News Category
From Date
To Date
Maximum Number of Result

යුක්‍රේනයේ රූකඩ පාලනය සහ යුරෝපීය අනුග්‍රාහකයින් පරාජය කරන බවට මම සහතික වෙනවා.... රුසියානු තානාපති

Feb 28, 2025 at 05:18 PM
|

යුක්‍රේනයේ රූකඩ පාලනය සහ යුරෝපීය අනුග්‍රාහකයින් පරාජය කරන බවට සහතික වන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති LEVAN S. DZHAGARYAN මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ පසුගිය 26 වැනිදා ශ්‍රි ලංකා පදනම් ආයතනයේ පැවති  "යුක්‍රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව"  (Ukraine Proxy War: The Truth and Lies) නමින් 'අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය' විසින් සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් පසුව එහි සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

 

රුසියානු තනාපතිවරයා විසින් සිදුකළ සම්පූර්ණ කතාවේ සිංහල පරිවර්ථනය පහතින් 


‘‘හිතවත් වීරවංශ මහතාණෙනි, හිතවත් මිත්‍රවරුනි,

කියුබානු සහ චීන මහජන රජයේ තානාපති කාර්යාලවල හිතවත් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයිනි,

මා මිත්‍ර  වීරවංශ මහතාණෙනි, පළමුවෙන්ම ඔබතුමාට ගොඩාක් ස්තූතියි මෙම රැස්වීම සංවිධානය කිරීම පිළිබඳව.

විශේෂයෙන්ම, මෙම සංවේදී කාල වකවානුවේදී මෙය ඉතාමත්ම බලවත් සහ වැදගත් රැස්වීමක් වනවා මගේ රටට.

ඒ වගේම, මෙහි ඔබ අතර සිටීමට අවස්ථාව ලැබීම මට විශාල ගෞරවයක්.

මට සිංහල භාෂාව තේරෙන්නේ නැති වුණත්, මගේ සඟයින් විසින් යුක්‍රේනයේ මෙම යුක්‍රේන ප්‍රොක්සි යුද්ධයට හේතු ඉතා සවිස්තරාත්මකව වාර්තා කර ඇති බවට මට කිසිදු සැකයක් නැහැ.

ඒ වගේම අපිට මෙම විශේෂ යුධ මෙහෙයුම ආරම්භ කිරීමට බල කෙරුණු හේතු පිළිබඳවත් මම වචන කිහිපයක් කෙටියෙන් කතා කිරීමට කැමති. මොකද මාගේ ගෞරවණීය මිත්‍රයා වීරවංශ මහතා දැනටමත් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

අපි බටහිර රටවලින් බොහෝ වාරයක් ඉල්ලා සිටියා, විශේෂයෙන්ම පසුගිය ඇමෙරිකානු ඩිමොක්රිටික් පරිපාලනයෙන්, අපගේ ආරක්ෂක ගැටළු වලට ගරු කරන ලෙසට.

අපගේ දේශසීමා වලට ආසන්නව නේටෝ යටිතල පහසුකම් දකින්නට අපට අවශ්යු නැහැ.

රුසියාවට එරෙහි ලීවරයක් වශයෙන් යුක්‍රේනයේ නේටෝ සාමාජිකයෙකු ලෙස දකින්නට අපිට අවශ්‍ය නැහැ.

රුසියාව වැට්ටවීමට ප්‍රධාන හේතුව තමයි ලෝක ආධිපත්‍යය සඳහා යන ගමනට ඇමෙරිකාවට ඇති ප්‍රධාන බාධක වලින් එකක් රුසියාව වීමයි.

ලෝකයේ කිසිම රටක ආධිපත්‍යය අපිට පිළිගන්න බැහැ.

අපිට විතරක් නෙමෙයි අනෙකුත් ස්වාධීන රටවලටත්.

නමුත්, ඔවුන් එයට ගරු කළේ නැහැ. අන්න ඒ නිසායි, මෙම හමුදා මෙහෙයුම දියත් කිරීම සඳහා අපිට බල කෙරුණේ.

ඒක රුසියානු - යුක්‍රේන යුද්ධයක් නෙමෙයි.

ඒක රුසියානු - යුක්‍රේන යුද්ධයක් වුණානම්, අපි ඉතා ඉක්මණින් යුක්‍රේනය පරාජය කරලා.

මොකද, ඔබට රුසියානු හමුදා බලය සහ යුක්රේන හමුදා බලය සංසන්දනය කරන්නට බැහැ.

අපි දැනටමත් බොහෝ වාරයක් සාකච්ඡා කරන්නට සූදානම්ව සිට තිබෙනවා. 2024 වසරේ මින්ස්ක් ගිවිසුම, 2022 වසරේ ඉස්තාම්බුල් ගිවිසුම....

නමුත්, බටහිර රටවල් සහ යුක්‍රේනයේ රූකඩ ආණ්ඩුව බොහෝ වාරයක් අපිව රැවටුවා.

යුක්රේමනය කියන්නේ, ඇමෙරිකාවේ සහ යුරෝපයේ අත් වලින් නැටවෙන රූකඩයක්.

