ඇමරිකානු සම්බාධක හැට වසරක් තිස්සේ කියුබාව විනාශ කරමින් සිටිනවා - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු එක්සත් ජනපදය කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙන් මේ වන විට වසර 60කට ආසන්න කාලයක් කියුබාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.
මේ සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය පහළින්..
අයුක්තියට තිත තබමු!.. ඇමරිකානු සම්බාධක හැට වසරක් තිස්සේ කියුබාව විනාශ කරමින් සිටිනවා!
අමෙරිකානු එක්සත් ජනපදය කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙන් මේ වන විට වසර 60කට ආසන්න කාලයක් කියුබාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව සමස්ථ ලෝකයම හොඳින් දන්නා කාරණයකි. එලෙසම කියුබාව පසුගිය වසර 30ක් තිස්සේ අමෙරිකානු එක්සත් ජනපද සම්බාධක ඉවත් කරවා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යෝජනා ඉදිරිපත් කරමින් සිටින අතර කියුබාව ඉදිරිපත් කරන යෝජනාව බහුතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් විසින් අනුමත කරනු ලැබ තිබේ. පසුගිය 2024 වර්ෂයේදී කියුබාව අමෙරිකානු සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාව රටවල් 187ක සාමාජිකයන් අනුමත කරනු ලැබීය. අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පමණක් යෝජනාවට එරෙහි වූ අතර මොල්දාවියාව ඡන්දය දීමෙන් වැලකී සිටියේය. එම තත්වය ලෝක පොලිස්කාරයා යැයි සිතා සිටින අමෙරිකාවට ලැජ්ජාවට පත් වීමට කරුණක් වූ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. එහෙත් අමෙරිකානු එක්සත් ජනපදය මෙහෙයවන්නේ මානව හැඟීම් මත නොවන බව පසක් කරමින් ඔක්තෝබර් 28 සහ 29 දෙදින තුළ කියුබාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීමට නියමිත අමෙරිකාවේ සම්බාධක වලට එරෙහි යෝජනාව පරාජය කිරීමට වෙනත් ලැජ්ජාසහගත ප්‍රවේශයක් ගෙන ඇති බව දැන ගන්නට තිබේ. එනම් කියුබානු යෝජනාවට පක්ෂපාතිත්වය දැක්වීමට නියමිත රටවල් ඉලක්ක කර කියුබාව සම්බන්ධයෙන් අවලාද සහ වැරදිසහගත තොරතුරු ප්‍රචාරය කිරීමට පටන් ගැනීමයි. එතැනින් නොනැවතී එම රටවල් බිය වැද්දීමටද අමෙරිකා එක්සත් ජනපදය කටයුතු කරමින් සිටියි. ඒ අනුව අප එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් මහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින්නේ අමෙරිකානු එක්සත් ජනපදයේ කුමන්ත්‍රණ ක්‍රියා වලට හසු නොවී කියුබාව ඉදිරිපත් කරන යෝජනාව ජයග්‍රහණය කරවීමට උපරිම දායකත්වය දක්වන ලෙසයි. අප සියලු දෙනා ජීවත් වන පෘථිවිය නම් ග්‍රහලෝකය වඩා යහපත් තැනක් වන්නේ එකිනෙකා කෙරෙහි මානව දයාවෙන් යුතුව කටයුතු කිරීමෙන් බව අවධාරණය කරමු. එලෙසම කියුබාවට එරෙහිව අමෙරිකාව පනවා ඇති සම්බාධක වලින් කියුබානු ජන ජීවිතයට කර ඇති හානිය තේරුම් ගැනීමට පහත දැක්වෙන සජීවී උදාහරණ ප්‍රයෝජනයට ගන්නා ලෙසද ඉල්ලා සිටිමු.
1) පනවා ඇති අමෙරිකානු සම්බාධක හේතුවෙන් මාස 4 ක් තුල කියුබාවට සිදුවන පාඩුව කියුබාවේ පොදු ප්‍රවාහන පද්ධතියට අවශ්‍ය බස් රථ මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් මිලියන 2,850ක් වන සමස්ත මුදලට සමාන වේ.
2)පනවා ඇති අමෙරිකානු සම්බාධක හේතුවෙන් මාස 2 ක් තුල කියුබාවට සිදුවන පාඩුව කියුබාවේ නිත්‍ය විදුලි ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ඉන්ධන පිරිවැය වන ඇමරිකානු ඩොලර් මිලියන 1,600ට සමාන වේ. එලෙසම එම ප්‍රමාණය වසරක් තුළ කියුබානු ජනගහනය තුළ සිටින සලාක කූඩය ලබා දිය යුතු පවුල් වලට ඒවා ලබා දීමට අවශ්‍ය මුදලට සමාන වේ.
3)පනවා ඇති අමෙරිකානු සම්බාධක හේතුවෙන් දින 16 කදී කියුබාවට සිදුවන පාඩුව කියුබාවේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව සපුරාලීමට අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය හෙවත් ඩොලර් මිලියන 339ට සමාන වේ.
4)පනවා ඇති අමෙරිකානු සම්බාධක හේතුවෙන් දින 14කදි වන පාඩුව කියුබාවේ බලශක්ති අනුකෘතියේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ කොටස සියයට 24 සිට සියයට 26 දක්වා වැඩි කිරීමට අවශ්‍ය ඩොලර් මිලියන 300ට සමාන වේ.
5)පනවා ඇති අමෙරිකානු සම්බාධක හේතුවෙන් දින 12කදී කියුබාවට සිදුවන පාඩුව ජාතික විදුලි උත්පාදන පද්ධතියේ ඉන්ධන සහ ආයෝජන පිරිවැය හැර නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වාර්ෂික මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 250ට සමාන වේ.
6)පනවා ඇති අමෙරිකානු සම්බාධක හේතුවෙන් දින 6කදි කියුබාවට සිදුවන පාඩුව වසරක් තුළ ජාතික සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය කපු, ගෝස්, සිරින්ජර කටු, කැතීටර්, ආදී අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ආනයනය කිරීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 129ට සමාන වේ.
7)පනවා ඇති අමෙරිකානු සම්බාධක හේතුවෙන් පැය 21කදි කියුබාවට සිදුවන පාඩුව රටේ අධ්‍යාපන ආයතනවල පිරිහුණු සහ යල් පැන ගිය තාක්ෂණික සම්පත් ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 18.13 සමාන වේ.
වෛද්‍ය වසන්ත බණ්ඩාර,
මහ ලේකම්,
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..