භික්ෂූන් වහන්සේලාගේ නම් අධිකරණ නියෝගයෙන් ඉවත් කළේ ඇයිදැයි එජාපය ප්රශ්න කරයි..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස පතා මහනුවර සිට පාගමනින් වැඩම කර ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලාට එරෙහිව ගත් උසාවි නියෝගයට ඇතුළත් කර තිබූ හිමිවරුන්ගේ නම් ඒ නියෝගයෙන් ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය මගින් හිතාමතාම බරපතල වරදක් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය අද (23) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
අදාළ ක්රියාදාමයට සම්බන්ධ නොවූ ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ නම් මුලින් අධිකරණ නියෝගයට ඇතුළත් කළේ කුමන හේතුවක් මතදැයි එම පක්ෂය ප්රශ්න කරන අතර, එම නම් පසුව ඉවත් කිරීම තුළින් අධිකරණය නොමඟ යැවීමක් සිදුව ඇති බව ද එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, වත්මන් ආණ්ඩුවේ ප්රබලයන් මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවති අරගලයට සහාය දුන් බව පවසන එක්සත් ජාතික පක්ෂය, එදා විරෝධතාවලට සහාය දුන් පිරිස් අද ඊට ප්රතිවිරුද්ධ ක්රියාමාර්ග අනුගමනය කරන්නේ ඇයිදැයි ප්රශ්න කරයි.
වත්මන් ආණ්ඩුව බුද්ධාගමට සහ මහා සංඝරත්නයට ලැබෙන සෑම අවස්ථාවලම පහර ගැසීමට උත්සාහ කරන බවත්, ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළ තරයේ හෙළා දකින බවත්, බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට හානි කිරීමට ඉඩ නොදෙන බවත් එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා.. - ජනපති
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..
කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin
ඥාණසාර හිමි වෙනුවෙන් සත්යග්රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්