2024 දෙසැම්බර් මස 31 වැනි දින සිට රාජ්‍ය මුද්‍රණාලයේ, වෙබ් අඩවිය documents.gov.lk ආක්‍රය වී පවතී. මෙය මෙතරම් දිනක් මෙසේ පැවතීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ යම් කුතුහලය දනවන පුවත් නිර්මාණය වී ඇත. බොහෝ දෙනා පවසන්නේ documents.gov.lk වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයකට ලක් වූවාද ? එසේ නොමැති නම්, මෙය ආක්‍රය තත්වට පත්කර ජනතාව මුලාවට පත්කර ඇතිද යන්නය.
මුදල් විශූද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ පනත් සංශෝධනය කිරීම දෙමළ ඩයස්පෝරාවේ උවමනාව මත සිදුකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. පසුගිය (7) වැනිදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය. ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා පැවසුවේ දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය මේ සංශෝධනයට ආණ්ඩුව පය තැබුවොත් එය මර උගුලකට පය තැබීමක් බවයි. තව දුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා මෙසේද පැවසීය.
2025 ජනවාරි 2 වැනි දා රෑ 9:36 ට ඉන්දියාවේ ගෞතම් අදානිගේ NDTV වෙබ් අඩවියේ මහ භයානක, ඇඟ හරිවැටෙන ප්‍රවෘත්තියක් පළවුණා. නිකිල් පාණ්ඩේ කියන ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති සංස්කරකයා ලියපු ඒ ප්‍රවෘත්තියෙන් කියැවුණේ කෝවිඩ් වසංගතයෙන් අවුරුදු පහකට පස්සේ පුපුරලා ගිය අලුත් වයිරසයකින් චීනයේ රෝහල් පිරී ඉතිරී ගොස් ඇති බවක් සහ ආදාහනාගාර කාර්යබහුල වී ඇති බවක්. ඊට පහුව දා (ජනවාරි 3 වැනි දා) ඉඳලා මේ භයානක ප්‍රවෘත්තිය අපේ සිරිලංකාවේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය එක විදිහට පළ කරන්න පටන්ගත්තා. අපේ ගෙවල්වල මිනිස්සු, යාළුවෝ කලබල වෙලා මට කතා කළා.
2024 /25 මාස් කන්නයේ වී සඳහා සාධරණ සහතික මිලක් පිළිබඳ ගොවිජන යෝජනාවලිය මෙම මස 10 වෙනිදා කෘෂිකර්ම ඇමතිවරයාට බාරදෙන බව ජාතික ගොවිජන එකමුතුු පවසයි. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ වී වගා කරන සියලු මහා වාරිමාර්ග හා මහවැලි කලාප ගොවිජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් වී ඇතුළු කෘෂි නිෂ්පාදන මිල නියාමන කමිටුව මගින් මෙකී යෝජනාවලිය සකස් කරනු ලබන බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..