News Category
From Date
To Date
Maximum Number of Result

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඉදිරි කාලයේදී ආහාර හිඟයක් රට තුළ ඇති වීමට නියමිත බවයි.

පසුගිය මස 25 වනදා “සූම්” තාක්ෂණය ඔස්සේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති සංවාදයක දී සිරිල් ගාමිණි පියතුමන් විසින් දැක්වූ අදහස්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේඉන්තුවට කළ පැමිණිල්ල ප්‍රකාරව ප්‍රකාශයක් ලබා දීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් එහි නිලධාරීන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇති බව ලංකා ලීඩ් උසාවි ආරංචි මාර්ග පවසයි.

දෙරණ රූපවාහිනි නාලිකාවේ “බිග් ෆෝකස්” වැඩසටහනට සහභාගි වෙමින් වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා තහවුරු කරණු ලැබුවේ මූඩිස් ආයාතනයේ ශ්‍රේණිගත කිරීම් යටතේ ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙමින් පැවතීම සත්‍යක් බවයි. එහිදී එතුමා පවසා සිටියේ එම තත්වයෙන් රට බේරාගත යුතු බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 තෙවන කාර්තුව තුළදී මූල්‍ය ආයතන වල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා පරිපාලනමය දණ්ඩන පනවා ඇති බව වාර්තාවේ.

දේශපාලන පක්ෂ ලොකු කුඩා වුණත් දුෂ්කර අවස්ථාවල එක් අරමුණක් වෙනුවෙන් එකට එක පිලේ එක් අරමුණකට සටන් කළ අය මේ කවුරුවත් අපට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරුත් නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි.

වෘතීය සමිති කිහිපයක් විසින් ඊයේ පැවැත්වූ මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදීමට එරෙහිව අද(03) දහවල් ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට විරෝධතාවයක නිරතවන බවයි.

කාබනික වගාව නම් වූ පටලැවිල්ල සහ පැවැත්ම පිළිබඳව කළ යුත්තේ කුමක්දැයි දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා විසින් ජනාධිපති කාර්යාලය වටේ කැරකෙමින් ජනාධිපතිතුමාට ලනු දෙන කෘෂි විද්වතුන් යැයි කියා ගන්නා පිරිස් වලට කරුණු සහිතව ප්‍රභල විවේචනයක් එල්ල කර ඇත.

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද එක් රටක් එක් නීතියක් සඳහා වූ සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායේ නායකත්වය බොදු බල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත පිරිනැමීම පිළිබඳව “ලංකා ලීඩ් නිව්ස්” හි විමර්ෂණ ඒකකය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කරුණු විමසන ලදී. එතුමාගේ අදහස වූයේ එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය රටේ ප්‍රධාන ප්‍රශ්නයක් මගහැර වීමට දෙන ලද කැරට් අලයක් විය හැකි බවයි.

පොල් තෙල් ආනයනයකරුවන් විසින් තෙල් මිල ඉහළ දමා නැවත පහළ දැමීම සඳහා තවදුරටත් බදු සහන අවශ්‍යය බවට මතයක් ගොඩනගමින් සිටින බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

භික්‍ෂු කතිකාවත් පනතේ යටි අරමුණු ජනාධිපති තේරුම් ගනු මැනවී

පසුගියදා අමරපුර මහා සංඝ සභාවේ මහනාහිමියන් වෙත ආක්‍රපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේදී ජනාධිපතිතුමා විසින් භික්‍ෂු කතිකාවත් පනත කඩිනමින් සම්මත කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන්නට යෙදුණි. මෙය තෛනිකායික

දේශබන්දු දුටු තැන අල්ලනු

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (11) විවෘත වරෙන්තු නිකුත් කළේය.

