News Category
From Date
To Date
Maximum Number of Result

සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට අයත් හෝටලය පිහිටා ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් භූමියක නොවන බවට දැනට තොරතුරු ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත ප්‍රකාශ කළා.

ලතින් අමෙරිකානු රටවල් 5කට ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදියාගෙන් විමුක්තිය උදාකර දීමට නායකත්වය සැපයූ සයිමන් බොලිවාර්ගේ 242 වැනි ජන්ම දින සැමරුම, ජනාධිපති නිකලොස් මදුරෝගේ දෙවන ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය නිමිති කර ගනිමින් සහ වෙනිසියුලානු පලාත් පාලන මැතිවරණය නිමිති කරගනිමින් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ දෙවන දිනය "සාමය සඳහා වූ මහජන සම්මේලනය" යනුවෙන් නම් කර තිබිණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුවා වී පාසල් වැසීමේ ලෝක බැංකු යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ යැයි ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.

පසුගිය ජුනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මීට පෙර පැමිණි කොමසාරිස්වරුන්ට වඩා බලහත්කාරී ප්‍රකාශ සිදුකරනු ලැබූ බවත්, එසේ මානව හිමිකම් කොමසාරිස්වරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන් පසුව ඔවුන් විසින් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත සදා නිමකළ කොමසාරිස් වාර්තාව සාධාරණිකරණය කිරීමට බව ඉතා පැහැදිලි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා රහිත ප්‍රවේශය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

වෙනිසියුලාවේ කැරකස් නුවර පිහිටි "ජාතික සර්ව දේව මණ්ඩල" මධ්‍යස්ථානයේ සිට, වෙනිසියුලානු රජය එරට අසාහය විමුක්තිදායකයා වන සයිමන් බොලිවාර්ගේ 242 වන ජන්ම සංවත්සරය සහ බොලිවේරියානු ජාතික නාවික හමුදා දිනය සඳහා ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්වීය.

රටේ ජාතික අනන්‍යතාවක් සහිත පුද්ලයකු බිහිකිරීම සඳහා අවශ්‍ය වන ඉතිහාසය විෂය නැති කිරීම සඳහා කිසිවෙකුට හෝ උවමනාවක් තිබේද යන්න දේශපාලනික කාරණාවක් බවත්, එසේ අවශ්‍යතාවක් ඇත්නම් එය කරන්නේ මේ රටේ ජාතික අනන්‍යතාවක් සහිත පුද්ගලයකු බිහිකිරීම නැවැත්වීම සඳහා බවත් පුහුණු උපදේශක සොනාල ගුණවර්ධන මහතා පවසයි.

පසුගිය දිනවල වනඅලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බවත් එම සිදුවීම්වල සමාන තත්ත්වයත් නිරීක්ෂණය වන හෙයින් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.

චීනයේ විද්‍යුත් වාහන දැවැන්තයා වන BYD, කලාපය තුළ ඔවුන්ගේ විද්‍යුත් සහ ප්ලග්-ඉන් දෙමුහුන් වාහන සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ලබන වසරේ ජූලි හෝ අගෝස්තු වන විට පාකිස්තානයේ එකලස් කරන ලද පළමු මෝටර් රථය එළිදැක්වීමට සැලසුම් කර ඇති බව සමාගමේ විධායකයෙක් උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.


ප්‍රධාන පුවත්

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.