News Category
From Date
To Date
Maximum Number of Result

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ කාරක සභා නියෝජනය අත්හිටුවීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිරයන මාරාන්තික නිපා වෛරසයෙන් මේ වනවිට දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (සජබ) ඊයේ (21දා) පැවසුවේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන්නේ ඉන්දියාවේ සිට පැමිණි අබුහින් නමැති පුද්ගලයා බවයි.

අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතාට අද (22) කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාර දුන්නේය.‍

ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් ඉන්දියාවට අත්‍යවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමත්වී ඇති බව ජාතික පුවත්පතක් අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම ඔක්තෝම්බර් මස 05 වැනිදා දක්වා බලපැවැත්වෙන වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

නවගමුව පත්තිනි දේවාලය හා නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියලුම පිං කැටවලට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇති බව වාර්තා වේ.

ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබා නොදෙන බවට පළවූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර වශයෙන්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින්ම තවදුරටත් උදව් කරන බව යි.

ඊයේ(11) ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීමට අදාළ මතභේදාත්මක ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කළේය.


ප්‍රධාන පුවත්

භික්‍ෂු කතිකාවත් පනතේ යටි අරමුණු ජනාධිපති තේරුම් ගනු මැනවී

පසුගියදා අමරපුර මහා සංඝ සභාවේ මහනාහිමියන් වෙත ආක්‍රපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේදී ජනාධිපතිතුමා විසින් භික්‍ෂු කතිකාවත් පනත කඩිනමින් සම්මත කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන්නට යෙදුණි. මෙය තෛනිකායික

දේශබන්දු දුටු තැන අල්ලනු

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (11) විවෘත වරෙන්තු නිකුත් කළේය.

මාලිමාව පිටුපස සැඟවී සිටින මුස්ලිම් අන්තවාදී සෙවණැලි ගැන ඥානසාර හිමිගෙන් සුවිශේෂී හෙළිදරව්වක්... (වීඩියෝ)

ආගමික කෘති ගෙන්වීමට තිබූ තහනම ආණ්ඩුව විසින් ඉවත්කරන බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා පළවී තිබූ බවත්, මෙම පොත්පත් ගෙන්වීමට ආණ්ඩුව තීරණය කළේ කුමන නිර්ණායක යටතේ දැයි හෙළිකළ යුතු බවත් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.

බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

භික්ෂූ කථීකාවත ගැන අවධානය යොමුකරන්න .. ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි ජනාධිපතිගෙන් ඉල්ලයි

භීක්ෂු කථිකාවත සම්බන්ධයෙන් නැවත අවධානය යොමුකරන ලෙස ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කළහ. ඒ් ඊයේ (10) අමරපුර මහා නාකයේ මහානායක ‍පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී ආනන්ද හිමියන් මෙසේද පැවසූහ. ''ජනාධිපතුමනි, ඔබතුමන්ලා නව ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඒ ගමන ධර්මානුකූල විය යුතුයි, ධර්මය කියන්නේ බුද්ධ ධර්මය නෙවෙයි, ධර්මය කියන්නේ නීතිය, යුක්තිගරුක භාවය, මානව දයාව, සමානාත්මතාව, මේ සියල්ල ධර්මයයි. මේ නිසා ධර්මතාන්ත්‍රික රාජ්‍යයක් නිර්මාණය කිරීමට ඔබතුමන්ලා නිර්මාණය කරන නව ව්‍යවස්ථාවෙන් අවධාරණය යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ කථිකාවත ගැනත් අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටිනවා" යැයි පැවසීහ.

ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය ශ්‍රී ලංකාව නම් කරයි

ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් මෙම නම්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුව මාස පහමාරට රුපියල් බිලියන 5,156ක් ණය අරන්ලු

වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස පහමාරක් වන විට ආණ්ඩුව ලබා ගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,156 ක් වන බවත් මෙම මුදල් වලින් කල කාර්ය භාරය කුමක්දැයි රටට හෙළි කිරීම ආණ්ඩුවේ වගකීම බවත් පිවිතුර හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

නැවත එක්වීමට බාධා කළ නොහැක, සමුද්‍ර සන්ධි හරහා සිදුවන හුවමාරු අවහිර නොහැක: තායිවාන් නියෝජිත කණ්ඩායමේ උතුරු පළාත් සභා නියෝජිතයෝ පවසති

බෙදුම්වාදී බලවේගවලට "තායිවාන නිදහස" වෙනුවෙන් නැවත එක්වීමේ ඓතිහාසික ප්‍රවණතාවයට බාධා කළ නොහැකි බව තායිවාන් නියෝජිත කණ්ඩායමේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) නියෝජ්‍ය සහ සමස්ත චීන තායිවාන් මිතුරන්ගේ සම්මේලනයේ උප සභාපති යැන් කේ පසුගිය 09 වනදා 14 වන උතුරු පළාත් සභා මන්ත්‍රී මණ්ඩලයේ තුන්වන සැසිවාරයේ කණ්ඩායම් රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් පැවසීය

ඉන්දීය ගුරුවරුන්ට වතුකරයේ ඉගැන්වීමට ඉඩ සලසන්න- වී. රාධක්‍රිෂ්ණන් පාර්ලිමේන්තුවේදී කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඉන්දියාවේ ගුරුවරුන්ට වතුකරයේ පාසල්වල දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීමට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටියේය.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය යුක්රේන හමුදාවේ කොඳු නාරටියයි - එලෝන් මස්ක්

යුක්රේන හමුදාව ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය මත සම්පූර්ණයෙන්ම රඳා පවතින අතර, එය ක්‍රියා විරහිත කිරීමෙන් "සම්පූර්ණ ඉදිරි ආරක්ෂක වලල්ල" බිඳවැටීමක් සිදුවනු ඇතැයි ටෙස්ලා සහ ස්පේස් එක්ස් ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.