News Category
From Date
To Date
Maximum Number of Result

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධි සම්බන්ධයෙන් සැක පිට යුද හමුදාවේ හිටපු බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.2008 වසර මැයි මාසයේදී මෙම පහරදීම සිදුවිය.

නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව තුළ අන්තවාදී මතවාදයන් ප්‍රචලිත කිරීමේ උත්සාහයන් පිළිබඳ බුද්ධි අංශ වාර්තා රජයට ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත මෙම වාර්තා පදනම් වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

වසර 16කට පසු පැවැත්වීමට කටයුතු යොදා තිබෙන දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18වනදා ආරම්භකිරීමට කටයුතු යොදා ඇත.

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු දිනය මෙම සතිය මුල වනවිට ප්‍රකාශයට පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති එල්.ඒ.ආර්. රත්නායක මහතා පවසයි.

ජාතික ජන බලවේගය පක්ෂය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF ) නිර්ණායක කඩ නොකර ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන බවට IMF නියෝජිතයින්ට විශ්වාසයක් ගොඩ නැගී ඇතැයි කම්කරු අමාත්‍ය ආචාර්ය ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

රජය විසින් යෝජනා කර තිබෙන නව අපරාධ නඩු අධ්‍යක්ෂ ධුරය (රජයේ අභිචෝදක තනතුර) නීතිය දේශපාලනයට යටකිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පුවත්පතකට පවසා ඇත.

අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

අන්‍යාගමික අන්තවාදී නිරාගමික කල්ලි කණ්ඩායම් යොදාගනිමින් පාසැල් දරුවන් තුල තමන්ට අනන්‍ය සංස්කෘතික හර පද්ධතිය හා බුදුදහම අභියෝගයට ලක් කිරිමේ සූක්ෂම මෙහෙයුමක් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරින් ගේ අනුදැනුම මත සිදුවන බව ජාතික කාන්තා එකමුතුවේ සභාපති හෂිනි සිල්වා පවසයි.

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය අරඹා තිබේ.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.