ආණ්ඩුව බලය ගන්න විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළත්, පාලනය සම්බන්ධයෙන් අත්දැකීම් නැහැ.. උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට සාධාරණයක් ඉටුනොවීම ගැන කණගාටුයි - අස්ගිරි අනුනාහිමි
සංවර්ධන නිලධාරීන් වර්තමානයේ මුහුණ දී ඇති වෘත්තීය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටහ.
එහිදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මුණගැසුණු අවස්ථාවේදී උන්වහන්සේ අදහස් දක්වමින් කියා සිටියේ, වර්තමාන රජය බලයට පත්වූයේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට සාධාරණය ඉටුකරන බවට ප්‍රතිඥා ලබාදෙමින් වුවද, බලයට පත්වීමෙන් පසු ඒ පිළිබඳ සංවේදීතාවයකින් තොරව කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවයි.
බලය ලබාගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළද, පාලනය සම්බන්ධයෙන් පවතින අත්දැකීම් නොමැතිකම වත්මන් තත්ත්වයට බලපා ඇති බව පෙනී යන්නේ යයිද පැවසූ උන් වහන්සේ රටේ වත්මන් ගැටලුකාරී වාතාවරණය හමුවේ මහානායක හිමිවරුන්ට සෑම ප්‍රශ්නයකටම පාහේ මැදිහත් වීමට සිදුව ඇතැයිද පැවසූහ.
විගණකාධිපතිවරයා වැනි තනතුරු පත්කිරීමට පවා මහානායක හිමිවරුන්ට නිවේදන නිකුත් කිරීමට සිදුවන තත්ත්වයක් අද නිර්මාණය වී ඇතැයිද උන් වහන්සේ පෙන්වා දුන්හ.
වර්තමානයේ සමාජය තුළ විශාල වශයෙන් අපහාස කිරීම්, නින්දා කිරීම් සහ හෙළා දැකීම් සිදුවන බව නිරීක්ෂණය වන බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
මෙම අවස්ථාවට සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..