රටේ ගෑස්, ඉන්ධන නැති වූ විට අරගලයක් කළ ජනතාව තමන්ට ජිවත්වීමේ අයිතිය ලබාදුන් රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට යොමුකරන විට නිශ්ශබ්දව සිටීම අපේ ජාතියට කරනු ලබන අවමානයක් බව හිටපු ඇමැති සරත් වීරසේකර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (16 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික බිඳවැටීම තවදුරටත් උග්‍ර වීමට දීර්ඝකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය ප්‍රධාන හේතුවක් වී ඇති බවත්, එමඟින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බවත් හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch – HRW) සංවිධානය සිය නවතම වාර්තාව මගින් අවධාරණය කර සිටී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම්.ඒකකය මගින් තත්වයෙන් අසමත් ඖෂධ ශල්‍ය ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය අපහරණය කිරීම වෙනුවෙන් 2023,2024 වර්ෂ වලදී පිළිවෙලින් රැපියල් 109 756 890 ක් සහ රැපියල් 13 487 006 ඇතුළුව රුපියල් 123 243 896 ක් මුදලක් පුද්ගලික සමාගමක් වෙත ගෙවා ඇති බව ජාතික විඳින කාර්යාලයෙන් නිකුත් කළ නවතම විගණන වාර්තාව අනුව හෙලිව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
පසුගිය 14 වනදා දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය සහ ත්‍රෛනිකායික භික්‍ෂු පෙරමුණෙහි නායකත්වයෙන් බංග්ලාදේශයේ චිතගොංහි බෞද්ධ සහ හින්දු ජනතාවට එල්ල වන ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බංග්ලාදේශ, මියන්මාර, තායිලන්ත සහ කාම්බෝජ ඇතුළු රටවල්වල භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් කොළඹ 7 සම්බුද්ධත්ව මහා විහාරයේ සිට බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය දක්වා සාමකාමී විරෝධතා පා ගමනක් ගමන් ගත්හ.
2016 දී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලයෙන් ආරම්භ කළ සමාජ විරෝධී ක්‍රියාවලියක කොටසක් ලෙස සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීමේ තාක්ෂණික ක්‍රියාවලිය මේ වන විට බොහෝ ඉදිරියට ගොස් ඇත. ඒ සඳහා 2022 දී පොලිස් දෙපාර්තමේන්තුවද ඉන්පසුව 2025 දී ඉතා දුෂ්ඨතම ස්වරූපයකින් සංචාරක සංවර්ධන අධිකාරිය ද යොදාගනු ලැබීය.
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..