News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන බව එම පක්ෂ ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී තිබේ.

ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අත්‍යාවශ්‍ය බව රජයට මුල සිටම සමගි ජනබලවේගය පෙන්වා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

මෙරට රැඳීසිටිමින් ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (60) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.

මගෙන් රටට ව්‍යාපාරයේ සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබේ.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන කමන්ත තුෂාර මහතා සහ තවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් එක්වී පැවැත් වූ උද්ඝෝෂණයක දී පොලිසිය විසින් එයට මැදිහත් වී ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය තුළ සංසරණය වේ.

ජාතික න්‍යාය පත්‍රයක මූලාරම්භය දෙවන පියවර ඉකුත් 25 දින ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා ජනරජය හිමිකම් පෑ සාගර කලාපය ඉන්දියාව විසින් අල්ලා ගැනීමට උත්සාහ දැරීම පිළිබඳව දැඩි ලෙස විරුද්ධත්වය පළකරන බවත්, ලංකාවට අයත් සම්පත් ලංකාවට දැනුම් දීමක් පවා නොමැතිව අත්පත් කරගැනීමට ඉන්දියාව කටයුතු කරමින් සිටන බවත් ශ්‍රී ලංකා හරිත සන්ධානයේ සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට සංශෝධන දෙකක් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ තමන් විසින් ඉදිරිපත් කළ බවත්, එහෙත් එම අවස්ථාවේ සභානායකවරයා එම සංශෝධන සෘජුවම ප්‍රතික්ෂේප කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙනිඳු කුමාරතුංග මහතා පවසයි.

චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(26) වියට්නාමයේ අගමැති ෆාම් මින් චින්හ් බෙයිජිංහිදී හමු විය. මෙය දෙරටේ වේගවත් ආර්ථික සංවර්ධනය සහ දිගුකාලීන සමාජ ස්ථාවරත්වය සමාජවාදී ක්‍රමයේ ශක්තීන් පෙන්නුම් කරන බව දෙරටේ නායකයන්ගේ අදහසයි.


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.