දැන්, රිපබ්ලිකන් පක්ෂය නැවතත් ඇමෙරිකාවේ බලයට පැමිණීමත් එක්ක, ට්රේම්ප් ජනාධිපතිවරා ඉතා ප්රා,යෝගික නිසා, දේශපාලන විසඳුමකට අවස්ථාවක් ලබාගැනීමට කවුළුවක් විවෘත වෙලා තියෙනවා. 

ඔබ දන්න විදිහට, අපි මේ වන විටත් ඇමෙරිකානු පරිපාලනයත් එක්ක සාකච්ඡ ආරම්භ කරලා තියෙනවා.

ඒත්, මේ වෙලාවේ යුරෝපා රටවල් එක්කනම් නෙමෙයි....

මොකද, ලොකු මහත්තුරු දෙදෙනෙකු කතා කර අවසන් වන තුරු ඔවුන්  ඕනෑම ප්‍රතිඵලයක් ලැබෙන තුරු බලාගෙන සිටිය යුතුයි.

නමුත්, අපි ඇමෙරිකාවත් එක්ක කතා කරන්නේ යුක්රේන ගැටළුව ගැන විතරක් නෙමෙයි. අපි අපේ ද්වීපාර්ශ්වික සබඳතා ගැනත් සාකච්ඡා කරනවා. ඇමෙරිකානු - රුසියානු සබඳතා සාමාන්‍ය මට්ටමට ගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. 

උදාහරණයකට මැද පෙරදිග, ගාසා තීරය,

අපි ලෝකයේ තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරනවා.

ඒ වගේම, ඇමෙරිකානු පරිපාලනය සමඟ අපගේ සම්බන්ධතාවල ප්‍රතිඵල පිළිබඳව ඉරානය, චීන මහජන රජය වැනි අපගේ මිතුරන්ව දැනුම්වත් කරනවා.

අපි බලාපොරොත්තු වනවා ගැටුම සමථයකට පත් කර ගැනීමට හැකියාව ලැබේවි කියලා.

ඒ වගේම සියළුම රටවල්, මුලින්ම ගෝලීය දකුණේ සිට එයින් ප්රයතිලාභ ලබනවා.

මොකද, සම්බාධක, තර්ජන, පීඩනය අපගේ මාර්ගය නොවන නිසා.

මොකද, යුරෝපීය රටවල් සහ පසුගිය ඇමෙරිකානු පරිපාලනය රාජ්‍ය තාන්ත්‍රික භාෂාව අමතක කරලා දාලා තිබෙන්නේ.

නමුත්, ඔවුන් ඒකට කැමති වුණත් නැතත් අපි එය ඔවුන්ට මතක් කරලා දෙනවා !

අවසන් වශයෙන්,

අපට ගොඩාක් සංකීර්ණ ඉල්ලීම් තිබෙනවා.

ඒවා පුටින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළා.

මුලින්ම, යුක්රේනය නිරායුධ කිරීම.

හමුදාමය වශයෙන්, යුක්රේනනය මගේ රටට කිසිම තර්ජනයක් එල්ල නොකළ යුතුයි.

දෙවනුව, යුක්‍රේනය මධ්‍යස්ථව සිටිය යුතුයි.

ඔවුන් කිසිම දිනක නේටෝවට සම්බන්ධ නොවිය යුතුයි.

අපි කිසිම දිනක යුක්රේයට නේටෝවේ කොටස්කරුවෙක් වන්නට ඉඩ ලබා දෙන්නේ නැහැ.

ඔවුන් ඒකට කැමති වුණත්, නැතත්.

ඒ වගේම, අපි අපගේ විශේෂ හමුදා මෙහෙයුම ඉදිරියටත් සිදු කරගෙන යනවා.

අවශ්‍ය තාක් කල් අපි අපගේ පරිශ්‍රමය දිගටම කරගෙන යනවා.

යුක්රේඒනයේ රූකඩ පරිපාලනය සහ යුරෝපීය අනුග්‍රාහකයින් පරාජය කරන බවට මම ඔබට සහතික වනවා ඔවුන් එයට කැමති වුණත් නැතත්.

ඔබගේ අවධානයට ගොඩාක් ස්තූතියි !




 


සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ලබාදුන් රහසිගත තොරතුර රටට හෙළි කරන්නේද නැද්ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.
සිසුන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී ඇති කුඩා පාසල් සියයක් පමණ වසා දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කරන ලද ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 82 වගන්තිය ප්‍රකාරව අයුතු බලපෑමක් සිදුවන බව බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපති තිලක් සියඹලාපිටියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.
තාප බලශක්ති මාෆියාවේ අතකොළුවක් බවට පත්ව ඇති ආණ්ඩුව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය විනාශ කිරීමට සැරසෙන බව විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ චෝදනා කළේය.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

ප්‍රධාන පුවත්

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)

මේ ආණ්ඩුව බලයට පත්වූ පසුව සිදුකළ නොහොබිනාම දේ තිලක් සියඹලාපිටිය මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීම බව සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි. ''රට අඳුරට යවන සූර්‍ය බල අවමඟුල" ලෙසන් වීඩියෝවක් යූ ටියුබ් නාලිකාවට එක් කරමින් ඔහු මෙසේ පවසයි.

හිසතෙල් ගෑමේ නැකැත අද

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයට යෙදී තිබේ.

ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.