ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපල ගින්නක් හේතුවෙන් වසා දමයි
අද හවස් වරුවේ බටහිර ලන්ඩනයේ විදුලි උපපොළක් තුළ පැතිර ගිය දැවැන්ත ගින්නක් හේතුවෙන් හීත්‍රෝ ගුවන්තොටුපළේ විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ.
සාමාන්‍යයෙන් දිනකට ගුවන් ගමන් 1,000 ක් පමණ හසුරුවන ප්‍රවාහන මධ්‍යස්ථානය අද(20) රාත්‍රී 11:59 දක්වා වසා තබනු ඇති බව වාර්තා වේ. එයට හේතුව වන්නේ ගින්නෙන් “සැලකිය යුතු විදුලි බිඳවැටීමක්” අත්විඳිමින් සිටින බැවිනි. ගුවන්තොටුපළ X හි පළ කළ පණිවිඩයකට අනුව, මගීන්ට ඉවත්ව සිටින ලෙසත් වැඩිදුර තොරතුරු සඳහා ඔවුන්ගේ ගුවන් සමාගම් අමතන්න ලෙසත් උපදෙස් දී ඇත.
හේස් හි විදුලි උපපොළක ඇති වූ ගින්න නිසා ඇති වූ පුළුල් විදුලි බිඳවැටීම “බොහෝ නිවාස සහ දේශීය ව්‍යාපාරවලට” බලපා ඇති බව ලන්ඩන් ගිනි නිවන හමුදාව විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
පෙරවරු 5:55 වන විට, ගිනි නිවන භටයින් තවමත් ගින්න පාලනය කිරීමට කටයුතු කරමින් සිටි බව, සේවාව X ගිනුමෙහි අලුයම සටහනක් තබමින් කියා සිටියේ, ට්‍රාන්ස්ෆෝමර් ඒකකයක කොටසක් තවමත් දැවෙන බව අවධාරණය කරමිනි.
https://twitter.com/i/status/1902873192483422711
https://twitter.com/i/status/1902868725549728252
https://twitter.com/i/status/1902872477727875284
අයර්ලන්තය, ප්‍රංශය සහ නෙදර්ලන්තයේ ගුවන් තොටුපළවල් වෙත ගුවන් යානා හරවා යවා ඇති අතර, මගින්න් දහස් ගණනක් අතරමං වී ඇත. ඉදිරි පැය 24 සහ ඉන් ඔබ්බට ඔවුන්ගේ ගමන් විකල්ප පිළිබඳව මගීන්ට දැනුම් දීමට බ්‍රිතාන්‍ය ගුවන් සේවය කටයුතු කරනු ඇතැයි පැවසේ. හීත්‍රෝ යනු බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ප්‍රධාන මධ්‍යස්ථානයයි.
London’s Heathrow shuts down due to fire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..