News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය රජය සමයේ ජාතික තරුණ සේවා සභාව විසින් පැවැත්වූ ස්මාර්ට් යූත් නයිට් ප්‍රදර්ශනය සහ ප්‍රසංග මාලාවේදී සිදුව ඇති බවට පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එවකට සිටි තරුණ කටයුතු සහ ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් තරුණ සභාවේ මුදල් අවභාවිතා කර ඇති බවයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සදහන් කළේ.

සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවාලයේ තේවාවන් සහ රාජකාරි කටයුතු වලින් අද ඉවත් වුහ.

රිලා මස් කෑමට තරම් රටේ ජනතාව පහතට වැටි නොමැති බව කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය. චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක මාධ්‍ය හමුවක් පවත්වමිණි. මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ,

ලන්ඩන්හි මූලස්ථානය පිහිටි ලයිකා සමූහ ව්‍යාපාරය සහ එහි සභාපති සහ නිර්මාතෘ සුභාස්කරන් අල්ලිරාජා ‘වක්‍රව සහ වංචනිකව දේශීය මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්පත් කර ගැනීම් සිදු කරමින්’ මෙරට සිය මෙහෙයුම් ක්‍රියාකාරීව ව්‍යාප්ත කරමින් සිටින බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සමක සඳහන් වේ.

අලුතින් නාමයෝජනා කැඳවීමට සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පහසුකම් සැලසීම අරමුණු කරගත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක තහවුරු කරයි.

මුලතිව් මුහුදේදී අතරමංව සිට බේරාගන්නා ලද මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයන් යලි එරටට පිටුවහල් කිරීම මෙරටට කැළලක් වනු ඇති බව සමගි ජන බලවේග කොළඹ දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

15 හැවිරිදි පාසල් සිසුවකු රිලවුන් සහ වඳුරන් වැනි සතුන් පලවා හැරීම සඳහා සංවේදක උපකරණයක් නිර්මාණය කර තිබේ. එම උපකරණය මගින් ශබ්දය සහ සුවඳ විමෝචනය කිරීමෙන් සතුන් පලවා හරියි.

ජාතික ජන බලවේගය ආණ්ඩුව සමස්ත ශ්‍රී ලංකාවම සකලවිද ආකාරයෙන් පිරිසිදු කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පසුගිය ජනවාරි පළමු වැනිදා එම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලය වන ගොවි ජන මන්දිරයේදි පැවැත් වුණි.

ආර්ථික පීඩනයෙන් තම පවුල තාවකාලිකව මුදා ගැනීමට ගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසු වූ කාන්තාවන් දෙසියයක් සිය දිවි නසා ගෙන ඇතැයි ජාතික කාන්තා එකමුතුව කියයි. මෙරට පුද්ගලයන් ලක්ෂ විසි අටක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන සිටින බවත් ආදිවාසී කාන්තාවන් ඇතුළුව මෙරට කාන්තාවන් ලක්ෂ විසි හතරක් ණය උගුලෙන් මේ වන විටත් මිරිකී සිටින බවත් එකමුතුවේ සභාපතිනි හෂිනි සිල්වා පැවැසුවාය.


ප්‍රධාන පුවත්

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.