News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවේ ආශිර්වාදය ඇතුව අමෙරිකාව විසින් සිදුකළ සීතල කුමන්ත්‍රණයකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහකිරීමට කටයුතු කළ බවත්, ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තම ‘නවය: සැඟවුනු කතාව‘ කෘතිය හරහා කළ හෙළිදරව්ව අදටත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවා ප්‍රතික්ෂේප කර නොමැති බවත් මාධ්‍යවේදී ශ්‍යමින්ද්‍ර ෆඩිනැන්ඩු මහතා අනාවරණය කරයි.

ඉකුත් අරගල සමයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිල කාමරයේ තිබී සොයාගත් රුපියල් මිලියන 17.85ක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දී තිබේ.

විදුලිබල මණ්ඩලය පුරෝකථනය කළ රුපියල බිලියන 32ක අලාභය පියවීම සඳහා මීට පෙර 22%ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය වුවද පවතින තත්ත්වය හමුවේ 18% විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බව විදුලිබල මණ්ඩලය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේ‍රමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පිස්තෝල අවි 02 වහාම රජයේ රසපරීක්ෂක වෙත යොමු කිරීමට නියෝග කර ඇත.

රටේ පැවති යුදමය වතාවරණයේ දී යුද වැදුනු දෙපිරිස අතර අද සාමකාමී වාතාවරණයක් ඇති වී ඇති බවත්, ඔවුන් එකිනෙකාට උපකාර කරගන්නා තත්ත්වයට පත්ව ඇති බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.

කංසා වගාව නීති ගත කරන ලෙස කොයි කවුරු ඉල්ලා සිටියත් කංසාවලට ඇබ්බැහි වූ මිනිසුන් නිසා අද කාන්තාවන් සහ ළමයින් කොතරම් දුක් විඳිනවාදැයි ගම්වලට ගොස් බලන ලෙස කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) පැවසුවාය.

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට යළි සති 03 සේවා දිගුවක් ලබාදීමට ගත් තීරණය අනුමත නොකරන බවට ඊයේ (17) රැස්වූ ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබේ.

ගාසා තීරයේ අල් ආහිල් රෝහලට තමන් පහර නොදුන් බවත්, රෝහලට පහර දුන්නේ හමාස් සටන්කාමීන් බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.

පසුගිය 03දා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනුකිරීමේ දින 14ක කාලය ඊයෙන් අවසන් විය.


ප්‍රධාන පුවත්

කොළඹ දේශපාලනය හරහා දියත්වන ජාත්‍යන්තර ආක්‍රමණයන් පරාජය කිරීමට දේශප්‍රේමීත්වය පෙරට දමා ජාතික සංවිධාන නැගීසිටිය යුතුයි - ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ (වීඩියෝ)

දේශපාලකයන්ට කොළඹින් පිට ජාතිකත්වය මත පදනම් වූ ඡන්ද කෝටාවක් ඇති බවත්, එය පවතින්නේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජනතාවගේ හදවතේ බවත්, එහෙත් එම ජාතිකත්ව හැඟීම බලහත්කාරයෙන් යටකිරීමක් සිදුවී ඇති බවත් ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පවසයි.

කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසන්නේ, විදුලි ගාස්තු සහනය ජනතාවට ලබාදීම තීරණය වන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව බවයි. මහජන උපයෝගිතා කොමිසමේ අධීක්ෂණ බලය තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාට යැයිද ඒ අනුව විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීම අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව සිදුවනු ඇතැයිද සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පවසයි.

මිනිරන් ආශ්‍රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්‍රිත නවෝත්පාදනයක් වාණිජකරණයට

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS ) පර්යේෂණයක ප්‍රතිපළ ලෙස සොයාගෙන ඇති දේශීය මිනිරන් බැටරි නිෂ්පාදනයට උචිත ලෙස ඉතාම පිරිසිදු තත්වයට පත්කිරීමේ අඩු වියදම් නව තාක්ෂණ ක්‍රමවේදය හරහා සිදුකෙරෙන නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය, වාණිජකරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ(16) දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ මාධ්‍ය හමුව ඉහත වීඩියෝවෙන් නරඹන්න...

වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්

පසුගිය වසර 02කට ලංකාවේ ජනගහනය 2,64,950කින් පමණ පහළ වැටී ඇති බැව්, ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්ත අනුව පැහැදිලි වන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග පෙරේදා (15දා) කරන ලද සාකච්ඡාවකදී සඳහන් කරන ලදී.

පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් පවසන්නේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝග යෝජනාවකට රජය අත්සන් තබා ඇති බවට ජනමාධ්‍ය වාර්තා තිබියදීත්, ඔහුගේ දැනුමට අනුව, එවැනි පියවරක් දැනට ක්‍රියාත්මක නොවන බවයි. ‘ඩේලි මෝර්නින්’ සමග අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායකවරයා පවසා ඇත්තේ, එවැනි කිසිදු පියවරක් පිළිබඳව පාර්ලිමේන්තුවට හෝ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තමාව දැනුවත් කර නොමැති බවයි.

චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය.

චීනයේ ලොකුම කොම්පැනි එක්ක ජනපති අනුර සාකච්ඡා... ලංකාවට ආයෝජන රැසක් එන

චීන ජනාධිපති ෂී ජින්පිංගේ (Xi Jinping) ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ “Invest in Sri Lanka- Round table meeting 2025” ආයෝජන සැසියට අද (16) පෙරවරුවේ එක්විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.