News Category
From Date
To Date
Maximum Number of Result

ආනයනික සහල් සඳහා පනවා ඇති ආනයනික බද්ද ඉවත් කළහොත් රුපියල් 135ට එම සහල් කිලෝවක් ආනයනය කළ හැක හැකි බව වෙළඳ හා ආහාර සුරක්ෂිතතා ඇමති වසන්ත සමරසිංහ මහතා සඳහන් කර ඇත.

ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් තම හෙන්චයියා වෙච්ච ඉශ්රානලය යොදා ගනිමින් මැදපෙරදිග රාජ්යෙයන්ට එරෙහිව සිදුකරනු ලබන පහරදීම වහා නතරකරන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (20) ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය. එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා මෙසේ පැවසීය. "ලෝකයට ප්රදජාතන්ත්රූවාදය උගන්වන මහා පණ්ඩිතයා විදිහට පෙනී ඉන්න ඇමරිකාව අද ඊශ්රාියලය පාවිච්චි කරමින් මැද පෙරදිග කලාපය අස්ථාවර කරන්න ක්රිායාත්මක කරමින් ඉන්න දේශපාලන කුමන්ත්ර ණයන් වහා නවතා දමන ලෙස අප ඉල්ලා සිටින්න තමයි අද මේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිටට ඇවිල්ලා මේ උද්ඝෝෂණය කරන්නේ. ඔවුන් මැද පෙරදිග කලාපය අස්ථාවර කරන්න ක්රිකයාත්මක වෙනවා. ඉරානය විනාශ කරමින් ඉන්නවා. සිරියානු බලය බිඳවට්ටවා තියෙනවා. මේ සියල්ල හරහා ක්රිායාත්මක වන්නේ මැද පෙරදිග කලාපය විනාශ කිරීමේ වුවමනාව. ඒ හරහා සිදුවන්නේ ඇමරිකානු බලය තහවුරු කර ගැනීමේ ක්රිායා මාර්ගයයි බව ඔහු පැවසීය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා මෙසේද පැවසීය. මේක මැද පෙරදිග විතරක් ප්රටශ්නයක් වෙන්නෙ නැහැ අපි කතාකරන්නේ පලස්තීන ප්රලශ්නය විතරක් නෙවෙයි ඇමෙරිකානු එක්සත් ජනපදය ලෝකය පුරාම මේ දේ සිදු කරමින් පවතිනවා. ඔවුන්ගේ නැතිවී යන බලය පවත්වාගෙන යන්න තමයි අද ලෝකය පුරාම ක්රිතයාත්මක වන්නේ. ලෝක ප්රනමාණයෙන් සිදුවන බලශක්ති අර්බුදය ඒවගේම ආර්ථික අර්බුදය මේවා සියල්ල සිදු කරන්න ඇමෙරිකානු එක්සත් ජනපදය. ඒවාගේම දකුණු ආසියානු කලාපය අස්ථාවර කරන්න වගේම දකුණු ආසියානු කලාපය අස්ථාවර කරන්න මේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විශාල කුමන්ත්රම පසුගිය දවස්වල විශාල ලෙස අපේ රට ඇතුලේ ඉදන් මැදිහත් වුණා. ඉශ්රා යල හමුදා මේ වන විට ලංකාවේ විශාල ප්රාමාණයක් අරුගම්බේ ඉන්නවා. එහෙම ඉන්නේ කොහොමද කියලා අපි ප්රාශ්න කරනවා. මේකෙන් වෙන්නේ ඊශ්රා යලවට සහාය පළකරන රාජ්ය යක් බවට ශ්රීැ ලංකාව පත්වීම. අපි ආණ්ඩුවට කියනවා මේක අනතුරක් මේ අනතුරට වහාම පිළියම් හොයන්න කියලා අපි ආණ්ඩුවෙනුත් ඉල්ලා සිටිනවා" යැයි පැවසීය

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසන පරිදි ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර දෙරටේ නායකයන් පවත්වන ලද ඒකාබද්ධය මාධ්‍ය හමුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ ඒකාබද්ධ ප්‍රකාශනයේ සඳහන්ව නැත.

රුසියානු ජනපති සිය වාර්ෂික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සහ රුසියාවේ ජනතාව සමඟ සෘජු ලෙස සම්බන්ධ වෙමින් කළ සාකච්ඡාවේ වැදගත්ම උපුටා දැක්වීම් දහය:

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් යුද්ධයෙන් දිනාගත නොහැකි වූ බෙදුම්වාදී සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් සකස් කරන ලද හිමාලය ප්‍රකාශනය සම්බන්ධයෙන් සංවිධානය කෙරුණු වැඩ මුළුවක් කොළඹ 5 ජානකී හෝටලයේදී පැවැත්වීමට ඊයේ(19) දින කටයුතු සම්පාදනය කර තිබුණි.

චීන රජය විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් සඳහා පරිත්‍යාගයක් ලෙස ප්‍රදානය කළ පාසල් නිල ඇඳුම් රෙදි තොගය පිළිගැනීම සඳහා වරාය පරිශ්‍රයේ සංවිධානය කළ නිල උත්සවයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය සහ අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පමා වීම

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සත්‍ය හෙළිදරව් කරමින් වත්මන් රජය යුක්තිය ඉටු කරනු ඇති බවට තමා තුළ විශ්වාසයක් සහ ශුභවාදී බලාපොරොත්තුවක් පවතින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළහ.

අද(20) දිනයේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 10.4ක සාර්ව සම්බන්ධිත බැඳුම්කර (Mළ්ඹ්) නිකුත් කරනු ඇති අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක පාලන බැඳුම්කර සහ රුපියල් බිලියන 155ක් වටිනා රුපියල් බැඳුම්කර ඇතුලත්වේ.

අද(20) දිනයේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 10.4ක සාර්ව සම්බන්ධිත බැඳුම්කර (Mළ්ඹ්) නිකුත් කරනු ඇති අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක පාලන බැඳුම්කර සහ රුපියල් බිලියන 155ක් වටිනා රුපියල් බැඳුම්කර ඇතුලත්වේ.


ප්‍රධාන පුවත්

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.