අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ගැන මුජිබර් රහුමාන් ඇසූ ප්‍රශ්නයෙන් මැතිසබේ රත්වෙයි..
අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ ලේකම්වරයා ලෙස වැඩ කර ඇති අයෙකු බවට එහි හිටපු නායකයකු වන නන්දන ගුණතිලක රූපවාහිනී සංවාදයකදී ප්‍රකාශ කළ බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කිරීමෙන් පාර්ලිමේන්තුවේදී අද (26) උණුසුම් සංවාදයක් ඇති විය.
ඔහු මෙසේ පැවසුවේ කෝප් කමිටුවේ වාර්තාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
අල්ලස් කොමිසම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුපස පමණක් හඹා යමින් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහිව ඇති චෝදනා විභාග නොකරන්නේ ඒ හිතවත්කම නිසා දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
මුජිබර් රහුමාන් මහතා මෙසේද පැවසීය
මේක බරපතළ චෝදනාවක්. අපි මේ ගැන අද උදේත් ඇහුවා. උත්තරයක් දුන්නේ නැහැ. මේ වගේ ස්වාධීන කොමිෂන් සභා ඇති කළේ ස්වාධීන ලෙස වැඩ කරන්නයි. අපිට මෙතන ගැටළුවක් තියෙනවා. රංග දිසානායක විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් ඔක්කොගෙම ගනුදෙනු හොයනවා. හැබැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ඒවා හොයන්නේ නැහැ. එහෙම කරන්නෙ නැත්තේ මෙයා ජේවීපි කාරයෙක් නිසාද. අපිට එහෙම හිතන්න පුළුවන්.
ආණ්ඩුවට එරෙහිව පැමිණිලි ගොඩක් තියෙනවා. ඒවා විමර්ශන කරන්නේ නැහැ. මේ වගේ චෝදනා කලින් ආණ්ඩු වලටත් තිබ්බා. ඒ ආණ්ඩු එපා කියලා මේ ආණ්ඩුව පත් කළේ වැරදි නිවැරදි කරගන්නනේ. ඒ සඳහා ඔබලට විශාල ජනවරමක් දුන්නා. ඒ ජනවරම අවභාවිතා කරන්න එපා. තමුන්නාන්සේලාගේ කට්ටිය ගැන හොයන්නේ නැහැ. අනිත් අය ගැන හොයනවා. නන්දන ගුණතිලක කියපු චෝදනාව බරපතළයි.
විදුලි බල ඇමතිතුමා පොහොර සංස්ථාවේ ඉද්දි සිදුවුණු දූෂණයක් ගැන චෝදනා එල්ල වුණා. අල්ලස් කොමිසම ඔහු අත්අඩංගුවට ගන්න යනවා කියලා මාධ්‍ය වාර්තා පවා පළ වුණා. නමුත් පරීක්ෂණ තවම නැහැ. ඒ එයා තමන්ගේ මිනිහා නිසාද. ජනාධිපතිතුමා එතුමා කැඳවලා මේ නඩුව දාන්න එපා කිව්වා කියලා කතාවකුත් යනවා. නඩුව නොවැටෙන්නේ ඒ නිසාද දන්නෑ. මේ විදිහට යන්න බැහැ. පසුගිය ආණ්ඩු කළේත් මේ දේමයි. තමුන්ගේ මිනිහා ආරක්ෂා කළා. ඔබලා ඇවිල්ලා කරන්නේත් ඒකම නම් වැඩක් නැහැ. ඒ පරණ සිස්ටම් එකම තමයි යන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..