News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාව සිය නිල ණයහිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ලංකා සතොස නව සභාපතිවරයා ලෙස ආචාර්ය සමිත පෙරේරා ඊයේ (4) නිල වශයෙන් වැඩ භාරගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩනොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.

විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම අසාර්ථක බවත්, සුදුසුකම් සහිත දරුවන් බොහෝ ප්‍රමාණයක් බඳවා ගැනීම සිදුවී නැති බවත් සමස්ත ලංකා ගුරු අධ්‍යාපන‍ඥ සේවා නිලධාරින්ගේ වෘත්තීය සංගමය චෝදනා නගයි.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා යොදාගෙන ඇති දිනය වන 2024 නොවැම්බර් 14 වන දා රටේ ජනතාවට ගැටලුකාරී දිනයක් වන බවත් නෙවැම්බර් 15 වන දා එනම් මහ මැතිවරණයට පසුව දා ඉල් පසළොස්වක පොහොය යෙදෙන බව හා කඨින පිංකම් අවසන් වන්නේ ද එදිනට බවත් පෙන්වා දෙමින් ශ්‍රී ලංකා මගී හිමිකම් සුරැකීමේ සංවිධානයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

මොස්කව් පරිපාලනය,තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන බව ඇෆ්ගනිස්ථානයේ රුසියානු ජනාධිපති නියෝජිත Zamir Kabulov ඊයේ(04) මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව සටන් කිරීමේ වගකීම දරන Federal Security Service (FSB) හි ප්‍රධානියා වන Aleksandr Bortnikov විසින් ද මෙම ප්‍රවෘත්තිය තහවුරු කරන ලද බව රුසියානු පුවත් සේවා පවසයි. 2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් රජය සමඟ සම්බන්ධතා ඇති කර ගත් පළමු ජාතීන් අතර මොස්කව් ද වන බව එම ප්‍රවෘත්ට්ති වාර්තා වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් රුසියාව එම කණ්ඩායම රටෙහි පාලන බලවේගය ලෙස නිල වශයෙන් මෙතෙක් පිළිගෙන නොමැත.

ජනවාරි මාසයේ සිට වාහන ආනයනය සම්බන්ධයෙන් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වේ.

ඉදිරි මහ මැතිවරණයේදී සර්වජන බලය පක්ෂය මැතිවරණ දිස්ත්‍රික් විසිදෙකටම පදක්කම ලකුණ යටතේ තරග කරන බවත් ආණ්ඩු බලය නොව විපක්ෂයේ බලය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (4 දා) පැවසීය.


ප්‍රධාන පුවත්

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.