිලයක් කර තබා ගත්ත මිනිහෙක් හිටියොත් අමෙරිකාව මොකක්ද කරන්නේ ? ඒ දෙයම තමයි අපිත් කරන්නේ." කියල.
ඒ අනුව මම අවසාන වසහයෙන් අවධාරණය කරන්නේ, යුක්රේන රුසියානු යුද්දය කියන්නේ සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු අධිරාජ්‍යවාදය තහවුරු කිරීම පිණිස මුළු ලෝකයම තනි සුපිරි බලවතෙකුගේ ආධිපත්‍යට ගැනීම සඳහා කෙරෙන අරගලයේ ප්‍රතිඵලයක්. මෙය පැහැදිලිවම යුද්ධයක් තමයි. නමුත් මේ යුද්ධය ඇතිවෙන්නේ මම ඉහත පෙන්වා දුන් කාරණා නිසයි. යුක්රේන- රුසියානු යුද්ධය සාමාකාමීව ලෙස අවසන් වීම හෝ සාධාරණ කොන්දේසි මත අවසන් වීම අධිරාජ්‍යවාදීන්ට පරාජයක් මෙන්ම අධිරාජ්‍ය විරෝධී ජනතාවගේ ජයග්‍රහණයක්. අද අන්තර්ජාතික තලයේදී තුන්වෙනි ලෝකයේ රටවලට හිතවතෙකු නැති තරම්තත්වයකට පත් වෙලා තියෙනවා. දැනට තුන්වෙනි ලෝකයේ රටවලට ඉතිරි වී ඇති හිතවතුන් වන්නේ රුසියානු ෆෙඩරේෂනය සහ මහජන චීන ජනරජය වැනි රටවල් අතලොස්ස. ඒ අනුව ශ්‍රී ලංකාවේ අපි බටහිර මාධ්‍ය විසින් සදා නිම කර එවනු ලබන ආඛ්‍යනය වෙනුවට එහි පසුපස වන සැබෑ භූ දේශපාලන උවමනාව හඳුනාගත යුතුයි. යුක්රේන- රුසියානු යුද්ධය අද අළුත් මානයකට අවතීර්ණ වී තිබෙනවා. ඒ පිළිබඳ අදහස් දැක්වීමට තරම් පැහැදිලි සාක්ෂි අප සතුව නැති වුවත් ඇතැම් විචාරකයින්ගේ මත පිළිගත මට්ටමක තිබෙණවා. ඔවුන්ගේ අදහස් වලට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේනයට සාමය උදා කිරීමට සූදානම් වන්නේ යුද්ධයට සූදානම් වන අතර තුර කියලා. එම විචාරකයන් වැඩිදුරටත් පෙන්වා දෙනවා යුක්රේන යුද්ධය කැටි කරන ගමන් තමන්ගේ මුළු ශක්තියම චීනය මෙල්ල කිරීමේ දෙසට යොමු කිරීමේ උවමනාවෙන් පෙලෙනවාය කියා. මේ පිළිබඳව නිගමනයකට පැමිණීමට ප්‍රමානවත් තරම් සාක්ෂි තවම මා සතුව නොමැති වුවත් යුක්රේන- රුසියානු යුද්දය සාධරණ කොන්දෙසි යටතේ අවසානයකට පැමිණීම සමස්ත මනුෂ්‍ය වර්ගයාටම කරනු ලබන යහපතක්. යම් විදියකින් මේ යුද්දය රුසියාවට පරාජයක් අත්පත් වුවහොත් සෝවියට් දේශය බිඳ වැටුනායින් පසුව මානව වර්ගයාට සිදුවන විශාලතම ඛේදවාචකයට මුහුණ දීමට සිදු වෙනවා. සෝවියට් දේශය බිඳ වැටුනායින් පසුව තමයි මානව ඉතිහාසයේ දරුණුතම යුද්ද සියල්ල ඇති වන්නේ. 