News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලාංකිකයන් 3,065 ක් ඇතුළුව මිලියන 1.4 කට අධික නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසක් පිටුවහල් කිරීමට සිදු කර ඇති සැලසුම් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අමෙරිකාවෙන් නිල දැනුම්දීමක් අපේක්ෂාවෙන් සිටින බව The Daily Morning වාර්තා කරයි.

ලංකා ලීඩර් වෙත ලිපියක් යොමු කරන නම සඳහන් කිරීමට අකමැති අධ්‍යාපන නිලධාරියකු පවසන්නේ දෙහිවල බෞද්ධ පාසල ගැසට් නිවේදනයට පටහැනිව ඉස්ලාම් පාසලකට ලබා දෙන්නේ නිලධාරින් දෙදෙනෙකුගේම සහ එම ක්‍රියාව යට යම් මුදල් ගනුදෙනුවක් ද තිබිය හැකි බැවින් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සඳහන් කරයි. එම ලිපියට අනුව අදාළ ක්‍රියාවට සම්බන්ධ වී ඇති එච්.ඩී.ඒ.ඒම්. හිඳුරංගල නමැති දෙහිවල කොට්ඨාස අධ්‍යාපන නිලධාරියා සහ ඩබ්ලිව්.එම්. කුමුදු හේමමාලි සිල්වා නම් පිළියන්දල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය බව තහවුරුවේ. ලිපිය සහ ගිවිසුම් පහතින්

කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් ඊයේ(04) පැවසුවේ කියුබානු රජය ජනතාවගේ සහයෝගය ඇතිව කියුබානු විප්ලවය, ස්වාධීනත්වය සහ ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම අඛන්ඩව සිදු කරන බවයි.

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන් එක්විය.

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ඊයේ දින මෙරට 77 වැනි නිදහස් දිනය නිමිත්තෙන් දෙවන පරපුර විසින් නිකුත් කළ නිවේදනය නිකුත් කර ඇති ඒහි සදහන්ව ඇත්තේ ජාතික අර්බුදයට තාවකාලික පැලැස්තර විසදුම් සොයනවා වෙනුවට දිර්ඝකාලීන ජාතික සැළැස්මක් සකර කර එය ක්‍රියාවට නැංවීමට පක්ස පාට කුලල්කා ගැනීමකින් තොරව කටයුතු කරන ලෙසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහුර රජය මගින් දුන් නිවස සම්බන්ධයෙන් දුන්නායැයි කියන නඩු තීන්දුව සම්බන්ධ කරගනිමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස සම්බන්ධයෙන්ද ජනතාව නොමග යවමින් සිටින බව නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකාව සිය 77 වන නිදහස් දිනය සමරන මේ මොහොතේදී, සෑම පුරවැසියෙකුම ජාතිය මුහුණ දෙන තර්ජන සහ අවදානම් පිළිබඳව දැනුවත් විය යුතුය. ශ්‍රී ලංකාව තම ඉහළම ප්‍රමුඛතාවය ලෙස, එහි අතීත සහ මෑත කාලීන අත්දැකීම් වලින් ඉගෙන ගෙන සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ යුතුය.

කිසිම දාක මෙරට නිදහස් උත්සවය සදහා සහභාගී නොවූ අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අද නිදහස් දිනය සමරනවා යැයි ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් තිස්ස අත්තනායක මහතා සදහන් කරයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ සම්බන්ධ‍යෙන් තමන් සතුටට පත්වන බවයි.


ප්‍රධාන පුවත්

ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..

පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.

ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්

මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

යුද්ධය අවසන් වූවද බෙම්වාදීන්ගේ මාර්ග සිතියම අවසන් වී නොමැති බවත්, බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම යාමට බිඳවැටුනු ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්

යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුමේදී රුසියාව ඊනියා “සාමූහික බටහිර” (Collective West ) කඳවුරට එරෙහිව තනිව සටන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට විවිධ විමර්ශන මඟින් හඳුනාගෙන ඇති ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්, මේ වන විට තමන්ට එරෙහිව විමර්ශන මෙහෙයවමින් සිටින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරයා මාර්ගයෙන් පෙරේදා (11) අභියාචනාධිකරණයට දැනුම්දී ඇත.

අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැනි ලෝක ප්‍රකට විමර්ශන ආයතන සොයාගත් කරුණු වලට අමතරව නව කරුණු මෙරට බලධාරීන් සොයාගෙන තිබේ නම්, වහාම ඒ බව එම ආයතනවලට දැනුම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්

ජූනි මස 12 වනදාට යෙදී තිබෙන රුසියානු දිනය වෙනුවෙන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයක් පසුගිය 10 වනදා ගාලු මුවදොර පිහිටි රත්නදීප හෝටලයේදී පැවැත්වීය.

ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..

ඊශ්‍රායලයේ සිට මෙරට ශ්‍රමිකයන් එවනු ලබන ඩොලර් අප්‍රේල් මාසයේ සිට එක් ආයතනයක සිරවී ඇති බවත්, වැඩිම විදේශ ප්‍රේෂන ප්‍රමාණයක් මෙරටට එවනු ලබන්නේ ඊශ්‍රායලයේ සිටින මෙරට ශ්‍රමිකයන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පවසයි.

සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.