News Category
From Date
To Date
Maximum Number of Result

2015 දී යහපාලන ආණ්ඩුව යටතේ රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික මැදිහත්වීම යටතේ ආරම්භ වූ රණවිරු දඩයම සහ ඔත්තු සේවා බිඳවැට්ටවීමේ ක්‍රියාවලිය අද වන විට උච්චතම අවස්ථාවට පැමිණි ඇති බවත්, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීම මගින් එය වඩාත් සනාථවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රටේ ජාතික ආරක්ෂාවට, රාජ්‍යයේ ආරක්ෂාවට සහ රාජ්‍ය යන්ත්‍රණයේ පැවැත්මට බිහිසුනු තර්ජනයක් එල්ලවී ඇති බවත්, යුද්ධය අවසන් වූ පසුව රටට හතුරු බලවේග විසින් යුද්ධය අවසන් කිරීමට දායක වූ ත්‍රිවිධ හමුදා නායකයන්ට දඩුවම් කළ යුතු බවට දිගින් දිගටම පැවසූ බවත්, වර්තමාන ආණ්ඩුව එම බලවේගවල උවමනාවන් අද ඉෂ්ඨ කරමින් සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

අන්තර්ජාතික DJ ශිල්පියකු වන ටොම් මොනාගල් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්කෙහි ඊශ්‍රායල ජාතිකයන් ගැවසීම සහ ඔවුන්ගේ ව්‍යාපාර වැඩිවෙමින් පැවතීම පිළිබඳව කනස්සල්ල පළකර ඇත.

අද අද වන විට මෙරට සියලු සතුරන්ගේ ප්‍රබලම අභියෝගය බවට ජනාධිපති අනුර දිසානායක මහතා පත්ව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීම තුළින් ආණ්ඩුව ප්‍රදර්ශනය කරන්නේ අභිසාරිකාවක් සල්ලාලයෙක් සතුටුකරන්න උත්සාහ දරනවා සේ ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ.

වැව් රක්ෂිත සලකුණු කිරීමේ කටයුතු මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදු නොකරන බව, එම දෙපාර්තමේන්තුවේ අතිරේක මැනුම්පති (ක්ෂේත්‍ර) එන්.කේ.යූ. රෝහණ මහතා සදහන් කලේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන අතර එම තීරුබදු අඩුකරගැනීම සඳහා අමෙරිකාව සමග සිදුකරමින් පවතින සාකච්ඡා මෙතෙක් සාර්ථක වී නොමැති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

මාසිකව සිදු කරන ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර ඇත.


ප්‍රධාන පුවත්

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.