1991 ඉරාකයට විරුද්ධව සටන් කරනවා, 1995 දී සර්බියාවට විරුද්ධව සටන් කරනවා 2001 දී ඇෆ්ගනිස්ථානය යටත් කර ගන්නවා, 2003 දී නැවත ඉරාකයට පහරදී යටත් කර ගන්නවා නැවත 1998දී සර්බියාවට ගහල සර්බියාව දුබල කරල කොසෝවෝ ප්‍රාන්තය දුබල කරනවා. ලිබියාවේ නායකයා මහපාරේ ඝාතනය කරනවා. ඉතින් එවැනි තත්වයක් ලෝඉකයට නැවත අත්පත් නොවීමට නම් මේ යුද්ධය සාධාරණ ලෙස අවසන් විය යුතුයි. අධිරාජ්‍යවාදයට පරාජය අත් විය යුතුයි. ලංකාව වගේ දුර්වල ආර්ථිකයක් පවතින රටවලට ස්ව ශක්තියෙන් නැගී සිටීමට හැකි වෙන්නේ එවිට පමණයි. ඒ අනුව තමන්ගේ රටේ ස්වාධිපත්‍යට ස්ථාවරභාවයට කැමැති වන සෑම පුද්ගලයෙක්ම මේ ස්ථාවරයට පැමිණිය යුතු බව මගේ අවධාරණයයි. මට සවන් දුන් සැම දෙනාටම ස්තුතියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අඩියක් පස්සට... ඇනවුම් ලබා ගන්නා ලෙස සංගමය දන්වයි
විදුලි සංදේශ වංචාවට සම්බන්ධ චීන ජාතිකයන් 620 කට අධික සංඛ්‍යාවක් මියන්මාරයේ මයාවාඩි ප්‍රදේශයෙන් ආපසු ගෙන්වා තිබෙනවා- චීන මහජන නියෝජිතවරු පවසති
ඉන්දියාව රුසියාවෙන් කරන බොරතෙල් ආනයනය තියුනු ලෙස පහත දමයි
අගමැති දිනේෂ් සහ බෞද්ධ සම්මේලන අතර හමුවක්
ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ සූදානමක්ද? ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයට සැකයක්
රට රැකගත් හමුදාව වෘත්තීමය හමුදාවක් නොවන බව ජනාධිපති පවසන්නේ කාගේ වුවමනාවකටද? විමල්ගෙන් ප්‍රශ්නයක්
අභිචෝදක තනතුර: නීතිය දේශපාලනයට යටකිරීමක් - හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා
අඛණ්ඩ ඉන්ධන සැපයුම... සංස්ථාවෙන් සහතිකයක්
පාසැල් දරුවන් තුල සංස්කෘතික හර පද්ධතිය හා බුදුදහම අභියෝගයට ලක් කිරිමේ සූක්ෂම මෙහෙයුමක්... ජාතික කාන්තා එකමුතුවෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
රුසියානුවනි! වැලිගම ප්‍රදේශයේ පවත්වාගෙන යන යුක්රේන නාසිවාදියාගේ ආපන ශාලාවට යාමෙන් වලකින්න!- රුසියානු තානාපති කාර්යාලය නිවේදනයකින් කියා සිටියි
ට්‍රම්ප් සහ පුටින් : අවසන් අරමුණ කුමක්ද? නතර වන්නේ කොතැනද? විශේෂ සාකච්ඡාවට ඔබත් එක්වන්න
එක පවුලක් මාසයකට රු. 40000ක් බදු ගෙවද්දී: බදු වංචා කළ ව්‍යාපාරිකයන්ගේ පොලී කපන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා – පුබුදු ජයගොඩ
මේ ආණ්ඩුව වට්ටන එක හීනයක් – ජනපති අනුර කියයි
යුක්රේනයේ රූකඩ පාලනය සහ යුරෝපීය අනුග්‍රාහකයින් පරාජය කරන බවට මම සහතික වෙනවා.... රුසියානු තානාපති
රාජ්‍ය නායකයෙකුගේ විදේශ සංචාරයක් සිදුවන හැටි සහ වියදම් පාලනය වෙන්නේ මෙහෙමයි - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ යසස් ධර්මදාස
යුක්රේන රුසියා යුද්දයෙන් රුසියාවට ජය අත්පත් වී අධිරාජ්‍යවාදී බලවේග පරාජය වුවහොත් පමණයි පීඩිත රටවලට සහනයක් ලැබෙන්නේ- ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
