
අද (28) මධ්‍යම රාත්‍රීයේ සිට ඛනිජ තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි
අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමය පැවසුමේ මේ වන විට පවතින සංචිත බෙදා හැරීම පමණක් සිදුකරන අතර අලුතින් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකර බවය.
ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට හිමිවන 3%ක වට්ටම් මුදල අහෝසි කර එය හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
2022 වසරේ මාර්තු මාසයේ දී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව මෙය බලාත්මක වී ඇති අතර ඒ අනුව දැනට ගෙවනු ලබන මුදල අනීතික බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
මෙම තත්ත්වය තුළ ඛණිජ තෙල් ඇනවුම් කිරීමෙන් ඉවත් වීමට තීරණය කළ බව බෙදුම්කරුවන්ගේ සංගමය අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ එම සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා,
"අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා අපි ගාව තියෙන තෙල් විතරයි විකුණන්නේ ආපහු ඕඩර් කිරීමක් කරන්නේ නැහැ. යම් කිසි විදිහකින් ඛණිජ තෙල් සංස්ථාව හෝ වෙනත් සමාගමක් තෙල් ලබා දුන්නොත් අපි විකුණනවා. නිකන් ලැබෙන තෙල් ඕන තරම් විකුණනවා. අපිට සල්ලි දීලා මේ මිලට තෙල් අරන් විකුණන්න පුළුවන් කමක් නෑ."
ඒ වගේම තමයි ජනාධිපති කාර්යාලයේ සිට සියලුම රාජ්‍ය තන්ත්‍රයට අපි තෙල් ලබා දෙනවා ක්‍රෙඩිට් ෆැසිලිටි එක යටතේ. මේවා ලබා දෙන්නේ රජයෙන් නෙමේ බෙදුම්කරුවන්ගේ සල්ලිවලින්. ඒ නිසා අපි හෙට උදේ ඉඳලා කිසිම රාජ්‍ය ආයතනයකට ක්‍රෙඩිට් එකට තෙල් ලබා දීම කරන්නේ නෑ සල්ලි ගෙනත් දුන්නොත් විතරයි තෙල් දෙන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
