ඊයේ(01) අලුයම එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕර්ලියන්ස් හිදි පැවැති අලුත් අවුරුද්ද උදාවීම වෙනුවෙන් පැවැත්වූ විනෝදාස්වාදය සපයමින් තිබූ ස්ථානයක් වෙත පුද්ගලයෙකු පිකප් ට්‍රක් රථයක් ධාවනය කිරීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බව අමෙරිකානු බලධාරීන් මාධ්‍ය හමුවක් පවත්වමින් මියගිය ගණන යාවත්කාලීන කළ විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි.
කියුබානු විප්ලවයේ 66 වන සංවත්සරය අභිමානයෙන් සමරණ සමස්ථ ලෝකවාසි අධිරාජ්‍ය විරෝධී ජනයා සමඟ ජාතික නිදහස් පෙරමුණෙහි දේශපාලන බල මණ්ඩලය ඇතුළු සමස්ත සාමාජිකත්වයම එක්වන බව දන්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් කියුබානු ජනාධිපති මිගුඑල් ඩයස්-කානෙල් වෙත ලිපියක් යොමුකර ඇත. එම සම්පූර්ණ ලිපිය පහතින්
දේශීය පොල් තෙල් නිෂ්පාදකයන්ගෙන් සියයට දහඅටක (18%) වැට් බද්ද අයකරන ගමන් ආනයනික පොල් තෙල් සඳහා සියයට දහ අටේ (18%) බදු සහනය ලබාදී දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් ආරක්‍ෂා කරන්නේ කෙසේ දැයි පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා රජයෙන් විමසීමක් කළේය. මේ වසරේ දී ආනයනික පොල් තෙල් කිලෝ මිලියන ලක්‍ෂයක් රටට ගෙන්වා ඇති බවත්, එම තෙල් ප්‍රමාණය රුපියල් බිලියන එකොළොස්දහස් හැත්තෑවක් (11070) පමණ වන බවත් ඒ මහතා කීය.
සුරාබදු දෙපාර්තමේන්තුව හඳුන්වා දීමට යන අඩු මිල මත්පැන් බෝතලය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට පටහැනි යැයිද මත්පැන් කර්මාන්තයටම පමණක් යහපතක් සිදුවන එම ප්‍රතිපත්තිය ගැන නැවත සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදයකුමාර මහතාට ලිපියක් යොමු කර ඇත.
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..