News Category
From Date
To Date
Maximum Number of Result

විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් අධිකරණ ආඥාව වෙනස් කළ නොහැකියි.. - කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්

Oct 23, 2026 at 03:50 PM
|

කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට ඉවත් වෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (22) ලබා දී තිබූ ආඥාව වෙනස් කළ නොහැකි බවත්, අදාළ ආඥාවට එරෙහිව යම් දෙයක් සිදු වු⁣⁣වහොත් දණ්ඩ නිති සංග්‍රහයෙන් අවශ්‍ය පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකි බවත්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (23) නියෝග කළේය.

විහාර මහාදේවී උද්‍යානයේ උද්ඝෝෂණය සිදුකරන පිරිස සහ නිතීපතිවරයා අද දින මෝසම් පත්‍ර දෙකක් ගොනු කර තිබිණි.

ඉන් උද්ඝෝෂණයේ නිරිත පිරිස සිය මෝසම් පත්‍රය ගොනු කරමින් ඊයේ දින අධිකරණයෙන් ලබා දුන් ආඥාව ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට මෙලෙස ඉල්ලා තිබිණි.

සම්බන්ධිත පුවත් | Related News

රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස පතා මහනුවර සිට පාගමනින් වැඩම කර ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලාට එරෙහිව ගත් උසාවි නියෝගයට ඇතුළත් කර තිබූ හිමිවරුන්ගේ නම් ඒ නියෝගයෙන් ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය මගින් හිතාමතාම බරපතල වරදක් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය අද (23) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම 2026 නොවැම්බර් 18 වන දින පස්වරු 1.30 ට සිදුකිරීමට නියමිතයි. ඊයේ (22) මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදුවූයේ අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා, විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ විනිසුරු මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල හමුවේදීය.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී මැණික් ව්‍යාපාරිකයන් තිදෙනෙකුට බලපෑමකින් තොරව මැණික් ව්‍යාපාරය කරගෙන යෑම සඳහා අල්ලස් මුදලක් ලබා ගත් බව සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු ලේකම් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (23) නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.
විහාර මහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට අද (23) පෙරවරුවේ වැඩම කළහ.
බාල තත්ත්වයේ ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් විදුලි උත්පාදනය සඳහා රුපියල් බිලියන 15කට අධික දැවැන්ත අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු කමිටු වාර්තාවක් මඟින් අනාවරණය වී තිබේ.
කොටස් තැරැව්කාර සමාගමක් වන SenFin Securities සමාගම විසින් නිකුත් කර ඇති නවතම අධ්‍යයන වාර්තාවකට අනුව, දකුණු ආසියානු කලාපයේ ඉහළම ගෘහස්ථ විදුලි ගාස්තුව අය කෙරෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
විවිධ බලපෑම්වලට නතු නොවී නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන ලෙස රජයට පවසමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පසුගිය දා මහනුවර දළදා වීදිය කේන්ද්‍ර කොට පැවැත්විණි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම 2026 නොවැම්බර් 18 වන දින පස්වරු 1.30 ට සිදුකිරීමට නියමිතයි. ඊයේ (22) මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදුවූයේ අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා, විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ විනිසුරු මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල හමුවේදීය.

කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin

කොටස් තැරැව්කාර සමාගමක් වන SenFin Securities සමාගම විසින් නිකුත් කර ඇති නවතම අධ්‍යයන වාර්තාවකට අනුව, දකුණු ආසියානු කලාපයේ ඉහළම ගෘහස්ථ විදුලි ගාස්තුව අය කෙරෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ඥාණසාර හිමි වෙනුවෙන් සත්‍යග්‍රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..

බන්ධනාගාරගතව පසුවන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයට ඒරෙහිව පොලිසිය පියවර ගැනීමත් සමඟ එම පරිශ්‍රයේ නොසන්සුන්කාරී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.