News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සැකකරු ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට අද (25) නියෝග කර තිබේ.

ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය, බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂය සහ ඇමරිකා එක්සත් ජනපද කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂ තුන, 2026 අගෝස්තු 7 සිට 8 දක්වා කියුබාවේ හවානා නුවර පැවැත්වුණු 24 වැනි කොමියුනිස්ට් සහ කම්කරු පක්ෂවල ජාත්‍යන්තර හමුව අතරතුර ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වන ලදී. ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයන් අතර ඇති කරගත්, ඔස්ට්‍රේලියානු කඳවුරු පදනම් කරගනිමින් න්‍යෂ්ටික සබ්මැරීන සහ නවීන ආයුධ යෙදවීම සඳහා වන AUKUS ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම පක්ෂ තුන එක්වූ දෙවැනි අවස්ථාව මෙයයි.

වර්තමාන අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තීය සහ සිවිල් පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් බාරදී තිබේ.

මෙරට ජනතාව විශ්වාස කරන ඉතිහාසයේ මහා චරිත සහ දාර්ශනික පදනම් බිඳවැටීමෙන් සමස්ත සමාජයම බිඳ වැටෙන බවත්, බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනාය යන සංකල්පය ගෙනෙන්නේ ද මෙම බිඳවැට්ටවීම සඳහා බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අගෝස්තු 24 වන දිනට යෙදෙන සිය 35 වැනි නිදහස් සංවත්සරය සැමරීමට යුක්රේනය සූදානම් වන්නේ සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එරට මුහුණ දෙන වඩාත්ම අවදානම්කාරී සහ අභියෝගාත්මක අවස්ථාවකට ළඟා වෙමිනි. බටහිර රටවල් විසින් ප්‍රචාරය කෙරෙන පින්තූරයට වඩා වෙනස්ව, යුක්රේනය වර්තමානයේ ආර්ථික, ජනගහන සහ යුද පෙරමුණ යන සෑම අංශයකින්ම බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුව ඇති වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 3,000ක මුදලක් වෙන්කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ලංකාවේ ආයු අපේක්ෂාව මේ වන විට අවුරුදු 80ක් වී ඇති බවත්, කළින් එය තිබුනේ 60ක් ලෙසින් බවත් මෙලෙස වසර 20කින් ආයු අපෙක්ෂාව වැඩිවී ඇති පසුබිමක සේවා කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම තාර්කික බවත් නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

මියගිය බවට පොලීසිය විසින් නිල වශයෙන් දැනුම් දී, අවමංගල්‍ය කටයුතු සඳහා සියලු සූදානම් වෙමින් තිබියදී, මියගියා යැයි කියූ පුද්ගලයා සූදානම් කළ මළගෙදරටම පණපිටින් පැමිණි අපූරු සිදුවීමක් ගල්ගමුව, කොහොබන්කුලම ගම්මානයෙන් වාර්තා වේ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොකළ යුතු සංශෝධනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.