මාලිමාව පිටුපස සැඟවී සිටින මුස්ලිම් අන්තවාදී සෙවණැලි ගැන ඥානසාර හිමිගෙන් සුවිශේෂී හෙළිදරව්වක්... (වීඩියෝ)

ආගමික කෘති ගෙන්වීමට තිබූ තහනම ආණ්ඩුව විසින් ඉවත්කරන බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා පළවී තිබූ බවත්, මෙම පොත්පත් ගෙන්වීමට ආණ්ඩුව තීරණය කළේ කුමන නිර්ණායක යටතේ දැයි හෙළිකළ යුතු බවත් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.

බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

භික්ෂූ කථීකාවත ගැන අවධානය යොමුකරන්න .. ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි ජනාධිපතිගෙන් ඉල්ලයි

භීක්ෂු කථිකාවත සම්බන්ධයෙන් නැවත අවධානය යොමුකරන ලෙස ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කළහ. ඒ් ඊයේ (10) අමරපුර මහා නාකයේ මහානායක ‍පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී ආනන්ද හිමියන් මෙසේද පැවසූහ. ''ජනාධිපතුමනි, ඔබතුමන්ලා නව ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඒ ගමන ධර්මානුකූල විය යුතුයි, ධර්මය කියන්නේ බුද්ධ ධර්මය නෙවෙයි, ධර්මය කියන්නේ නීතිය, යුක්තිගරුක භාවය, මානව දයාව, සමානාත්මතාව, මේ සියල්ල ධර්මයයි. මේ නිසා ධර්මතාන්ත්‍රික රාජ්‍යයක් නිර්මාණය කිරීමට ඔබතුමන්ලා නිර්මාණය කරන නව ව්‍යවස්ථාවෙන් අවධාරණය යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ කථිකාවත ගැනත් අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටිනවා" යැයි පැවසීහ.

ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ශ්‍රී ලංකාව නම් කරයි

ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් මෙම නම්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුව මාස පහමාරට රුපියල් බිලියන 5,156ක් ණය අරන්ලු

වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස පහමාරක් වන විට ආණ්ඩුව ලබා ගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,156 ක් වන බවත් මෙම මුදල් වලින් කල කාර්ය භාරය කුමක්දැයි රටට හෙළි කිරීම ආණ්ඩුවේ වගකීම බවත් පිවිතුර හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

නැවත එක්වීමට බාධා කළ නොහැක, සමුද්‍ර සන්ධි හරහා සිදුවන හුවමාරු අවහිර නොහැක: තායිවාන් නියෝජිත කණ්ඩායමේ උතුරු පළාත් සභා නියෝජිතයෝ පවසති

බෙදුම්වාදී බලවේගවලට "තායිවාන නිදහස" වෙනුවෙන් නැවත එක්වීමේ ඓතිහාසික ප්‍රවණතාවයට බාධා කළ නොහැකි බව තායිවාන් නියෝජිත කණ්ඩායමේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) නියෝජ්‍ය සහ සමස්ත චීන තායිවාන් මිතුරන්ගේ සම්මේලනයේ උප සභාපති යැන් කේ පසුගිය 09 වනදා 14 වන උතුරු පළාත් සභා මන්ත්‍රී මණ්ඩලයේ තුන්වන සැසිවාරයේ කණ්ඩායම් රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් පැවසීය

ඉන්දීය ගුරුවරුන්ට වතුකරයේ ඉගැන්වීමට ඉඩ සලසන්න- වී. රාධක්‍රිෂ්ණන් පාර්ලිමේන්තුවේදී කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඉන්දියාවේ ගුරුවරුන්ට වතුකරයේ පාසල්වල දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීමට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටියේය.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය යුක්රේන හමුදාවේ කොඳු නාරටියයි - එලෝන් මස්ක්

යුක්රේන හමුදාව ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය මත සම්පූර්ණයෙන්ම රඳා පවතින අතර, එය ක්‍රියා විරහිත කිරීමෙන් "සම්පූර්ණ ඉදිරි ආරක්ෂක වලල්ල" බිඳවැටීමක් සිදුවනු ඇතැයි ටෙස්ලා සහ ස්පේස් එක්ස් ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.