News Category
From Date
To Date
Maximum Number of Result

ඉකුත් 2022 වසරේ අගෝස්තු මස 10 වැනිදා සිට මේ දක්වා විදුලි ගාස්තු සියයට එකසිය පනස් හතක් (157%) ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසම (PUCSL) අවසර ලබාදී ඇති බව විවිධ පාර්ශ්ව පෙන්වා දෙති.

ඩෙංගු රෝගයට එරෙහිව ජොන්සන් සහ ජොන්සන් සමාගම පර්යේෂණ මගින් අත්හදා බැදූ ප්‍රති වෛරසය යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (23) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

ඌරුවලිගේ වන්නිල ඇත්තෝ ඇතුලු ආදීවාසීහු පිරිසක් පළමු වතාවට යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වීමට පියවර ගෙන ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ අරලගංවිල ප්‍රදේශයට ආසන්න මහවැලි ඉඩම්වලින් සිංහල ජනතාව පළවා හැරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් විසින් ගනු ලබන උත්සාහයට විරුද්ධව නැගෙනහිර පළාතේ සිංහල ජනතාව පළවා හැරීමට එරෙහි ජනතා ව්‍යාපාරය 23/10/2023 දින උදේ 10.30 ට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට නියමිත බව ලංකා ලීඩර් වෙත වාර්තා වේ.

වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු අනුකමිටුවේදී, රුපියල් 400ක් පමණ වටිනා ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන ඇත්තේ රුපියල් 4,000කට පමණ බව අනාවරණය වී තිබේ.

මේ මොහොතවන විට තමන්ද ජීවිත අවධානමකට ලක්ව ඇතැයි ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් පවසයි.

ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව ලබන මාසයේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය පවසයි.

කන්තලේ ප්‍රදේශයේ ස්ථාන හතරක පිහිටි බුදු පිළිම ආවරණ කර ඇති විදුරුවලට හානි කළ බව පැවසෙන පුද්ගලයා ලබන නොවැම්බර් 03 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා පොලිසියට නියම කර තිබේ.


ප්‍රධාන පුවත්

ජෙරොම්ට එරෙහිව තවත් පැමිණිලි බාරගන්නවා - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි

දේවගැති ජෙරොම්ට එරෙහිව මෙතෙක් සලකා බලා නොමැති තවත් පැමිණිලි පෙත්සම්කරුවන් විසින් නීතිපතිවරයා වෙත යොමු කළ හැකි බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් සහ ස්වාධීන තීරණයක් ගැනීමේදී මෙම පැමිණිලි සමාලෝචනය කරන බවත් නීතිපතිවරයා ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ප්‍රනාන්දු, රටේ ආගමික සහජීවනය පළුදු කරන බවට එල්ල වන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන්.

කොළඹ දේශපාලනය හරහා දියත්වන ජාත්‍යන්තර ආක්‍රමණයන් පරාජය කිරීමට දේශප්‍රේමීත්වය පෙරට දමා ජාතික සංවිධාන නැගීසිටිය යුතුයි - ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ (වීඩියෝ)

දේශපාලකයන්ට කොළඹින් පිට ජාතිකත්වය මත පදනම් වූ ඡන්ද කෝටාවක් ඇති බවත්, එය පවතින්නේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජනතාවගේ හදවතේ බවත්, එහෙත් එම ජාතිකත්ව හැඟීම බලහත්කාරයෙන් යටකිරීමක් සිදුවී ඇති බවත් ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පවසයි.

කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසන්නේ, විදුලි ගාස්තු සහනය ජනතාවට ලබාදීම තීරණය වන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව බවයි. මහජන උපයෝගිතා කොමිසමේ අධීක්ෂණ බලය තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාට යැයිද ඒ අනුව විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීම අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව සිදුවනු ඇතැයිද සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පවසයි.

මිනිරන් ආශ්‍රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්‍රිත නවෝත්පාදනයක් වාණිජකරණයට

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS ) පර්යේෂණයක ප්‍රතිපළ ලෙස සොයාගෙන ඇති දේශීය මිනිරන් බැටරි නිෂ්පාදනයට උචිත ලෙස ඉතාම පිරිසිදු තත්වයට පත්කිරීමේ අඩු වියදම් නව තාක්ෂණ ක්‍රමවේදය හරහා සිදුකෙරෙන නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය, වාණිජකරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ(16) දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ මාධ්‍ය හමුව ඉහත වීඩියෝවෙන් නරඹන්න...

වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්

පසුගිය වසර 02කට ලංකාවේ ජනගහනය 2,64,950කින් පමණ පහළ වැටී ඇති බැව්, ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්ත අනුව පැහැදිලි වන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග පෙරේදා (15දා) කරන ලද සාකච්ඡාවකදී සඳහන් කරන ලදී.

පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් පවසන්නේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝග යෝජනාවකට රජය අත්සන් තබා ඇති බවට ජනමාධ්‍ය වාර්තා තිබියදීත්, ඔහුගේ දැනුමට අනුව, එවැනි පියවරක් දැනට ක්‍රියාත්මක නොවන බවයි. ‘ඩේලි මෝර්නින්’ සමග අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායකවරයා පවසා ඇත්තේ, එවැනි කිසිදු පියවරක් පිළිබඳව පාර්ලිමේන්තුවට හෝ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තමාව දැනුවත් කර නොමැති බවයි.

චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.