News Category
From Date
To Date
Maximum Number of Result

මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ කලාපයේ රදවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගත් බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා පවසයි.

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ අද (04) දහවල් සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුසියාව ලෝකයේ ඕනෑම ආධිපත්‍යයක් ප්‍රතික්ෂේප කරන බවත් රුසියාව ලෝකයේ ඕනෑම මහාද්වීපයක තිබෙන ඕනෑම රටක් සමඟ සබඳතා ගොඩනඟා ගන්නේ එහි විශාලත්වය හෝ එහි ආර්ථික හැකියාවන් සැලකිල්ලට ගනිමින් නොවන බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිවුපිටියේදී පවත්වා ඇති දසබල සේනා වැඩසටහන සඳහා ගම්පහ දිස්ත‍්‍රික් පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් රැසක් සහභාගී වී නැති බව වාර්තා වේ.

මහ බැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල (EPF) වෙනුවෙන් 2023 වසර සඳහා 19.5% ක පොලියක් ගෙවා ඇති බව වාර්තා වේ.

කැනඩාවේ සිට අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න පවසා ඇත්තේ තමන් යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා අරගලය නැවත පටන් ගන්නා බවත් ය.

ඉදිරියේදී රටේ සෑම දරුවෙකුටම තම හැකියාවන් හා අභිරුචිය අනුව තම අනාගත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩසටහනකට එක්වෙමිනි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීම ඇතුළු චෝදනාවල දසවන සැකකරු ලෙස නම්කර අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගෙන් රහස්‍ය ප්‍රකාශයක් සටහන් කිරීම සඳහා ඔහු අද (04 දා) තමන් හමුවට ඉදිරිපත් කරන ලෙසට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉකුත් දා නියෝග කළාය. එමෙන්ම ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද එහිදී නියම කෙරිණි.

2022 වසරට අදාළව සේවක අර්ථසාධක අරමුදලේ බිලියන 21 ක ප්‍රතිලාභ ගෙවීමට මැදිහත්ව කටයුතු කරන ලෙස ඉල්ලමින් ගෙවිඳු කමාරතුංග මහතා, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබේ.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.