සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ (20) මධ්යම රාත්රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3 ක් හෙවත් කෝටි 430 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්ය ප්රකාශක, අතිරේක රේගුව අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මිය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල හා නියෝජ්ය අමාත්ය සුනිල් වටගල යන මහත්වරු බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්යාංශයේදී හමුවී ඇත. ශ්රී ලංකාව සහ ඇමෙරිකාව අතර රාජ්ය තාන්ත්රික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී සිදුවූ බව ඔවුන් ප්රකාශ කර ඇත. ශ්රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම ඇමෙරිකාවේ අපේක්ෂාව බවත් රජයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දෙන බවත් ජුලී චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කර ඇත. මෙම අවස්ථාවට අමාත්යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා ද සහභාගීවී තිබේ.
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී ඊයේ (20) පැවසීය. ජනාධිපතිවරයා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. පසුව මාධ්යට අදහස් දක්වමින් මෙසේද පැවසීය. පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පැවැත්වීමට කටයුතු කරනවා. එම ඡන්දයට නාමයෝජනා බාරදුන් සන්ධාන අද නැහැ. ඒ සන්ධාන කැඩිලා. මේ නිසා ප්රශ්න නියෙනවා. නාම යෝජනා අවලංහු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව පනත සංශෝධනය කර ජනවාරි මාසයේදී පනත සම්මත කර ගන්නවා. ඊට පසු ඡන්දය පවත්වන්න පුළුවන්.
ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් තම හෙන්චයියා වෙච්ච ඉශ්රානලය යොදා ගනිමින් මැදපෙරදිග රාජ්යෙයන්ට එරෙහිව සිදුකරනු ලබන පහරදීම වහා නතරකරන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (20) ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය. එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා මෙසේ පැවසීය. "ලෝකයට ප්රදජාතන්ත්රූවාදය උගන්වන මහා පණ්ඩිතයා විදිහට පෙනී ඉන්න ඇමරිකාව අද ඊශ්රාියලය පාවිච්චි කරමින් මැද පෙරදිග කලාපය අස්ථාවර කරන්න ක්රිායාත්මක කරමින් ඉන්න දේශපාලන කුමන්ත්ර ණයන් වහා නවතා දමන ලෙස අප ඉල්ලා සිටින්න තමයි අද මේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිටට ඇවිල්ලා මේ උද්ඝෝෂණය කරන්නේ. ඔවුන් මැද පෙරදිග කලාපය අස්ථාවර කරන්න ක්රිකයාත්මක වෙනවා. ඉරානය විනාශ කරමින් ඉන්නවා. සිරියානු බලය බිඳවට්ටවා තියෙනවා. මේ සියල්ල හරහා ක්රිායාත්මක වන්නේ මැද පෙරදිග කලාපය විනාශ කිරීමේ වුවමනාව. ඒ හරහා සිදුවන්නේ ඇමරිකානු බලය තහවුරු කර ගැනීමේ ක්රිායා මාර්ගයයි බව ඔහු පැවසීය https://www.youtube.com/watch?v=1dcthFELYk4 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා මෙසේද පැවසීය. මේක මැද පෙරදිග විතරක් ප්රටශ්නයක් වෙන්නෙ නැහැ අපි කතාකරන්නේ පලස්තීන ප්රලශ්නය විතරක් නෙවෙයි ඇමෙරිකානු එක්සත් ජනපදය ලෝකය පුරාම මේ දේ සිදු කරමින් පවතිනවා. ඔවුන්ගේ නැතිවී යන බලය පවත්වාගෙන යන්න තමයි අද ලෝකය පුරාම ක්රිතයාත්මක වන්නේ. ලෝක ප්රනමාණයෙන් සිදුවන බලශක්ති අර්බුදය ඒවගේම ආර්ථික අර්බුදය මේවා සියල්ල සිදු කරන්න ඇමෙරිකානු එක්සත් ජනපදය. ඒවාගේම දකුණු ආසියානු කලාපය අස්ථාවර කරන්න වගේම දකුණු ආසියානු කලාපය අස්ථාවර කරන්න මේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විශාල කුමන්ත්රම පසුගිය දවස්වල විශාල ලෙස අපේ රට ඇතුලේ ඉදන් මැදිහත් වුණා. ඉශ්රා යල හමුදා මේ වන විට ලංකාවේ විශාල ප්රාමාණයක් අරුගම්බේ ඉන්නවා. එහෙම ඉන්නේ කොහොමද කියලා අපි ප්රාශ්න කරනවා. මේකෙන් වෙන්නේ ඊශ්රා යලවට සහාය පළකරන රාජ්ය යක් බවට ශ්රීැ ලංකාව පත්වීම. අපි ආණ්ඩුවට කියනවා මේක අනතුරක් මේ අනතුරට වහාම පිළියම් හොයන්න කියලා අපි ආණ්ඩුවෙනුත් ඉල්ලා සිටිනවා" යැයි පැවසීය
ප්රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..