අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදපු අය ටික ටික එළියට එයි..
වත්මන් රජය හඳුන්වා දීමට උත්සාහ කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිටුපස සිටින්නේ දශක ගණනාවක් තිස්සේ මෙරට නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට උත්සාහ කළ "නව ලිබරල් කේවට්ටයන්" පිරිසක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර දැරූ ප්‍රතිපත්ති සහ වර්තමාන ක්‍රියාකලාපය අතර බරපතල "ප්‍රතිපත්තිමය පීලිපැනීමක්" පවතින බවයි.
"මෙන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදපු අය ටික ටික එළියට එනවා. හරිනි ඒ ගොල්ලන්ගේ නම් කියන්න බෑ කිව්වනේ. සුජාතා ගමගේ ලෝක බැංකු ව්‍යාපෘතියේ සිටි බව අපි කලින්ම කිව්වා. එස්. බී. ගේ ගොට්ටා සුනිල් ජයන්ත නවරත්නත් හිටියා. හෙට අනිද්දට මිනිහත් නාලිකාවකට එයි. උපාලි සේදරයි, ටිරාන්ගේ මල්ලී හර්ෂ අලසුයි ආවනම් වැඩේ සම්පූර්ණයි. ලංකාවේ නිදහස් අධ්‍යාපන අයිතිය වනසන්න දශක ගණනක් තිස්සේ දතකාපු නව ලිබරල් කේවට්ටයෝ සෙට් එකට තමයි හරිනි බුද්ධිමතුන්, විෂය ප්‍රවීණයෝ කිව්වේ...
මහ මැතිවරණෙට කලින් විවෘත විශ්ව විද්‍යාලයේදී විවිධ පක්ෂ වල අධ්‍යාපන ප්‍රතිපත්‍ති ගැන සංවාදයක් තිබ්බා. ඒකට සුජාතා ගමගේ ඇවිත් එක්සත් ජාතික පක්ෂයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නියෝජනය කරමින් කතා කළා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ආවේ චතුරංග අබේසිංහ. සුජාතා ජවිපෙට හතර අතේ නෙලුවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් එතන හිටියේ මම. එදා සුජාතාට එරෙහිව චතුරංගයි මමයි එකතු වෙලා තර්ක කළේ. විශේෂයෙන් නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන්. අද ජාතික ජන බලවේග ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සුජාතා ගමගේ ඉදිරිපත් වෙනවා කියන්නේ බලය ගන්න පෙර සහ පසු සිදුවී ඇති ප්‍රතිපත්‍තිමය පීලිපැනීම පැහැදිලියි.
මේ කට්ටිය හදන්නේ මේ වගේ විකාරසහගත විනාශකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තමයි. මේ ගොල්ලෝ පෙනී ඉන්නවා කියන්නේ, ආයෙ මේක ප්‍රතික්ෂේප කරන්න වෙන හේතු ඕන නෑ, මේකම ඇති"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..