ඇඟලුම් ඇතුළු අපනයන කර්මාන්ත රැසක් අනතුරේ.. ඔක්. 1දා සිට SVAT අහෝසි කිරීමේ තීරණය කල් දමන්නැයි අපනයන කර්මාන්තකරුවෝ රජයෙන් ඉල්ලති..
වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් නොකර සරල කරන ලද වැට් බදු ක්‍රමය (SVAT ක්‍රමය) 2025.10.01දා සිට අහෝසි කිරීමේ රජයේ තීරණය නිසා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඇතුළු අපනයන කර්මාන්ත රැසක් බරපතළ අනතුරුදායක තත්ත්වයකට පත්වනු ඇති බව ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තකරුවන්ගේ සංගම් රැසක නියෝජිතයෝ ඊයේ (25දා) උදේ මාධ්‍ය හමුවකදී රජයට අනතුරු ඇඟවූහ.
එම සංගම් සියල්ලේම නියෝජිතයින් රජයෙන් දැඩිව ඉල්ලා සිටියේ ඔක්තෝබර් 01 වැනිදා සිට SVAT ක්‍රමය අහෝසි කිරීමේ තීරණය කල්දමන ලෙසයි.
එසේ නොකළහොත් විධිමත් වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් නොමැති නිසා මේ තුළ වංචා හා දූෂණවලට ඉඩ සැලසෙනු ඇති බවත් එසේම අපනයනකරුවන්ට අතිරේක මූල්‍ය පිරිවැයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් පැවසේ.
ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත සංසදය, ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංවිධානය, අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංවිධානය යන ආයතනවල ප්‍රධානීන් ඊයේ උදේ කොළඹ කෝට්යාර්ඩ් බයි මැරියට් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ තොරතුරු අනාවරණය කෙරිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..